හාය්, ඉතාමත් ලොකු කාලයකට පස්සේ නේද? අද මට හිතුණා මං කර කර හිටපු බ්ලොග් එක ආයෙම කන්ටිනිව් කරානම් හොඳයි කියල, මොකද ගෙදර නිකන් ඉන්න එකේ, වගේම කලාස් එකත් මාසයක් ම නිවාඩු දුන්නනේ. කරන්න වැඩකුත් නැති එකේ පෝස්ට් ටිකක් දාන්න හිතුණා.. (නිකන් FB වල කාලෙ කකා ඉන්නෙ නැතුව). නම කියවපුවහම මොකද්ද මේ වෙන්න යන්නෙ කියල බලනව ඇති. මට හිතුනා ඕගොල්ලො ගොඩක් භාවිත කරත් දන්නෙ නැති කරුණු කාරණා ටිකක් කියල දාන්න. මේ තියෙන්නේ ඒ පොස්ට් එකයි.
uTorrent කියන්නෙ ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලයින් එකක් තියෙන හැම කෙනාටම අනිවාර්ය දෙයක්. වැඩසටහන පොඩි වුනාට ඉක්මනට ඕන කරන ෆිල්ම්ස්, ගේම්ස්, අලුත්ම ටීවි සීරිස් වගේ මිල කරන්න බැරි දේවල් නොමිලේ බාගන්න පුලුවන්. දැන් හොඳ ඩේට පැකේජ් තියෙන නිසා ඩොන්ගල් වලින් පවා කට්ටිය ඩවුන් කරගන්නව. ඒ එක්කම කියන්න ඕන අපේ කට්ටිය වයි-ෆයි හොට්ස්පොට් එකක හොඳට සිග්නල් එනව දැනගත්ත ගමන් කරන්නෙ ටෝරන්ට් එකක් දාන එක. අන්තිමේදී ඒ අයිපී එකෙන් වයි-ෆයි හරහා ෆේස්බුක් වත් යන්න බැරි විදිහට බ්ලැක්ලිස්ට් වෙලා තමා නවතින්නේ, ;) පියර්-ටු-පියර් නිසා ආරක්ෂාව හොඳ නැහැයි කිව්වට තමන්ගේ පරිගණකයේ නිතර අප්ඩේට් වන වෛරස් ගාඩ් එකක් හා ඩවුන් කරන්නෙ ටෝරන්ට් හෙල්ත් එක බල නම් ප්‍රශ්නයක් නෑ. අනික් ඒවාට සාපේක්ෂව uTorrent සරලයි, භාවිතයට පහසුයි. ඉතින් මං මේ පොස්ට් එකෙන් හිතනවා ඔයාලගෙ දැනුමට අලුතෙන් යමක් දෙන්න පුලුවන් උණා කියලා. හැම දෙයක්ම වගේ ආවරණය කරලයි තියෙන්නේ. ඔය ටික දැන් පහලට කියවගෙන යන්ඩලා කෝ.
භාවිතයේදී..
මෙය ස්ථාපනය කිරීමට දැනට තියෙන සෑම මෙහෙයුම් පද්ධතියකම පාහේ පුලුවන. ඇපල් නම් 10.5 වලින් උඩ වෙන්න ඕන. මේක නොමිලේ කාටත් ලබාගන්නට පුලුවන් උනාට මෙහි කේත ලබා දෙන්නෙ නැහැ. මැක් වලට වෙනම වර්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ලිනක්ස් වැඩ කරන අයට කමාන්ඩ් ලයින් වලින් වැඩ කරන එක විතරයි දැනට තියෙන්නේ, ඒත් ඉස්සරහට අතුරු මුහුණතක් සහිතව ඒවි. ඔබ දැක ඇති රතු පාට ඉහලට සහ පහලට ඊතල දැක්වෙනව. ඒකට හේතුව ටෝරන්ට් එකට අදාල ට්‍රැකර්ස් නැති වීම, ඒ කියන්නේ ට්‍රැකර්ස් ඕෆ්ලයින් ගියාම මෙහෙම වෙනව. එහෙම නැත්නම් ඒවායේ දරන ධාරිතාව ඉක්මවා යාමක් අදහස් කරන්නේ. මොකද්ද හරියට ම වෙලා තියෙන්නෙ කියල බලාගන්න Tracker Tab එකට යන්න. (ටෝරන්ට් ගැන ලිපියක් වෙනම පල කරයි)
මේ විදිහට අයිකන වල තේරුම කියන්න පුලුවන්
(ඉවර වෙනකම්ම කියවන්න ඕනෙ..හරිද?)
ටෝරන්ට් වල නම වෙනස් කරගන්නට පුලුවන් ඒ සඳහා නම සිලෙක්ට් කරල F2 ඔබන්න. ඕන කරන නම යොදා ගොනුව ReName කරන්න පුලුවන්. ඒ වගේම මේකෙ තියෙනව Labels කියල දෙයක්. ඒක මේ මෘදුකාංගයේ වැදගත් අංගයක්. ගොනු හඳුනාගන්නට එය යොදාගන්න පුලුවන්. මේක තේරුම් කරන්න උදාහරණයක් දෙන්නම්. දැන් තමන්ගෙම ට්‍රැකර් ලිස්ට් එකක් ඔස්සේ බාගත කරන ගොනුවක් පොදු ට්‍රැකර්ස් වලින් බාගත වන ගොනු වලින් විශේෂ කර දක්වන්න ලේබල් යොදාගන්නවා. ගොනුවේ රයිට් කර New Label මගින් අලුත් එකක් හදාගන්නත්, පවතින නමක් වේ නම් එය නැවත වෙනත් නමක් යෙදීමටත්, රයිට් ක්ලික් කර Labels -> Remove Label මගින් එය ඉවත් කරන්නත් පුලුවන්. භාවිත නොකරන ලේබල් ඉබේම ඉවත් වේ.
ගුණාංග..
මේකෙ ගුණාංග ගත්තහම ආරක්ෂාව අතින් අනික් ටෝරන්ට් ක්ලයන්ට් වලට වඩා ඉහලින් ඉන්නවා. PE කියන ප්‍රොටෝකෝලයට සහය දක්වන නිසා අන්තර්ජාල සේවාදායකයාගෙ ට්‍රැෆික් එක throttling සහ අවහිර කරන්න හැකියාවක් තියෙනව. එහිදී Disable මගින් යන සම්බන්ධතා එන්ක්‍රිප්ට් නොවන අතර එන ඒවා විතරක් එන්ක්‍රිප්ට් වේ. Enable අවස්ථාවේදි යන සම්බන්ධතා එන්ක්‍රිප්ට් කරන්න උත්සහ කරන අතර එසේ කිරීමට නොහැකි වූ විට එන්ක්‍රිප්ට් නොවූ සම්බන්ධතාවයක් සංසරණය කරයි. Force එනැබල් ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර මෙහිදී unEncrypted Connection සංසරණය වීමක් සිදු නොවේ. Allow මෙහිදී එන යන සියලු සම්බන්ධතා සංසරණය කිරීමට ඉඩ ලබාදේ. ආකාර දෙහෙක එන්ක්‍රිප්ෂන් ක්‍රමයක් භාවිතා කරන නිසා allow option එක නිර්දේශ නොකෙරේ. (All about Encryption යනුවෙන් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න)
මේ දේවල් වලට අමතරව DHT and Peer Exchange සඳහා සහය දක්වයි(Distributed Hash Table, technical explanation(DHT) ගැන ඉදිරියට දැනගන්න ලැබේවි). ට්‍රැකර්ස් නොමැති ටෝරන්ට් ගොනු බා ගැනීමටත්, දැන් පවතින නව ක්‍රමයක් වන මැග්නට්(Magnet Link) පහසුකම ලබා ගැනීමටත් හැකිවේ. මැග්නට් ලින්ක් යනු කාන්දමක් සේ අවශ්‍ය කරන ගොනු ලිපිනය කොපි කර ක්ෂණිකව මෘදුකාංගය ආරම්භ කර බාගත කිරීමට සකස් කරයි. මෙහිදී *.torrent ගොනුවක් බාගත නොවේ. මේ පහසුකම තිබෙන අඩවි වල කාන්දමක හැඩයේ අයිකනයක් ඇත්නම් එම පහසුකම ඔස්සේ ඔබට එම ටෝරන්ට් එක අරගන්න පුලුවන්.
ඒ වගේම ඔයාලට වෙබ් අතුරුමුහුණතක් ආකාරයෙන්ද ටෝරන්ට් ගොනු ලබාගන්න පුලුවන්. ඒකට කියන්නෙ 'රිමෝට්' කියල, එනම් දුරස්ථව සිට ගොනුව බා ගැනීමයි. තවද පරිගණකයේ පොර්ට්ස් ෆෝවර්ඩ් කරගන්න Universal Plug'n'Play නම් ගුණාංගයක් මෙහි ඇත. එසේම සුපර් සීඩින් පහසුකමද පවතී. ඒ කියන්නේ, මෙක විශේෂ ඇල්ගොරිතම් එකක්. මේකෙදි ස්වර්ම් එහෙක ඉන්නෙ එක සීඩර් කෙනයි. බාගත කරන්නාට ටෝරන්ට් එකේ තෝරාගත් කොටසක් පමණක් ලබා දේ, පියර්ස් වශයෙන් සීඩ් කිරීම සමාන වේ. මේ අනුව අඩු කාලයකින් ටෝරන්ට් ගොනුව බාගන්න පුලුවන්.
විශේෂ යතුරක් (Hot-Key) එබීමෙන් මෘදුකාංග වින්ඩෝව පෙනෙන හෝ නොපෙනෙන කිරීමටත් සිස්ටම් ට්‍රේ අයිකනයට එසේ කිරීමටත්, කිහිප දෙනෙක් ඔබගේ පරිගණකය භාවිතා කරයි නම් පාස්වර්ඩ් යොදා මෙවන් ක්‍රියා පාලනය කිරීමටත් හැකියාව පවතී. Option -> Preferences -> General Tab එකෙන් මේ කටයුතු කරගන්නට පුලුවන්. එහි Boss-Key කියන්නෙ ඒකටයි.
මේ සියල්ලටම අමතරව මීඩියා ගොනුවක්, එනම් ගීතයක් චිත්‍රපටියක් වැනි යමක් බාගත වන ගමන් බලාගන්න පුලුවන්. ඒ නිසා ව්‍යාජ බාගත කිරීම් වලට නොරැවටී ඉන්න පුලුවන්. ව්‍යාජ නොවන ගොනුවකදී එහි වැඩි සීඩ් ප්‍රමාණයක් හා පොසිටිව් ආකාරයේ කමෙන්ට්ස් පවතී. ඒ වගේමයි තියෙන සමාන ටෝරන්ට් වලින් පියර්ස් අඩුම එකක් අරගන්න. මේ කිව්වේ මතක තියාගන්න දෙයක්. ටෝරන්ට් වලට කමෙන්ට් කරන්නත් පුලුවන්. පොදුවේ හෝ පෞද්ගලික වශයෙන් අවශ්‍ය විදිහට අදහස් දක්වන්නට පුලුවන්. රේටින්ග් කිරීමටත් පුලුවන්. මේ දෙවල් වලට යන්න ඕන "Rating Tab" එකටයි.
ස්ථාපනයේදී..
ඇත්තටම මෙම මෘදුකාංගයේ සෙටින්ග් සහ අරගත්තු ටෝරන්ට් සෝර්ස් ෆයිල් ටික පරිගණකයේ %AppData%\uTorrent කියන තැන පවතී. පරිගණකය ෆෝමැට් කරදිදි මේ සියල්ල ඉවත් කෙරේ. අන්න ඒ නිසා මේවා බැකප් කරගන්න පුලුවන් විදිහටයි හදල තියෙන්නෙ, ඉහත පාත් එකටම ගිහින් වෙන ඩ්‍රයිව් එහෙකට හරි පෙන් එහෙකට කොපියක් අරන් ආයෙ ඕන වෙලාවට මේ ඇඩ්‍රස් එකටම ගිහින් රිප්ලේස් කරන්නයි තියෙන්නෙ. කලින් හදාපු සෙටින්ග්ස් එතකොට නැතිවෙන්නෙ නැහැ. අපේ මේ වැඩසටහන ඕන නම් පෙන් එහෙක වුනත් දාගෙන ගිහින් ඕන තැනකදි තමන්ගෙ ටෝරන්ට් සෙටින් හා ෆයිල්ස් භාවිතාකරගන්නට පුලුවන්. එයට නැවතත් %AppData%\uTorrent ගොස් එම ෆෝල්ඩරයේ සෙවුමක් දමන්න, settings.dat කියල ෆයිල් එකක් එයි. ඒ ෆයිල් එක පෙන් එකට පේස්ට් කරගන්න අර uTorrent folder එකම. එහි 3 සංසකරණයේ ඉඳලා පෝටබල් විදිහට වැඩකරගන්න හදාගන්න පුලුවන්. එම සෙටින්ග් ඩිෆෝල්ට් තත්වයට අරගන්න settings.dat & settings.dat.old යන දෙක ඩිලීට් කරන්න.
ජාලගත වීමේදී..
එකම පෝර්ට් එකෙන් නොව පවතින පොර්ට් කිහිපයෙන් මාරුවෙන් මාරුවට දත්ත එවන සහ යවන නිසා පරිගණකයේ ෆයර්වෝල් වැඩසටහන අවවාද පනිවිඩ ලබා දේ. නමුත් එයින් කිසිදු අනතුරක් නැත. ඒ වින්ඩෝස් වල හැටියක්. මේ වැඩසටහන ස්ලොව්ද? එහෙනම් ඔබේ අන්තර්ජාල වේගය අනුව සැකසුම් නියම විදිහට හදල නැහැ. මේ කටයුත්ත පහසුවෙන් කරගන්නට Options -> Setup Guide අනතුරුව "Run Test" ඔබන්න. ඉබේම සැසුම් සෑදේවි. Save & Close the window. දැන් සාමාන්‍ය තත්වයෙන් වැඩ නේද? ටෙස්ට් එක ෆේල් වුනානම් හරි තවම මදි වගේ නම් හරි අවුලක් නැහැ මැනුවලි අප්ලෝඩ් වේගයක් ලබාදෙන්න. ගොඩක් වේගයක් හරි අඩුම වේගයක් වගේ නොගැලෙපෙන එකක් තෝරාදෙන්නත් එපා. ඒත් ස්ලෝ වෙන්න පුලුවන්. හරි එක හදාගන්න. පෝට් ෆෝවර්ඩ් කරද්දි පෝර්ට් අංක 6881 ත් 6889 ත් හෝ ඊට පහල 1025 දක්වා අරගන්න එපා. 25 හෝ 110 වගේ පෝර්ට් එකක් කමක් නෑ කියලයි කියන්නේ. HTTP Proxy සහ UDP Sock5 වලට සහය දක්වයි. තවත් දෙයක් ඔබගේ ටෝරන්ට් එක ශෙඩියුල් කරල ස්පීඩ් ලිමිට් කරන්න, මුලු වේගයම අරගන්න, යම් කාලයකදී (පැය/දවස්) පමණක් බාගත කරන්න, සීඩ් වීම නවත්වන්න කාලයක් දෙන්න වගේ දෙවල් කරගන්න පුලුවන්. ඒ සඳහා ප්‍රිෆරන්ස් වල ශෙඩියුල් යටතට යන්න.
වැරදි පණිවිඩ..
මෙවැනි එරර් ඔයාලත් ඇවිල්ල ඇති. ආය එන්න නැති කරන්න..
◘ 'Error: The system cannot find the path specified'. වගේ පණිවිඩයක් ආවොත් කරන්න තියෙන්නෙ පුලුවන් තරම් දුර අඩු පාත් එහෙක සේව් කිරීමයි. එනම් D:\torrents වගේ. මේකට හේතුව වැඩසටහන උපරිම සහය දක්වන්නේ අකුරු 255කට විතරක් වීම
◘ 'Error: Unable to save the resume file?' මේ වෙලාවට %AppData%\uTorrent ගිහින් වැඩසටහන ඉවත් කර නැවත් ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ අලුතෙන් හදාගන්න ෆයිල් දෙකක් settings.dat and resume.dat කියල. තියෙන ෆෝල්ඩරේ ඒ කියන්නෙ අලුතෙන් ඩවුන්ලෝඩ් කරපු uTorrent File Location එකේ. මතක ඇතුව වින්ඩෝස් වලදි එක්ස්ටෙන්ෂන් එක පෙනෙන සේ හදාගන්න. [Tip: Goto folder option, then diselect 'Hide extension on know file type' under view tab ]
◘ Show Status bar message as Disk Overloaded: ගිගාබයිට් කිහිපයක ටෝරන්ට් එකක් අරගද්දි මෙහෙම වෙන්නෙ. නියම ඉඩ ප්‍රමාණය එහි තියේ නම් මේක ගණන් ගන්න එපා. මොකද මෙහෙම එන්නෙ වින්ඩෝස් විසින් ඒ වගේම ඉඩක් වෙන් කරගන්නව හාඩ් එකේ ඒ ඩේටා එක ලියන්න.
◘ 'Error: Data Error (cyclic redundancy check)' and my torrent halts: ඔබේ හාඩ් ඩිස්කයේ වරදක්. පරණ හාඩ් වල මේ ගැටලුව එන්නෙ. මේකට හේතුව බෑඩ් සෙක්ටර් නිසා ඩේටා ලියන්න කියවන්න අපහසු වීම. එහෙම නැතුව අලුත්ම හාඩ් එහෙක ආව නම් හාඩ් එකේ දෝෂයක්. ලාබ හාඩ් වලට මෙහෙම වෙන්න පුලුවන්.
නොගැලපෙන මෘදුකාංග..
යූ-ටෝරන්ට් වලින් ගන්න මෙමරි ප්‍රමාණය වැඩි වුනාම පරිගණකය ස්ලෝ වෙනව නේ, මේ වගේ අසාමාන්‍ය ලෙස භාවිතය වැඩිවන්නෙ නොගැලපෙනසොෆ්ට්වෙයා නිසයි. ඔබ අලුත් ගේම් ගහනවා නම් හරි බරපතල විදියේ ඇනිමේෂන් හෝ ග්‍රැෆික් කරනව නම් හොඳ ව්විඩියෝ කාඩ් එකක් ඕන කරනවනේ. ගොඩක් අය NVIDIA නෙ යූස් කරන්නෙ. ඕකෙ ඩ්‍රය්වර්ස් දාද්දි NVIDIA firewall install වෙනව පරිගණකයට එහෙම වෙලාවට ඒක අයින් කරගන්න පුලුවන්. මොකද පරිගණකයේ හොඳ එකක් තියෙන නිසා. සමහර නෙට්වර්ක් මෘදුකාංග මෙකට හේතුව වෙන්න පුලුවන්. සැක හිතෙන එවැන්නක් තියේ නම් අයින් කරන්න. 'Access Denied' or 'The process cannot access the file because it is being used by another process.'.ආකාරයට පණිවිඩයක් ආවොත් කරන්න තියෙන්නෙ වෛරස්ගාඩ් එක පොඩ්ඩකට නවත්වල ෆයිල් එක අරගන්න එක. ඒත් බලගෙන ඕක වෛරස් එකක් වෙන්නත් පුලුවන්. එය නැත්නම් ඩවුන්ලෝඩ් ලිස්ට් එකෙන් ඉවත් කරන්න. මේ ෆයර්වෝල් නිසා යු-ටෝරන්ට් ක්‍රෑෂ් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විටෙක uTorrent freeze (අක්‍රීය) වෙන්නත් පුලුවන් ඒ වගේ වෙලාවට පරිගණකය රීස්ටාට් කරන්න. පරිගණකයට උහුලන්න බැරි විදිහට වෙනමෆයර්වෝල් දාලා ඒක ස්ලොව් කරගන්නෙ නැතුව අවාස්ට් ෆ්‍රී වගේ එකක් දාලා නිදහසේ වැඩ කරගන්න. නිකම් හම්මුන හෝ තිබ්බ පලියට දාගත්තට කාටවත් සෙතක් නෑ. ව්‍යාපාරික මට්ටමේ ෆයර්වෝල් ගෙදර පරිගණක වල තියෙනව දැකල තියෙනවා. ඒ මනුස්සය කොච්චර දුකක් විඳිනව ඇද්ද වැඩකරන්න. අන්න ඒ නිසා මේ පණිවිඩයත් හිතට අරගන්නකෝ.
දෝෂ නිරාකරණය
ටෝරන්ට් එක 99% දි නවතිනවද? එපා වෙනව නේ එතකොට. මෙහෙම වෙන්නේ ටෝරන්ට් එක යම් හේතුවක් නිසා හෝ අප්ලෝඩ් කරපු කෙනා සම්පූර්ණ එකම අප්ලෝඩ් නොකර සිටීම. එහෙම නැත්නම් සීඩර්ස්ල ඒ ෆයිල් අරගෙන seed stop කරොත්, හිටියෙ එයා විතරක් නම් වුනත් මෙහෙම වෙනව. ඒ වගේම දැනගන්න ටෝරන්ට් එක ඩවුන් වෙන්න දැම්ම ගමන්ම ඒක වෙන්නෙ නෑ. පෝස් වෙලා හොයනවා වේගවත් සීඩර්ස්ල ඉන්න ට්‍රැකර්ස් අන්න ඊට පස්සෙ තමා ඩවුන් වෙන්න පටන් ගන්නේ.
අනෙකුත් කරුණු
ඔන්න ඔයාලට මේකෙ බග් එකක් හමුනොත් uTorrent Forum [Link] එකට ගිහින් හොඳට හොයල බලල පෝස්ට් කරන්න බග් එක, සමහර විට ඔයාට කලින් වෙන කෙනෙක් දැකල තියෙන්නත් පුලුවන්නේ. :D අන්න ඒක නිසයි කිව්වේ. දැන් කියන්නම්කෝ DHT කියන්නෙ මොකද්ද කියල. මේක මධ්‍යගත නොවූ ජාලයක් පියර්ස්ල නැති ට්‍රැකර් භාවිත කරන්න පුලුවන් මේ හරහා. නොයෙක් මූලාශ්‍ර වලින් අවශ්‍ය කරන ෆයිල් එක ලබා දෙනවා සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මණින්. තව දෙයක් තමන්ගේ නෙට්වර්ක් එකක් තියෙනව නම් ඒකේන් ඕන කරන අයිපී වලට විතරක් ටෝරන්ට් අරගන්න ඉඩ දෙන්න පුලුවන්. මුලින්ම preference -> advance ගිහින් ඒක සක්‍රීය කරන්න ඕන එතකොට uTorrent AppData වල ipfilter.dat කියල එකක් හැදෙනව. දැන් ඔයාගෙ වැඩේ හරි.
uTorrent windows ආරම්බයේදී කුඩා ලෙස සකස් කරගන්න පුලුවන්. ඒකට
Start -> Run -> regedit go to HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\
CurrentVersion\Run , double click on µTorrent's entry, and append /MINIMIZED to the end of the command.
දැන් uTorrent flags වලින් මොනව කියනවද කියල බලමු,
ඔපමණයි මට මේ ගැන කියන්න තියෙන්නේ, කියෙව්වාට ගොඩක් ස්තූතියි මිතුර, ඊලඟ පෝස්ට් එකෙටත් සෙට් වෙන්ඩ ඔන.. සුබ දවසක් වේවා
UPDATE: other useful here.. [Link]