Friday, May 23, 2014

Permenent Delete Your Hard Disk Data | සදාකලිකවම මකා දමන හැටි..

පරිගණකයේ යම් යම් දත්ත මකා දැමූ විට ඒවා Recycle Bin එකට යන බව ඔබ දන්නවනේ.Recycle Bin තුළ ඇති දත්ත ඩිලීට් කරොත් හෝ අදාල ෆයිල් එක කෙලින්ම Shift + Delete මගින් ඉවත් කරොත් දත්ත සම්පූර්ණයෙන්ම ඉවත් වේ යැයි ඔබ සිතනවද? නැහැ. එය අලුත් දත්තයක් ඒ මත තැන්පත් වනතුරු හාඩ් ඩිස්ක් එක මත සැඟවී පවතී. මේවා Data Recovery Software වලින් නැවත ලබාගත හැකිවන්නේ එබැවිනි. ඇත්තටම මෙහිදී වෙන්නේ, වින්ඩෝස් මගින් සකස් කල Index Table එකෙන් ඔබගේ ෆයිල් එක ඉවත් කිරීමයි. නමුත් ඇත්තටම එය හාඩ් එකේ පවතී. දැන් තේරුණානේ?. දැන් අපි බලමු දත්ත සම්පූර්ණයෙන්ම මකන්නේ කොහොමද කියලා..
අපිට ක්‍රම 3ක් තියෙනවා මේ වැඩේ කරගන්නට..

1 ක්‍රමය: DBAN මෘදුකාංගයෙන්..

DBAN යන වෙබ් අඩවියට ගොස් මෘදුකාංගය ලබාගන්න. දැන් ඔය අරගත්ත *.iso ඉමේජය CD එකකට බර්න් කරගන්න. ඒකෙන් මුලුමනින්ම මකා දමන්න ඕන හාඩ් ඩිස්ක් එක ඇති පරිගණකයෙන් බූට් කරන්න. දැන් ලැබෙන තිරයෙන් ඕන කරන පාටිෂන් එක තෝරා දෙන්න. විශේෂයෙන් කියන්න ඕන මේ වැඩේ කරද්දි ටිකක් පරිස්සමෙන්. මොකද වැරදි එකක් තෝරල දුන්නොත් ඒ දත්ත ආය අරගන්න බැරි වෙනවා. මෙහි දත්ත දැන් ඩිලීට් වෙනවා බලන්න පුලුවනි.
මෙමගින් ඔබගේ හාඩ් ඩිස්ක්, මෙමරි කාඩ්, ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ මෙමරි කාඩ්පත් වල දත්ත උනත් නැවත ලබාගත නොහැකි වන ලෙස මකා දමයි. මෙය ඕනෑම පැරණි පරිගණකයක් මත ධාවනය කල හැකි අතර පවතින දත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපූරු සමත්කමක් දක්වයි. 



2 ක්‍රමය: තෝරා බේරාගෙන ෆයිල් අයින් කිරීමට..

මුල් ක්‍රමයෙන් හැම දෙයක්ම අයින් වෙන නිසා ටිකක් ප්‍රවේශමෙන් කරන්න ඕන. ඒ නිසා ඔබට දෙවන ක්‍රමයෙන් විසඳුමක් ලබාගන්න පුලුවන්. ඔබට ඕන කරන ගොනු වගේම අයින් කරන්න ඕන ගොනු යන දෙකම එක පාටිෂන් එහෙක තිබ්බොත් ඔයාලට මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.ඕන නැති එව්වා විතරක් අයින් කරගන්න මේකෙන් පුලුවන්.

Windows වලට නම්,
Mac  වලට නම්, 
Permanent Eraser, Disk Utility (In-build), SRM
Ubuntu  වලට නම්,
Wipe Package (Embedded with Ubuntu unleashed) 

3 ක්‍රමය..

 මොනව වුනත් ඉහත ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රමයක් තියෙනව.හාඩ් එක විනාශ කිරීමෙනුත් පුලුවන්නේ. ඒකත් සාර්ථක ක්‍රමයක් නම් තමා :D. බොහෝ මෘදුකාංග නිපදවන්නෝ මෙන්ම පරිගණක ආරක්ෂණ සමාගම් ඕන නැති හා පරණ දත්ත විනාශ කරන්නේ හාඩ් ඩිස්ක් පිටින්ම විනාශ කිරීමෙනි. නමුත් ඔයාලට එහෙම කරන්න බොහෝ විට ඕන නැති වෙයි. 

ඔබගේ පරිගණකය වෙන කෙනෙකුට විකිණීමේදී මේ ක්‍රමයට ඔබේ පුද්ගලික දත්ත මුල් ක්‍රමය යොදාගෙන මුලුමනින්ම මකා දමන්න. 




No comments:

Post a Comment

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...