Monday, January 13, 2014

ගූගල් දෙවියන් අපට දුන් දායාද | Gifts from Google

අද මේ කියන්න යන්නේ මූලිකවම ගූගල් සමාගමේ ඩෙස්ක්ටොප්, මොබයිල්, ඔන්ලයින් නිෂ්පාදන ගැනයි. මෙහිදී ප්‍රධාන නිපැයුම් පමණයි ඉදිරිපත් කරන්නේ. සමහර නිෂ්පාදන ඒකාබද්ධ කල, බැහැර කරන ලද හා නම අලුත් කරන ලද නිෂ්පාදන වශයෙන් බෙදිය හැකිය. සමහර දේවල් ගැන ඔබගේ දැනුවත් භාවය ලබා දීම මෙය ඉදිරිපත් කිරීමේ තවත් අරමුණක්.

වෙබ් පාදක වැඩසටහන් (මේවා අනිවාර්යෙන්ම වෙබ් බ්‍රවුසරයක් මත පදනම් විය යුතුය.)

සෙවුම් උපාංග >>

• Google search - මෙය ප්‍රධානම ගූගල් නිෂ්පාදනයයි. මෙය සමාගමේ මුල්ම නිපැයුමයි. 1999 සැප්තැම්බර් 21 දින සිට බීටා තත්වයේ සංස්කරණයක් ඉදිරිපත් කරන ලදී. එතැන් පටන් මෙහි ජනප්‍රිය බව සහ ප්‍රසිද්ධිය ඒකාකාරිව වැඩිවුණා මිස අඩු වූයේ නැත. මසකට සෙවුම් බිලියන 100 ක පමණ ලොව පුරා සිදුවන අතර මිනිසුන් වැඩිපුරම භාවිත කල සෙවුම් යන්ත්‍රය බවට පත් විය. ඔවුන් උප ඩොමේන ඔස්සේ ලෝකයේ විවිධ කලාප වලට වෙන වෙනම සේවාවන් පවත්වාගෙන යයි. මේ වනවිට රටවල් 189 කට පමණ ඔවුන් තම සේවය සපයයි.  මේ නිපැයුම කරන්න භාවිතා කරල තියෙන්නෙ, Javascript, Python, C, C++ යන භාෂාවන්ය. මෙය නඩත්තුවට ආදායම ලැබෙන්නේ ඇඩ්වර්ඩ්ස් හරහාය. මේ නිෂ්පාදනය යටතේ තවත් විවිධ විශේෂාංග එක් කර තිබෙනවා.



  • Hummingbird ~ විස්තරාත්මක ප්‍රශ්න විශ්ලේෂණ ක්‍රමයකි. මෙය ගූගල් සමාගම වැඩිදියුණු කල විශේෂ සෙවුම් ඇල්ගොරිතමයකි.  2013 සැප්තැම්බර් 27 වන ඔවුන්ගේ 15 වන උපන් දිනය දා මෙය එලි දැක්විනි. වඩා මිනිසුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගැනීමක් මෙම තාක්ෂණයට පවතී.
 FYI: http://searchengineland.com/google-hummingbird-172816

  • PageRank ~ වෙබ් ලින්ක් විශ්ලේෂණ ඇල්ගොරිතමයකි. තමන්ගේ වෙබ් අඩවියේ තත්වය මැන ගැනීමට මේ නිසා වෙබ් අඩවි පාලනය කරන අයට හැකිවේ.
  • Snapshots ~ අන්තර්ජාලයේ පවතින විවිධ ගොනු ඒකාකාරව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයකි.
  • Search engine optimization ~ වෙබ් තදබදයේ ප්‍රමාණය සහ තත්වය වැඩිදියුණු කිරීමට උදව් කරන අංගයකි.
  • Google Search functionality ~ බූලියන් තාර්කික මෙහෙයවීම්, වයිල්ඩ්කාර්ඩ් (*.torrent, facebook? ආදි වශයෙන් යොදාගත හැකිය) ආදී විශේෂ ක්‍රමවේද ඔස්සේ භාවිතා කරන්නාට පහසු පරිද්දෙන් තමාට අවශ්‍ය කරන දේ ලේසියෙන් සොයාගැනීමට උපකාරි කරන අංගයකි.
  • Multiple languages ~ මේ වන විට සිංහල ඇතුලු විවිධ භාෂා ගණනාවක් ඔස්සේ තමන්ට ඕන කරන දේ පිලිබඳ විස්තර සොයා බැලීමට දැන් පුලුවන.




• Encrypted Search - මෙය මඟින් ඔබගේ පෞද්ගලික භාවය සු‍රැකෙන පරිදි යවන්නා සහ ලබන්නා පමණක් සොයන සෙවුම ගැන දැනගන්නා SSL මත ක්‍රියාත්මක වන විටිනා සේවයකි. ඔබගේ සෙවුම් දත්ත ගැන පිට කෙනෙකුට අවබෝධයක් ලබාගන්නට බැරි වේ. මේ සඳහා encrypted.google.com

Accessible Search – විශේෂ අවශ්‍යතා ඇති අය උදේසා සැකසූ විශේෂ සේවයකි. ප්‍රමුඛතාවය අනුව ඔවුන්ට පහසුවෙන් වැඩට යෙදිය හැකි සහ ඉක්මණින් ලඟා විය හැකි සෙවුම් කරන්නට පුලුවන්. එසේ නොමැති වුනොත් එය මෙවන් පුද්ගලයන්ට බලවත් අපහසුවක් වීමට ඉඩ තිබිණි.

• Author Rank - ඔන්ලයින් ලේඛකයන්ට කාලෝචිත අධිකාරි බලයක් ඔස්සේ සෙවුම් ප්‍රතිඵල ලබාගන්නට පුලුවන.

Google Alerts - ඊමේල් මඟින් තොරතුරු දැනගැනීමට හැකි සේවයකි. ‍තෝරාගත් සෙවුම් වචන මත පදනම්ව යාවත්කාලීන වූ නව තොරතුරු ඔබට ලබා දේ. ඔබ ඊමේල් මඟින් ලබා ගැනීමට සකස් කල නවතම පුවත්, වීඩියෝ සහ වෙබ් ප්‍රතිපල ඇතුලු බොහෝ වැඩ ගණනක් ඔබට ඊමේල් මඟින් මතක් කිරීමට පුලුවන.

Blog search – වෙබ්ලොග් සෙවුම් යන්ත්‍රයක් වන මෙය නොකඩවා යාවත්කාලින වන ශ්‍රේණිගත කරන ලද සෙවුම් විශේෂාංගයකි. මේ සෙවුම් ප්‍රතිපලයට ලෝකයේ තියෙන සියලුම බ්ලොග් අඩවි තොරතුරු පමණක් වෙනම සොයා බලා අදාල තොරතුරු ඇති තොරතුරු ඔබට ලබාදේ. මෙහිදී දිනය අනුව සෙවීම් කරන්නටත් පුලුවන්.

Google Books (Print) – පොතක අඩංගු සියලු දේ ඩිජිටල් ආකාරයෙන් සොයා බැලීමට දැන් පුලුවන්. ගූගල් සමාගම විසින් මේ පොත් ස්කෑන් කොට ඔවුන්ගේ ඩේටාබේස් තුල රඳවයි. එවිට අපට එම පොත බලාගන්නට පුලුවන්. මෙහි තියෙන පොත් එහි ප්‍රකාශකයන්ගේ යම් යම් සීමාවන්ට යටත් ව ඉදිරිපත් කරයි. සමහර පි‍ටු පෙන්නුම් නොකරන අතර පොත් වල කෙටි උපුටා ගැනීමක් ලෙස ඉදිරිපත් කරයි. මෙහි අරමුණ විය හැක්කේ ඩිජිටල් පුස්තකාලයක කාර්යයි. එනම් යම් පොතක් මේ සේවය ඔස්සේ කියවා බලා අවශ්‍ය නම් මිලදී ගන්නටත් පුලුවන්.

Google Custom Search – තමන්ගේ වෙබ් අඩවියකට ගූගල් වල සෙවුම් ඇතුලත් කරගැනීමට නම් ඔබට මේ සේවය ඔස්සේ ඉඩ සලසා දීමට පුලුවන. එය තමන්ට රිසි පරිදි හදා ගන්නටත් පුලුවන්. එය නම වෙනස් කොට දැන් තියෙන්නේ "Google Free Search " ලෙසයි.

• Directory – නාමාවලියන් පරීක්ෂා කර බැලීමට සෑදු අංගයකි. විශේෂයෙන් චීන ජාතිකයන්ට මේ සේවය ලබා දේ.

• Experimental Search – නව අතුරු මුහුණත් වල තත්වය පරීක්ෂා කර බැලීමට එහි සෙවුමක් යෙදීමට සකස් කල අංගයකි. යතුරුපුවරු කෙටි යෙදුම්, අඩවිය බලන්නට ආ පිරිසගේ විස්තර ආදිය බලාගන්න පුලුවන්.

Google Finance – ඇමරිකාවේ ව්‍යාපාරික පුවත්, උපදෙස්, මූල්‍යමය දත්ත සොයාගන්නට තිබෙන සේවයකි. ආයතන වලට විශේෂීකරණය කල පි‍ටු, බ්ලොග් සෙවුම්, අන්තර් ක්‍රියාකාරි සටහන්, විධායක තොරතුරු, ගෲප් වල කල කතාබහ සහ Company portfolio ආදිය බලාගන්නට පුලුවන්.

Google Groups – යම් කිසි අරමුණකට එක් වූ පිරිසකට එකම තැනක තම අදහස් බෙදාගන්නට සකස් කල ඊමේල් ඔස්සේ ඔවුන්ගේ අදහස් දැකගැනීමට හැකි සේවයකි. කැමති ගෲප් එකකට එකතු වෙන්න, ගෲප් හදන්න, ලිපි පලකරන්න, තමා කැමතිඅංශ වල තොරතුරු පමණක් උකහා ගන්න, ගෲප් වල සාමාජිකයන් අතරේ ගොනු හුවමාරු පහසුකම්ද සලසයි. හරියට ඔන්ලයින් ෆෝරම සේවයක් වගේ වැඩ කරන්නට පුලුවන්. 2007 ජනවාරි මාසයේ මේ අලුත් අංග ඉදිරිපත් කරයි. මෙහි තමාටම සකස් කල වෙනම පි‍ටු හදාගන්නටත් පුලුවන්.

Google Hotel Finder - ඔන්ලයින් ට්‍රැවල් ඒජන්ත සේවාවන් ආකාරයේ සේවයකි. සොයන්නෙකුට ඇතුල් වීමේ සහ ඉවත්වීමේ දිනද පරීක්ෂා කරන්නට පුලුවන්. තමා ඉන්න ප්‍රදේශයේ පවතින වැඩි රසික රුචිකත්වයක් ඇති හෝටල් සෙවුම් පෙන්වයි. මේ සේවය නව ගූගල් සෙවුම් සේවයට ඇතුලත් කර ඇත්තේ කටහඬ ඔස්සේ සෙවුම් කරන්නටද හැකි ආකාරයටයි.

Google Image Search – පින්තූරයක ගොනු නාමය ඔස්සේ අන්තර්ජාලයේ ඇති පින්තූර සොයාගන්නට තිබෙන ජනප්‍රියම ගූගල් සේවයකි. එහි අකුරු සහ පිංතූරය අතර සබඳතාව මඟින් සොයන්නාට වඩා සුදුසු දේ පෙන්වයි. පරිගණකයේ හෝ අන්තර්ජාලයේ තියෙන පිංතූරක මේ සෙවුම් පි‍ටුවට Drag & Drop කොට එයට සමාන රූප දැනට තිබෙන අන්තර්ජාලයේ පිංතූර සමඟ සසඳා බලා පෙන්වයි.

• Language Tools – භාෂා ගණනාවක් සමඟ වැඩකිරීමට ඔබට පහසුකම් සපයන සේවයකි. මේ යටතේ වෙබ් අඩවියක අකුරු නිවැරදිව බලාගන්නට ඕන කරන යෙදවුම් සපයයි. භාෂා පරිවර්තනය, වෙබ් පි‍ටු කියවීම සහ ඔබට නොතේරෙන භාෂා එසැනින් තම බසට පරිවර්තනය කරගැනීමට හැකි සේවා වගේම ඒ ඒ රටවල කතා කරන භාෂා වලට උචිත සෙවුම් ප්‍රතිපල ලබාදෙන්නටත් මේ සේවය ලබා දීමේ අරමුණ වී ඇත. මේ නිසා ගෝලීකරණ සංකල්පය ඩිජිටල් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ගූගල් සමාගම කටයුතු කර ඇත. එනම් කවුරුත් තනි නොකර සියලු දෙනාටම තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දීමේ ක්‍රමයක් මේ අනුව ලබා දෙයි.

• Life Search - ගූගල් චීන සේවයේ අඩංගු කර ඇත. එදිනෙදා දැනගැනීමට අවශ්‍ය භාණ්ඩ මිල ගණන්, දුම්රිය කාලසටහන්, කෑම වට්ටෝරු ආදී බොහෝ තොරතුරු චීන බසින්ම ඔවුන්ට දැනගැනීමේ හැකියාවක් මෙහිදී ලබා දේ.

Movies – චිත්‍රපටයක් අලුතෙන් ප්‍රදර්ශනය කරද්දි ඒවා පෙන්වන වේලාවන් සහ ස්ථාන බලාගන්නටත් මෙය භාවිතා කරන අය නිර්දේශ කල හොඳ ස්ථාන ගැනත් තොරතුරු අරගන්නට පුලුවන්. මේවා බොහොමයක් ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් මූලික කර ඇත.

Google News – ස්වයංක්‍රීයව සම්පාදනය වන පුවත් ලබාදෙන සෙවුම් යන්ත්‍රයකි. භාෂා 20කින් පමණ මෙහිදී නවතම පුවත් සොයා බලන්නට පුලුවන්. මේවා ඉබේ සැකසෙන අතර ප්‍රායෝගිකව මිනිසුන් විසින්ම ‍තෝරා දෙන නිසා නිවැරදි බව තහවුරු වේ.

Google News archive – පුවත් සේවයේ අනු කොටසකි. වසර 200ක පමණ පැරණි පුවත් වාර්ථා කියවා බලන්නට මේ සේවය නිසා පුලුවන් වේ. ඒ අනුව අතීත තොරතුරු අධ්‍යාපන කටයුතු වලට වගේ මෙය වටිනාකමක් ඇති සේවයකි. 

Google Patent Search – මිලියන ගණනක් වූ පේටන්ට් අයිතීන් ගැන සොයා බැලීමට පවතින සේවයකි. ඒ ඒ පේටන්ට් වලට වෙන වෙනම පි‍ටු ඇති නිසා වැඩි විස්තරයක් එක එකක් ගැන බලන්නට පුලුවන්. මේ සෙවුම් අතරට පුද්ගල ආවේණික සිතුවම්, හිමිකම්, සිතාසි ආදියද ඇතුලත් වේ.

Google Schemer - සෝෂල් සෙවුමක් ඔස්සේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ගෙදර ඉඳන් කරනවා සේ ලෝකයේ කොතැනක හෝ සිට කරන්නට පුලුවන් වේ. 

Google Scholar – වැඩිදුර අධ්‍යාපනය හදාරන අයට සම්පූර්ණ ලේඛනයක් සොයා ගැනීමට හැකි සේවයකි. මේ ඔස්සේ ඩිජිටල් විදියේ පිරිසක් විසින් වරක් පරීක්ෂා කර බැලූ ජර්නල් ගැන තොරතුරු ලබාගන්නට පුලුවන්. අධ්‍යාපනික වටිනාකමක් ඇති අංගයකි.

Google Shopping - නොයෙක් වර්ගයේ නිෂ්පාදන එකම තැනකින් සොයාගන්නට පුලුවන්. සමාන නිෂ්පාදන ගැන සසඳා බලන්නත් පුලුවන්. ෆෲගල් ලෙස හඳුන්වා දුන්නෙත් ඒකමයි. ඔන්ලයින් භාණ්ඩ ගනිද්දි පවතින මිල යන්ත්‍රණය, නිෂ්පාදන වෙන්දේසි කිරීම් ද ඇතුලුව තොරතුරු සපයයි. මිලක් ඇති භාණ්ඩ ශ්‍රේණීගත කොට ඒ විස්තර භාවිතා කරන්නට සපයයි. 2012 පටන් මෙය වානිජ මට්ටමෙන් ඉදිරිපත් විණි. එනම් භාණ්ඩ අගයෙන් කොටසක් සේවය සලසන ආයතනයට ලැබෙන ගිවිසුම් යටතේය.

• Suggest – තමා ව්‍යාකරණය, අක්ෂර වින්‍යාසය වැරදි ලෙස යොදා සෙව්වොත් මේ අංගය නිසා ඔබව නැවත හරි මාර්ගය ඔස්සේ සොයන්න උපදෙස් ලබාදීම මෙයින් ඉ‍ටුවේ. හොඳ සෙවුම් යන්ත්‍රයක මෙය තිබිය යුතුම අංගයකි. 

Google Video – ලෝකය වෙත නොයෙක් ආයතන ඉදිරිපත් කල විවිධ මාතෘකා ඔස්සේ සැකසුන වීඩියෝ සොයා ගන්නට මෙයින් පුලුවන. CBS, NHL, NBA වැනි සමාගම් සමඟ ඒකාබද්ධව මේ සේවය කටයුතු කරයි. 2012 සිට මේ සේවයට ගූගල් විසින් වීඩියෝ හොස්ට් කිරීම නවතා දමා ඇත. කෙසේ වුනත් YouTube, Metacafe, Daily Motion ආදි අඩවිවල වීඩියෝ සෙවුම් ප්‍රතිපල එක්ක ලබාගන්නට පුලුවනි.

Voice Local Search – දුරකතනයෙන් කතාකොට සාමාන්‍ය ව්‍යාරිකයන් සමඟ කතා කිරීමටත්, එවන් අය සොයා ගැනීමටත් තිබෙන ගාස්තු රහිත සේවාවකි.

Web History (Personalized Search) - ඔබ මෙතෙක් කල් ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ කල කී දෑ ඔබගේ බ්‍රවුසරය මඟින් ඉවත් කලත් ගූගල් විසින් ඔබගේ ජීමේල් ගිණුම යටතේ රඳවා ගෙන ඉන්න බව ඔබ නොදන්නවා විය හැකිය. එය කාටත් වාසියි, මොකද ඔබ වැඩිපුර සොයන්නේ මොනවගේ දේවල්ද කියන එක සෙවුම් යන්ත්‍රය විසින් වටහා ගෙන අදාල තොරතුරු පමණක් ඔබට ලබා දීමට හැකිවේ. මේ යටතේ ගියපු වෙබ් අඩවි, කල පිංතූර/වීඩීයෝ සිංදු සෙවුම් ආදිය වෙනම ගබඩා කර තබා ගනී. මෙය අනවශ්‍ය නම් ඔබට ජීමේල් ලොග් නොවී සෙවීම් කරන්න.

Knowledge Graph – සොයන ප්‍රතිපල වල ගුණය උසස් කිරීමට මේ දැනුම් පදනම යොදාගනී. ඒ සඳහා අර්ථ විචාරත්මක තොරතුරු නොයෙක් මූලාශ්‍ර වලින් ලබාගනී.

Google Trader – නොමිලේ ලැබෙන ලුහුඬු දැන්වීම් සේවයකි. ඕනෑම කෙනෙකුට මෙහි දැන්වීම් පල කරන්න පුලුවන්. ඒ වගේම යමක් සොයන්න හෝ මිලදී ගන්න, ‍රැකියාවක් සොයන්න හෝ ආයතනයේ ‍රැකියාවට සුදුසු කෙනෙක් සම්බන්ධ කරගන්න මේ සේවය භාවිතා කරන්න පුලුවන්.මෙය දැනට සේවා සපයන්නේ උගන්ඩාව, නයිජීරියාව, ඝානාව, තායිලන්තය සහ කෙන්යාව යන රටවලට පමණයි.

Zagat – පරිශීලකයන්ට සමීක්ෂණ මත පදනම් වූ තොරතුරු ලබාදෙන මූලාශ්‍රයකි. මෙය රෙස්‍ටුරන්ට් සහ වෙනත් විවේක කාලයේ කරන ක්‍රියාකාරකම් වලට තොරතුරු ලබාදේ.

දැන්වීම් සේවා >>
AdMob – ජංගම දුරකතන මඟින් දැන්වීම් කල හැකි ජාලයකි.

Google AdSense – වෙබ් ප්‍රකාශකයන්ට සන්දර්භානුගත (contextual) දැන්වීම් සපයන සේවයකි. අකුරු පමණක් ඇති සරල දැන්වීම් සේවයකි. මෙහි විශේෂත්වය වන්නේ පරිශීලනය කරන පි‍ටුවේ ඇති තොරතුරු වලට අදාල දැන්වීම් සැපයීමයි.

• Google Ad Planner - දැන්වීම් සැලසුම් කරන්නට හැකිවේ.

Google AdWords – අනුග්‍රාහක සම්බන්ධක ඔස්සේ සෙවුමකට අදාල දැන්වීම් සපයයි. මෙය සාමාන්‍ය සෙවුම් ප්‍රතිපලයක පසෙකින් වෙනම තීරුවක් ලෙස ලබා දේ. ඒ නිසා අදාල සමාගමට විකිණුම් සහ අඩවියේ තදබදය වැඩිවීමට ඉවහල් වේ.

Adwords Express – ලෙහෙසියෙන් සාදා ගත හැකි සාමාන්‍ය ඔන්ලයින් දැන්වීම් සේවයකි.

• Google Certification Program – ඇඩ්වර්ඩ් කොටස්කරුවන්ට සහතික දෙන වැඩසටහනකි. විභාගයක් සමත් වී මේ සුදුසුකම ලබාගත හැකිය. 2010 අප්‍රේල් පටන් වෘත්තීමය සේවයක් ලෙස ආරම්භ විය.

DoubleClick – දැන්වීම් කලමණාකරන සහ දැන්වීම් ලබාදෙන තාක්ෂණික පදනමකි. මෙය මිලදී ගන්නාට, නිෂ්පාදකයාට සහ විකිණුම්කරුවාට වශයෙන් වෙනමම කටයුතු කරන්නට හැකි ලෙස සකසා තිබේ.

DoubleClick for Publishers by Google – කෙලින්ම විකිණුම් ආදායම වේගවත් කර උපරිම ඵලදාවක් සහතික නොකල ඉන්වෙන්ටරි සඳහා ලබාදෙන යෙදවුම් කිහිපයක එකතුවකි.

Google Grants – එක් ආකාරයක පරිත්‍යාග පිරිනමන නොමිලේ ඇඩ්වර්ඩ් ඔස්සේ ‍තෝරාගත් පුණ්‍යාධාර ලබා දෙන වැඩසටහනකි.

Wildfire by Google - සෝෂල් මාධ්‍ය අලෙවිකරණය මෘදුකාංගයකි.

සන්නිවේදන සහ ප්‍රකාශන යෙදවුම් >>
• Google Cultural Institute - ගූගල් සමාගම සංස්කෘතික අංග පිලිබඳ සොයාබැලීමට 2011 ආරම්භ කල ආයතනයකි. ඒ වනවිට ඔන්ලයින් ප්‍රදර්ශකයන් 42 පමණ සිටියහ. අනාගත පරපුර උදෙසා සංස්කෘතික අංග ඩිජිටල් ආකාරයෙන් සුරක්ෂිත කරවීමට මේ ඔස්සේ ඉඩකඩ ලැබේ.2013 ජූනි වන විට එවන් අංග මිලියන 6 කට වඩා ඇතුලත් පින්තූර, වීඩියෝ සහ ගොනු ඇතුලත් පුරාවිද්‍යා විෂයට ගැන  වගේම කෞතුක භාණ්ඩ ගැන ඇල්මක් දක්වන අයට එක්වී කටයුතු කරන්නට පුලුවන් වැඩසටහනකි.අධ්‍යනය කරන අයෙකුට වටිනා වැඩසටහනකි. විස්තර බලන්න යන්න www.google.com/culturalinstitute

• Google Art Project - උසස් තත්වයේ කලා නිර්මාණ පිරි ඔන්ලයින් වේදිකාවකි. ඕනෑම කෙනෙකුට මේවා දැක බලා ගන්නටත් හැකිය. මීට වසර දෙකකට පෙර මේ සේවය ආරම්භ කරන ලදී. කෞතුකාගාර එකමුතුවෙන් සකස් කරන ලද මෙහි කලා නිර්මාණයන් ගිගා පික්සල් එකක පමණ උසස් තත්වයේ නිර්මාණ ලබා දේ. මෙයට ගූගල් ස්ට්‍රීට් විවි තාක්ෂණයද යොදාගනී. ඒ අනුව කෞතුකාගාර වෙත නොයා එම නිර්මාණ ඒ තත්වයෙන්ම දැකබලාගන්න කටයුතු කර තිබේ. වැඩි විස්තර සඳහා යන්න, 
www.googleartproject.com/

Feed Burner – පුවත් පෝෂක කලමණාකරන සේවයකි. පෝෂක තදබදය විශ්ලේෂණයට හා පෝෂක මත පදනම්ව දැන්වීම් ඉදිරිපත් කිරීමට ලබාදෙන නොමිලේ ලබාදෙන සේවයකි.

Google KeepEvernote වලට සමාන සේවයක් ලබාදෙන නෝට් සකස් කරගැනීමේ වැඩසටහනකි. මෙයට අමතරව බොහෝ දේ ද කල හැකිය. ඔබට යමක් අමතක වීමේ දෝෂයක් ඇත්නම් එයට විසඳුමක් ලෙස මෙය භාවිතා කර බලන්න.

Google 3D Warehouse – ත්‍රිමාණ මොඩල හොස්ට් කොට තබාගැනීමට හැකි සේවයකි. මෙහිදී නොයෙක් වස්තු, ගොඩනැගිලි ඇතුලුව විවිධ ස්ථාන, වාහන මොඩල ආදී ත්‍රිමාණ රූප ක‍ටු සටහන් නිර්මාණය කර ප්‍රයෝජනයට ගන්න වෙනම  මෘදුකාංගයක් සපයයි. මේ අතර පෙර සැකසූ ත්‍රිමාණ මොඩල විශාල ප්‍රමාණයක්ද බලාගන්නට මේ සේවය ඔස්සේ ඉඩකඩ ලැබේ. ඔබ ගූගල් අර්ත් වලින් වැඩ කරන කෙනෙක් නම් මේ මොඩල ඩවුන්ලෝඩ් කර භාවිතයට ගන්න පුලුවන්.

Google Apps – ව්‍යාපාරිකයන්ට සෑදූ සේවයකි. ව්‍යවසායක සහ අධ්‍යාපනය ලබන්නන්ට ස්වාධීනව වැඩකල හැකි වෙනම සකස් කල සංස්කරණ ගූගල් වෙනත් සේවා ‍රැසක් සමඟ කස්ටම් ඩොමේන් නාමයක් ඇතුව පැමිණ තිබේ. මේ සේවා එක තැනකදී භාවිතා කලහැකි අතර එයට  G mail, Google Calendar, Google Docs, Google Sites, Google Contacts, Google Video, Google Groups, Google Buzz, Google Maps, Google Mars, Google Moon, and Google Earth වැනි ඇප්ස් මේ යටතේ පවතී.

Blogger – වෙබ්ලොග් ප්‍රකාශන යෙදවුමකි. භාවිතා කරන්නාට එනම් ඕනෑම සාමාන්‍ය කෙනෙකුට සිතැඟි පරිදි වෙනස් කොට ඔවුන්ගේ මාතෘකාවක් ඔස්සේ කරුණු ඇතුලත් කිරීමට හැකියාවක් මෙහි ඇත. පොඩි තාක්ෂණික දැනුමක් ඇත්නම් මීට එහා ගිය සේවා ලෙස ගැනෙන පිංතූර ප්‍රකාශනය, කමෙන්ට්ස්, සමූහ බ්ලොග් ලිවීම, ජංගම දුරකතන වලින් බැලීමට හැකි ලෙස සකස් කිරීම ආදී බොහෝ දේ මේ සමඟ ලබාගන්නට පුලුවන්. මෙය වර්ඩ්ප්‍රෙස් වලට ඉන්න ලොකුම තරඟකරුවෙක් වන්නේ නොමිලේ වැඩිපුර පහසුකම් අත්විඳීමට හැකිවීම නිසායි.

Google Bookmarks – 2005 පටන් ජීමේල් ගිණුමක් ඇති ඕනෑම කෙනෙකුට මේ සේවය ඔස්සේ ඔබගේ බුක්මාර්ක් රඳවා ගැනීමට වෙනම ඉඩක් ගිණුමෙන් ඔබට ලබා දේ.

Boutiques.com – පුද්ගලබද්ධ භාණ්ඩ මිලට ගැනීමේ අත්දැකීමක් ලබාදෙන විලාසිතා භාණ්ඩ සොයාගත හැකි සේවයකි. මෙය 2011 පටන් Google Product Search සමඟ ඒකාබද්ධ කෙරිණි.

Google Business Solutions – මෙය වෙබ්මාස්ටර්ස් සහ ව්‍යපාරික ජනතාව කෙලින්ම අරමුණු කරගත් සේවා පෙලකි. මෙහි අන්තර්ගත සේවා අතර Feedburner, Google AdWords, Google AdSense, Google Analytics, Google Enterprise Search solutions, Google Apps, Google Checkout, Google Local Business Center, Google Merchant Center, Google Trusted Stores, Postini, Google Webmaster Central, Google Ad Manager, Google Maps and Earth Solutions, Google Website Optimizer and Google Site Search. පවතී.

Google Calendar – නොමිලේ දෙන ඔන්ලයින් දින දර්ශනයකි. ජීමේල් සමඟ ඒකාබද්ධ කොට දිනක කාර්යයන් මේල් ගිණුමට හෝ දුරකතනයට පණිවිඩ වශයෙන් ලබාගත හැකිය. විශේෂ සිදුවීම් ලෙහෙසියෙන්ම මෙයට එකතු කරගත හැකි අතර එසේ කරන එක් කිරීම ස්වභාවික භාෂා යෙදවුම් ඔස්සේ කල හැකි වේ. හරියට යාහු සහ වින්ලෝස් ලයිව් සේවාවන් වගේය.

Google Docs – මෙහි වෙනමම ගොනු, පැතුරුම්පත්, ඇඳීම් සහ ප්‍රසන්ටේෂන් සකස් කරගන්න උපාංග ලබාදේ. ගොනු සහයෝගිත්වය සහ ප්‍රකාශන හැකියාව පවතී. වැඩිපුර අන්තර්ජාල පාඨකයන් අතර ජනප්‍රිය වූ තවත් එක් සරල නමුත් වැඩ ගොඩක් කරගත හැකි සේවාවකි.

Google Drive – ගොනු උපස්ථ කිරීමටත් ගොනු ‍රැඳවීමටත් ඇති ආරක්ෂාකාරී සේවයකි. Google Docs වලින් සිදුකල වැඩක් මෙහි පහසුවෙන් රඳවා ගැනීමට පුලුවන්. වර්ග 30කට අධික ගොනු මෙහි ‍රැඳවීමට සහය දක්වයි. ඕෆ්ලයින් ක්‍රමයටද මෙය භාවිතා කරන්නට පුලුවන්. නිදහසේ ඔබට 15 GB ලැබෙන අතර 100 GB දක්වා අවශ්‍ය නම් $4.99 ක මාසික ගාස්තුවක් ගෙවිය යුතු වේ. මේ අනුව ලොකු ෆයිල්ස් ඊමේල් කිරීමේ හැකියාව ජීමේල් වලට ලබාදී ඇති අතර ඊමේල් සමඟ ක්‍රියාකරයි.

Google Hangouts – වීඩියෝ චැට් කලහැකි ක්ෂණිකව පණිවිඩ සේවයක් ලෙස ගැනේ. 2013 මැයි සිට Google Talks වෙනුවට ඉදිරිපත් කෙරිණි. ගූගල් ප්ලස් සේවය ඔස්සේ මිතුරන් සමඟ සංවාද කිරීමට හැකි නිසා ස්කයිප් වැනි සේවා වල අවශ්‍යතාවය අඩුවේ. වැඩි තාක්ෂණික දැනුමක් ඇත්නම් ඔබටම කියා සජීවි වීඩියෝ සේවයක් වුවද මේ හරහා ආරම්භ කල හැකිය.

Google Helpouts – හැංගවුට් සේවය මත පදනම් වූ විශිඨයන්ගෙන් වීඩියෝ උදව් ලබාගත හැකි උපදේශන සේවයකි.

Gmail - IMAP සහ POP3 Protocol සහය දක්වන නොමිලේ ලැබෙන වෙබ්මේල් සේවයකි. මෙය කවුරුත් දන්නා තවත් ගූගල් සේවයකි. 2004 දී ඇරයුම් කොටස් පමණක් ලබාගත හැකි වූ මෙය දැන් ජංගම දුරකතය ඔස්සේද භාවිතා කල හැකිය. එහි ඇති එයටම ආවේණික විශේෂ අතුරුමුහුණත භාවිතය වඩා පහසුකර ඇත.

goo.gl - tinyurl, bit.ly/ වැනි සේවා ආකාරයේ ජනප්‍රිය ගූගල් සේවයකි. දිගු වෙබ් ලිපින කෙටි ලිපින කොට ට්වුටර් සේවයේ ඇති t.co/ වාගේ ඕනෑම අයෙකු සමඟ බෙදා ගත හැකිය. විශේෂ කරුණ නම් මේ සේවය ඔස්සේ ස්පෑම් ලිපින සකස් කිරීමට ඉඩ නොදීම හා ඔබට එම ලින්ක් ක්ලික් කල වාර ගණන බලාගත හැකි වීමයි. එනම් එම ගොනුවේ වැදගත් බව ගැන අදහසක් ලබාගත හැකි වීමයි. භාවිතය පහසුය. 

Google+ – කවුරුත් දන්නා ගූගල් සමාජ ජාල වෙබ් අඩවියයි.

Orkut – තවත් සමාජ ජාල සේවයකි. පුද්ගලික සහ වෘත්තීය තොරතුරු ලැයිස්තුගත කිරීමට සහ සබඳතා ගොඩනඟා ගන්නටත් නොයෙක් සමූහ සමඟ එකතු වී අදහස් බෙදා ගැනීමටත් මෙය සකස් කර තිබේ. මේ විශේෂ සේවාව 2006 පටන් ඇරයුම් වලින් පමණක් එක්විය හැකි ලෙස සකස් කර තිබේ.

Panoramio – ෆ්ලිකර් වැනි  විශාල ෆෝටෝ එකතුවක් ඇති වෙබ් සේවයකි. Google Image Search හරහා වැඩිපුර බරක් මේ සේවයට දරා ඇති අතර අදාල ඉමේජස් ලබා ගැනීමේදී වැඩි අවධානයක් ලැබේ. 

Picasa Web Albums – ඔන්ලයින් ෆොටෝ හුවමාරු බෙදාගැනීමේ සේවයකි. පිකාසා වැඩසටහන සමඟ එකතු වී ක්‍රියාකරයි. එනම් Picasa වැඩසටහනෙන් අප්ලෝඩ් කරන පිංතූර මේ සේවයට ඉබේම ඇතුලත් කරයි.

• Google profile – ගූගල් නිෂ්පාදන කෙරෙහි භාවිතා කරන්නා දක්වන ඇල්ම අනෙක් ගූගල් භාවිතා කරන්නන්ට ලබා දෙන වෙළඳ ප්‍රවර්ධන සේවයකි. තමන් ඔවුන්ගේ නිෂ්පාදන ගැන දක්වන කැමැත්ත මේ හරහා ඉදිරිපත් කිරීමට හැකිවේ.

• Questions and Answers  - අරාබි, චීන, රුසියන් සහ තායි භාෂාවන්ගෙන් උත්තර සහ ප්‍රශ්න ලබා දිය හැකි සේවයකි. දැනුම පදනම් කරගෙන සිදුකරන දැනුම් වෙළඳපලක් වන සමූහයක් ලෙස මෙය 2007 ජූනි 26 දින එලි දැක්විණි.

Google Sites (Jotspot) - පුද්ගලිකව හෝ සාමාන්‍ය කණ්ඩායම් වලට ඔවුන්ටම කියා වෙබ් ඉඩක් වෙන් කරදීමට මේ සේවය ලබා දී ඇත. ආයතනික වැඩ සඳහා ද යොදාගන්න පුලුවන් ලොකු වැඩක් ගත හැකි වෙනම ආකාරයේ සේවයකි.

• Sightsmap - ජනප්‍රියතාව වැඩි දේවල් දක්වන සිතියමකි. ඒ ඒ නගර වල වැඩිපුර ජනප්‍රියම ස්ථාන මේ අනුව සොයාගන්නට පුලුවන්. ඒ අනුව ඔබට විනෝද ගමනක් සංවිධාන කිරීමේ හැකියාවද පවතී. බලන්න http://www.sightsmap.com/.

• SMS Channels - 2008 වසරේදී ඉන්දියාව උදෙසා සකස් කල SMS සේවයකි. SMS වලට එහාගිය ආකාරයේ සේවයක් වන මෙය හා එක්වීමටත් සම්මාදම් (Subscribe) වීමටත් හැකිය. RSS පෝෂක මත පදනම් වී ක්‍රියා කරයි.

• Speak To Tweet – දුරකතනය සහ ‍ටුවිටර් සහයෝගීතාවයෙන් ලැබෙන සේවයකි. විශේෂ අංකයක් හරහා කටහඬ පටයක් තැබූ විට ස්වයංක්‍රීයව එහි පණිවිඩය හඳුනාගෙන එය ඔබගේ Twitter ගිණුමට එක් කරයි. Google SayNow තුල මේ පණිවිඩ ගබඩා කෙරේ.

Google Voice - ඇමරිකාවේ පමණක් දැනට ක්‍රියාත්මක වන කෘතිම බුද්ධි සංකල්පය දක්වා දියුණු කල හැකි කාර්යබහුල දිවියක් ගෙවන කොයි කාටත් පහසුවක් වන සේවයකි. මේ නිසා නිදහසේ තම කටහඬ සන්නිවේදනය කරන ක්‍රමයකි. භාවිතා කරන්නාට මේ හරහා වෙනස් දුරකතන හයක් සමඟ ගනුදෙනු කල හැකිය. නොමිලේ අවුට්-ගොයින් ඇමතුම් තෙවන පාර්ශවීය "Click2Call" සේවය හරහා ලබාගත හැකිය.

Google Fonts – අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇති ඩිජිටල් අකුරු නාමාවලියක් නොමිලේ ලබාදෙන සේවයකි. මෙහි ඇති විවිධ හැඩයේ අකුරු ඔබට කැමති ආකාරයට හැඩගස්වා ගන්නට web font API එකක්ද සපයයි.

YouTube – වීඩියෝ බලන්න, අප්ලෝඩ් කරන්න, බෙදාගන්න තියෙන වීඩියෝ හවුලේ රස විඳිය හැකි සේවයකි. යූටියුබ් සේවය 2006 ආරම්භ කර ටික කලකින් මේ නිසා ගූගල් සමාගමට ඩොලර් බිලියන 1.65 විශාල ලාභයක් ලැබිණ. මෙහි ආදයම ලැබෙන්නේ වීඩියෝ මත් ඇති දැන්වීම් වලට වීඩියෝ බලන අය යන වාරයක් පාසාය.

Google Ventures - මෙය ප්‍රාග්ධන අවදානම් අරමුදල් සපයන අත්‍යන්ත වූ වෙනම සේවාවකි.

සංවර්ධක වැඩසටහන් >>
AngularJS – ජාවා ස්ක්‍රිප්ට් ක්‍රමලේඛණය කල හැකි රාමුවක් ලබාදෙන උපාංග එකතුවකි.

Google App Engine – වෙබ් සංවර්ධකයන්ට තමන්ගේම වෙබ් ඇප්ස් ලියා පහසුවෙන් මේ සේවයේ රඳවා බාවිතා කරන්නාට හොඳ පහසුකම් ‍රැසක් ලබාදෙන්නට පුලුවන්කම තිබේ.

Google Closure Tools – ජීමේල්, ඩොක්ස් සහ මැප්ස් සඳහා යොදා ගැනෙන ජාවා කේත මඟින් තමාට වැඩිදියුණු කල හැකි සේවයකි.

Google Code – ගූගල් සමගාමී නිෂ්පාදන ආශ්‍රයෙන් තමන්ගේ අදහස් අනුව වැඩසටහන් නිර්මාණකරුවන්ගේ එකතුවෙන් සෑදූ සමූහයකි. මෙහි අන් අයගේ සහ තමන්ගේ කේත නොමිලේ අන් අය සමඟ බෙදා ගන්නට පුලුවන් සේවයකි. ඔබ නිර්මාණය කල විවෘත හා නිදහස් මෘදුකාංග මේ සේවය තුල රඳවා එය ජනප්‍රිය කරගැනීමටත්, ඇති අඩුපාඩු ගැන දැනුවත් වෙමින් නව සංස්කරණ ඉදිරිපත් කිරීමටත් ඔබට හැකියාව ලැබේ.

Dart – ව්‍යූහමය වෙබ් ක්‍රමලේඛණය කල හැකි ගූගල් මඟින් වැඩිදියුණු කල පරිගණක භාෂාවකි.

Google Go – මෙයද ඒ ආකාරයට වැඩි දියුණු කල පරිගණක භාෂාවකි.

OpenSocial – පොදු API එකකින් සෝෂල් වැඩසටහන් නොයෙක් වෙබ් අඩවි වල ඉදිරිපත් කල හැකි සේවයකි.

• Google Swiffy –ඇඩෝබි ෆ්ලෑෂ් වල පවතින වෛරස් පැතිරීමේ හැකියාව නිසා එය භාවිතා කිරීම අඩුවෙලා තිබේ. නමුත් පෙර මේ තාක්ෂණය ඔස්සේ කල විවිධ නිර්මාණ ඔබ සතුව ඇත්නම් දැනට ලොව නැඹුරු වන HTML5 ආකාරයට හරවා ගැනීමේ ක්‍රමයක් මේ ඔස්සේ ඔබට ලබා දේ. https://www.google.com/doubleclick/studio/swiffy/

Google Web Toolkit – ජාවා මෘදුකාංග සංවර්ධනය කිරීමේ රාමුවක් වන මේ හරහා ඇජැක්ස් වැඩසටහන් නිර්මාණය කිරීමට ඉඩ ලබා දේ.

Webmaster Tools (Google Sitemaps) - Sitemap Protocol වෙත තමන්ගේ වෙබ් අඩවියේ පි‍ටු සැකැස්ම ලබා දී විශ්ලේෂණය කර වෙබ් තදබදය වැඩිවන ආකාරයට සකසා ඔබගේ robotics.txt ගොනුවද විශ්ලේෂණය කර ඔබට ලබා දේ.

Google Developers – සංවර්ධකයන්ට වේදිකාවක් වන documentation අඩවියකි. 

• Translator Toolkit – භාෂා පරිවර්තන සේවාව සමඟ සහයොගීව ක්‍රියාකරයි. http://translate.google.com/toolkit


සිතියම් සමගාමී නිෂ්පාදන >>
Google Map Maker – තමන්ට සිතියම් වෙනස් කිරීමට හැකි සේවයකි.

Google Maps - මාර්ග, ගොඩනැගිලි සැටලයිට් චන්ද්‍රිකා ඔස්සේ හසුකර ගන්නා සිතියම් සේවයකි. මේ යටතේ ස්ථාන දෙකකට ඇති දුර දැක්වීම, වාහනයක යද්දි මඟ පෙන්වා දීම, ව්‍යාපාරික ස්ථාන සොයාගැනීම ආදියට මෙය භාවිතා කරන්නට පුලුවන්. මීට අමතරව සජීවීව මාර්ග වල ඇති තදබදය බලාගන්නටත් පුලුවන්. සිතියම තුල යද්දි හමුවන ව්‍යාපාරික ස්ථාන වල ස්වභාවය බලාගන්නට ඉමේජස් ඇතුලත් කර තබන්නට ව්‍යාපාරිකයන්ට පුලුවන්. විශේෂ ස්ථාන වල පිංතූර ඔබට පැනොරාමා සේවය හරහා ඇතුලත් කරන්නට පුලුවනි. මුහුද යට ගිලිණු නැව් පවා ස්ථානය දන්නේ නම් දැකබලා ගන්නට පුලුවනි.

Google Maps Coordinate – සිතියම් කාර්ය බලකා සංවර්ධන යෙදවුම් ව්‍යාපාරිකයන්ට පමණක් සපයන සේවයක් ලෙස 2012 ජූනි 21 දින හඳුන්වා දුනි.

Google Mars – අඟහරු ලෝකයේ පිංතූර ගෙදර ඉඳලා බලාගන්නට අතුරුමුහුණතක් සපයා තිබේ. ඇත්තටම පෙනෙන විදිය, උන්නතාංශය වැනි තොරතුරු මේ හරහා බලන්නට පුලුවන්. පෙර්සියල් ලෝවෙල් නම් ගගනගාමියාගේ උපන්දින සංවත්සරය පාදක කරගෙන 2006 ඇරඹි සේවාවකි. මෙයට තොරතුරු ලැබෙන්නේ නිරවද්‍ය මූලාශ්‍ර වලිනි.

Google Moon – නාසා ආයතනයේ සඳ ගවේශණ තොරතුරු පදනම් කර තැනූ සඳේ සිතියම් අතුරුමුහුණතකි. මෙය 2005 ආරම්භ කල අතර 1969 ජූලි 20 සිදුකල මුල්ම සඳ ගමන සිහිවීම පිණිස දියත් කල වැඩසටහනකි.

Google Sky – තාරකා සහ මන්දාකිණි ගැන තොරතුරු එනම් ආකාශ වස්තු පිළිබඳ දැනුමක් ලබා ගන්නට කැමති අයට සකස් කල සිතියම් අතුරු මුහුණතකි. වෙබ් බ්‍රවුසරය ඔස්සේ අහස බලාගන්නට මේ නිසා පුලුවන් වේ.
Google Transit – පොදු ප්‍රවාහන සේවාවක ගමන් කලින් සකස් කරවා ගැනීමට ඉඩ දෙන සේවයකි. ගූගල් සිතියම් සමඟ ඒකාබබ්ද්ධ කොට නිර්මාණය කර තිබේ. මෙය 2005 දෙසැම්බර් 7 මහජන අයිතියට පත් විය.

Zygote Body (Google Body) -  ත්‍රිමාණ ආකාරයේ අපගේ දරීරයෙ සැකැස්ම ස්නායු, වසා, මාංශ පද්ධතිය ආදී ශරීරයේ පද්ධති ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුලුවන. මෙය සත්ව ශරීර අධ්‍යනය සඳහාද ඉදිරියේදී යොදාගැනීමට කටයුතු කලොත් මෙහි වටිනාකම වැඩිවේ.

සංඛ්‍යාන උපාංග >>
• ‍Google Analytics – තෝරාගත් වෙබ් අඩවි වලට යන එන පිරිසේ ස්වභාවය දැනගැනීමට ඇති විශ්ලේෂණ සේවාවකි. මෙය ඇඩ්වර්ඩ් සමඟ ඒකාබද්ධ කර ඇත. අඩු වියදමකින් වෙබ් මාස්ටර්ස්ල හට තමන්ගේ අඩවි ජනප්‍රිය කරගත හැකිය. ඔබට සිතියමක් ආකාරයට මේ විශ්ලේෂණ තොරතුරු බලාගන්නට පුලුවන්.

Google Consumer Surveys – වෙළඳපල සමීක්ෂණ වැඩසටහනකි.

• Google Correlate - ඇත්ත ලෝකයේ අලුත්ම හැඩගැස්ම මොන වගේද කියා සොයා බලන්නට හැකි සේවයකි. http://www.google.com/trends/correlate

Freebase  – මෙය විවෘත Creative Common බලපත්‍රය ඇති ව්‍යූහමය දත්ත ලබාදෙන සේවයකි. මේ වේදිකාව ළඟාවිය හැකි බව සහ මැනීමට හැකි ආකාරයේ දත්ත ඇතුලත් අඩවියකි.

Google Fusion Tables – randomly ලබාගත හැකි දත්ත ලබාදෙන උපාංගයක් වන මෙහි දත්ත දෘශ්‍යමාන ලෙස පෙන්වා දීමටද හැකි වේ.

Google Public Data Explorer - පොදු දත්ත සපයන ජාත්‍යන්තර ආයතන, අධ්‍යාපන ආයතන, ලෝක බැංකුව වැනි ආයතන වලින් ලැබෙන තොරතුරු අනුව අනාවැකි ලබාදෙන සේවයකි. නොයෙක් සටහන් ආකාරයෙන් ද මේ දත්ත බලාගන්නට පුලුවන.

• Trendalyzer – දත්ත විධි බලාගන්න තිබෙන වේදිකාවකි. සජීවීකරණය කරන ලද සටහන් ආදිය මෙයට ඇතුලත් කර ඇත.

Google Trends – යම් සෙවුම් වදනකට තියෙන අන්තර්ජාලයේ ජනප්‍රිය බව දැනගන්නට තිබෙන සේවයකි. වදන් කිහිපයක් වුවුද යොදා මේ සෙවීම කරන්නට පුලුවන. රට, නගරය, භාෂාව අනුව දත්ත ලබාගන්නට පුලුවන.

• Zeitgeist – වැඩිපුරම සෙවුම් කල සෙවුම් පෙලවල එකතුවකි. ඔවුන් සතිපතා, මාස්පතා සහා වාර්ෂිකව මේ එකතුව යාවත්කාලීන කරයි.

• Google Activity Report - ඔබ මාසයක් තුල ගූගල් සමඟ සිදුකල කාර්යයන් ගැන වාර්තාවක් ලබාගත හැකි සේවයකි. මෙහිදී ඔබගේ ගිණුමට කල තෙවන පාර්ශවීය පිවිසුම්, ජීමේල් ධාරිතාව, සිදුකල සෙවුම් සහ බැලූ වීඩියෝ ගැන වාර්තාවක් ලබා ගැනීමට පුලුවන.

මෙහෙයුම් පද්ධති >>
Android – ලිනක්ස් මත පදනම් වූ ජංගම උපාංග අරමුණු කරගෙන නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. එය ටැබ්ලට් උපාංග සහ ස්මාර්ට් දුරකතන සඳහා සෑදූ අංගයකි. දැන් ලෝ ප්‍රසිද්ධ ජංගම මෙහෙයුම් පද්ධති නිපදවන සමාගම් මෙහි ඇති නිදහස් කේත ලබාගෙන මෙයටත් වඩා ගුණාංග එක් කර නිෂ්පාදන කර තිබේ.

Chrome OS – ලිනක්ස් පාදක කරගත් වෙබ් පාදක මෙහෙයුම් පද්ධතියකි. මේ වැඩසටහන පිහි‍ටුවීමට විශේෂ උපාංගයක් වන ක්‍රෝම්බුක් උපාංගය අවශ්‍යය. එහි අතුරු මුහුණත ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයේ ආකාරයටම වේ. 2012 දී සැම්සුන් 3 කියන උපාංගය සමඟ වෙළඳපලට ආවේය.

Google TV – ලිනක්ස් පදනම් වූ අලංකාර අතුරුමුහුනතක් ඇති ස්මාර්ට් ටීවි මෙහෙයුම් පද්ධතියකි. මෙහි අරමුණ සාමාන්‍ය ස්මාර්ට් ටීවි එකකට වඩා වැඩි යමක් කරගැනීමට හැකියාව ලබා දීමයි. මේ ඔස්සේ වෙබ් පාදක රූපවාහිනී සේවා නොමිලේ වැඩි ගුණත්වයකින් යුතුව නැරඹීමට සකස් කර තිබේ.

ඩෙස්ක්ටොප් වැඩසටහන් >>
AdWords Editor – ඇඩ්වර්ඩ් ගිණුමක් සමඟ ගනුදෙනු කරගැනීමට නිපදවූ ඩෙස්ක්ටොප් වැඩසටහනකි. පරිශීලකයන්ට  එහි අඩවියට නොයා අවශ්‍ය වෙනස්කම් මෙහි සිටම සිදු කිරීමට හැකිය.

Google Chrome – ඩේබියන්, රෙඩ්-හැට්, ෆෙඩෝරා වැනි පද්ධති වල පවා වැඩකල හැකි නොමිලේ ලබාදෙන වෙබ් බ්‍රවුසරයකි. මැක් සහ වින්ඩෝස් වලටද සහය එක සේ පවතී. මෙයට uProxy නමින් අංගයක් එක් කර ඇති අතර එමඟින් සමහර බාධක මඟහරවා ගෙන අන්තර්ජාලය තුල වැඩ කටයුතු කරන්නට පහසුව සලසා දී තිබේ.

Google Earth – වෙබ් අඩවියෙන් බාහිරව සිට ගූගල් සිතියම ත්‍රිමාණ ආකාරයෙන් දැකගන්නටත්, ඔන්ලයින් සේවයෙන් ලබාදෙන්නට නොහැකි අංග මේ ඔස්සේ ඔබට අත්විඳීමට පුලුවන. GIS Data පවා මේ ඔස්සේ ලබාගත හැකි අතර මොබයිල් සහ ඩෙස්ක්ටොප් යන ආකාර දෙකෙන්ම ඔබට මේ වැඩසටහන නොමිලේ ලබාගත හැකිය.

Gmail Notifier – අලුතෙන් ආපු ඊමේල් පණිවිඩ ගැන සෝදිසියක් ලබාගන්න මේ කුඩා වැඩසටහනෙන් පුලුවන. ජීමේල් ගිණුම ඇතුලත් කර ඔබගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන අතරෙ පණිවිඩ ලබාගන්න පුලුවන.

Google IME - රෝමානු යතුරු පුවරුවට සහය දක්වන කැමති භාෂාවකින් අකුරු ටයිප් කරගැනීමට හැකි වටිනා යෙදවුමකි. මේ ඔස්සේ සිංහල දෙමළ අකුරු වුවද ටයිප් කරගැනීමට පුලුවන. එනම් ඔබගේ වර්ඩ් ගොනුවක සිංහල ටයිප් කරගන්නට දැන් තවත් පහසුවක් ලැබී ඇත.

Google Japanese Input – ජපන් භාෂාව ටයිප් කිරීමට විශේෂයෙන් සැකසූ ගූගල් ජපාන අඩවිය ඔස්සේ පමණක් ලබාගත හැකි සේවයකි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති සියල්ලටම සහය දක්වයි.

Picasa – ඉමේජ වල තත්වය අඩු නොකර ප්‍රමාණය අඩුකර ඒවා ගබඩා කරගත හැකි විශේෂ ඉමේජ බලාගත හැකි වැඩසටහනකි. නමුත් එයට එහා ගිය මුහුණු හඳුනා ගැනීම සහ එම ඉමේජය ගත් ස්ථානය සටහන් කරගැනීමේ තාක්ෂණයක් මෙය සතුවේ. ඉමේජ වල වෙනස්කම් කරන්නටත් හැකි වැඩසටහනකි.

• Picasa Web Albums Uploader – පිකාසා අඩවියට ඉමේජ ඇතුලත් කිරීමට හැකි වැඩසටහනකි.ඇපල් iPhoto ඔස්සේද පිකාසා වෙබ් ඇල්බම වෙත ඉමේජ අප්ලෝඩ් කිරීමට පහසුකම් සලසා තිබේ.

Google Pinyin – වෙනත් බසකින් ටයිප් කරන දෙයක් චීන පින්යින් අකුරු වලට හරවා ගැනීමට හැකි වැඩසටහනකි.

Quick Search Box – මැක් වලට සහය දක්වන ලෙහෙසියෙන් අන්තර්ජාලයේ යමක් සොයාගැනීමට හැකියාව ඇති ප්‍රයෝජනවත් වැඩසටහනකි.

• Wireless access –ඔබගේ වයර්ලස් අන්තර්ජාල සබඳතා එකම තැනකින් පිවිසීමේ පහසුකම් සපයන වැඩසටහනකි. එය Google WiFi භාවිතා කරන්නට පමණක් ගැලපෙන වැඩසටහනකි. එනම් WPA and 802.1x Protocols වලට සහය නොදක්වයි.

Google Toolbar – ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වලට ලබා දුන් දැන්වීම් ඒම වලක්වන ටූල්බාර් උපාංගයකි. ඒ අනුව ලෙහෙසියෙන් ගූගල් නිෂ්පාදන පරිහරණය කිරීමට උදව් ලබා දේ.

Visigami – ඉමේජ වලින් ස්ක්‍රීන් සේවර්ස් සකසන වැඩසටහනක් වන මෙයට ගූගල් ඉමේජස්, පිකාසා සහ ෆ්ලිකර් යන සේවා වල ඉමේජස් ලබා ගනී.

Android Studio - ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන් සංවර්ධනය කිරීමට ලබාදෙන IDE වැඩසටහනයි. මේ නිසා පෙර පැවති අතුරුමුහුණත් සැකසීමේ අපහසුව සම්පූර්ණයෙන්ම නැතිකර තිබේ. වැඩි විස්තර සඳහා පෙර පලකල මේ ලිපියේ තෙබේ. 
http://saji-blog.blogspot.com/2013/06/android-studio.html

Google Web Designer - WYSIWYG ආකාරයට HTML5 වෙබ් පි‍ටු සකස් කරගත හැකි එකවර උපාංග කිහිපයක ක්‍රියාත්මක වන්නට සකස් කරගත හැකි වැඩසටහනකි.

මොබයිල් වෙබ් වැඩසටහන් >>
Blogger Mobile – මේ වැඩසටහන සමහර ඇමරිකානු හා කැනඩානු සන්නිවේදන ජාල වලට පමණක් සහය දක්වයි. බ්ලොගර් සේවයේ ඇති ඔබගේ බ්ලොග් අඩවිය තම දුරකතනය මඟින් වෙනස් කිරීමට මේ අනුව හැකියාව ලබා දී ඇත.

• Google Calendar – ගූගල් සමාගම සංවිධානය කරන ඉවෙන්ට්ස් ඔබගේ දුරකතනය වෙත ලබා ගැනීමට හැකි අංගයකි. තමන්ගේ ම කැලැන්ඩරේට අලුතෙන් සිදුවීම් ඇතුලත් කරන්න දැන් වඩා පහසු වේ.

• Drive – ඩොකියුමන්ට් බලන්න දැන් මොබයිල් උපාංගයක් ඔස්සේ කරගන්න මේ අංගය නිසා පුලුවන්ය.

• Gmail – ඔබගේ ජීමේල් ගිණුමේ කටයුතු සාමන්‍ය මොබයිල් වෙබ් බ්‍රවුසරයක් ඇසුරෙන් කරගන්නට පුලුවන. ගිණුම සැබෑදැයි පරීක්ෂාකර බලන්න ඔබගේ මොබයිල් අංකය අනිවාර්යයෙන් දැන් අවශ්‍ය කෙරේ.

• iGoogle – පරිශීලකයාට කැමැති පරිදි සෙවුම් යන්ත්‍රය සකස් කරගන්නට පුලුවන් ක්‍රමයක් වුවත් 2013 නොවැම්බර් 1 සිට භාවිතයෙන් ඉවත් කර ඇත.

• Google Keep - ඔබට අමතක වන වැදගත් දෙයක් සටහන් කර තබා ගැනීමට මේ වැඩසටහනෙන් පුලුවනි. මෙය මොබයිල් වෙබ් බ්‍රවුසරය ඔස්සේද පිවිසීමට හැකියාව ලබා දී තිබේ.

• Google Maps - සාමන්‍ය ව්‍යාපාරික ස්ථානයක් සොයාගන්නට ගමන් දිසාවන් මොබයිල් එක ඔස්සේ දැනගැනීමට හැකි සේවයකි.

Maps Navigation – මෙය ඇන්ඩ්‍රොයිඩ් වලට පමණක් සහය දක්වන මොබයිල් නැවිගේෂන් වැඩසටහනකි. GPS පහසුකම සහිත ස්මාර්ට් දුරකතනයකින් ත්‍රිමාණ දර්ශන වුවද බැලීමට පුලුවන. කටහඬක් මඟින් හැරෙන්නට අවශ්‍ය කරන තැනෙන් තැන කියමින් ඔබට මඟ පෙන්වීමට මෙයට පුලුවන්කම තිබේ. මෙය දැනට ඇමරිකාව ඇතුලු යුරෝපා රටවල් කිහිපයක පමණක් ක්‍රියාත්මක වේ.

• Mobilizer – වෙබ් පි‍ටුවල ප්‍රමාණය අඩුකර මොබයිල් දුරකතන වල ඉක්මනින් දර්ශනය වීමට හැකි පරිදි ඒවා සකස් කරදෙන වැඩසටහනකි.

• Google News – ස්මාර්ට් දුරකතනය ඔස්සේ ගූගල් පුවත් බැලීමට සකස් කර තිබේ.

Google Offers – ගූගල් වොලට් සමඟ එක්ව ඔබ මිලදී ගන්නා දේ අනුව ලැබෙන කූපන්, වට්ටම් ආදිය ගැන ඔබ දැනුවත් කිරීමට ඇති වැඩසටහනකි.

• Orkut – මිතුරන් සමඟ එක් වී අදහස් හුවමාරු කරගැනීමට දැන් ස්මාර්ට් දුරකතනය ඔස්සේම පුලුවන්.

• Google+ – තවත් එවැනි ස්මාර්ට් දුරකතනයකින් සම්බන්ධවිය හැකි සමාජ ජාල වෙබ් සේවයකි. 

• Picasa Web Albums – ඔන්ලයින් ආකාරයෙන් ඉමේජස් ගබඩා කරන්නත් ඒවා බලන්නත් බෙදාගන්නත් දැන් ඔබගේ ස්මාර්ට් දුරකතනය ඔස්සේ හැකියාව ඇත.

• Google Product Search/ Google Search/ Google Search for Android  - මෙය ස්මාර්ට් දුරකතනයක් හරහා සෙවීම් කිරීමට හැකියාව ලබා දෙන කුඩා වැඩසටහනකි.

Google Wallet – NFC තාක්ෂණය ඔස්සේ දුරකතනයේ ඇති මුදල් අවසර ඇති වෙනත් උපාංගයකට ගෙවා අදාල භාණ්ඩ ලබාගත හැකි ක්‍රමයකි. මේ වන විට මේ තාක්ෂණයෙන් යුත් උපාංග සුපිරි වෙළඳ්සැල් වල දක්නට තිබේ. ගූගල් ඔෆර්ස් සමඟ  සහයෝගයෙන් ක්‍රියාකරයි. මෙහිදී වෙනම පර්ස් එකක් ගෙන නොගොස් ඔබේ දුරකතනය ඔස්සේ අවශ්‍ය ගෙවීම් සියල්ල කරගන්නට පුලුවන්.

Google Currents – 2011 දෙසැම්බර් මස සිට නිකුත් වූ Google සඟරාවකි.

• Google Translate - නොමිලේ භාෂා පරිවර්තන සේවයක් ලබාගත හැකි මේ තුලින් වෙබ් අඩවියක්, වෙනත් භාෂාවක ගොනුවක් වුවද ඔබට අවශ්‍ය බසකට හරවා ලබා ගන්නට පුලුවන් වේ. එහි ස්මාර්ට් සංස්කරණය ලෙස මෙය එලි දැක්විණි.

• Youtube - යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ මිතුරන් අතර බෙදාගන්නත්, ඒවා බලන්නත්, තමන්ගේ දුරකතනයෙන් ලබාගත් වීඩියෝවක් අප්ලෝඩ් කරන්නත් පහසුකම් ලබාදෙන ජංගම දුරකතන වැඩසටහනකි.

මොබයිල් ස්ටෑන්ඩලොන් වැඩසටහන් >>
මේවායින් සමහරක වැඩ කරන්නට එය බාගත කොට පිහි‍ටුවා ගෙන සිටිය යුතුය. මේවා සියල්ල ගූගල් ප්ලේ වෙතින් නොමිලේ ලබාගත හැකිය.

Books – US, UK, Canada, India යන රටවලට පමණක් දැනට සහය දක්වන බාගත කරගත හැකි වැඩසටහනකි. රිමෝට් සර්වර් එකක ඔබ කියවීමට කැමති පොත් රඳවා පසුව වෙනත් උපාංගයක් ඔස්සේ වුවද කියවන්නට ගන්න පුලුවන්.

• Gmail – ජාවා වර්චුවල් මැෂින් සහය දක්වන (පාම් මෙහෙයුම් පද්ධතියට නොහැක.) ඕනෑම පද්ධතියකදී වැඩ කරගන්නට පුලුවන් බාගත කර වැඩ කරන්න තියෙන වැඩසටහනකි.

• Drive – මෙය බාගත කර පිහි‍ටුවා ගෙන පහසුවෙන් ගොනු අන් අය සමඟ බෙදාගන්නට හැදූ එකකි.

• Google Keep - වෙබ් එකෙන් අරගත්තු නෝට් එකක් බලන්න නම් මේ වැඩසටහන වෙනම පරිගණකයේ පිහි‍ටුවා තිබෙන්නට අවශ්‍ය වේ.

Google Goggles – ඉමේජ මගින් ස්ථාන හෝ භාණ්ඩ (බාර්කෝඩ් මඟින්) හඳුනා ගත හැකි බාගත කර භාවිතා කලයුතු වැඩසටහනකි.

• Listen – අන්තර්ජාල පොඩ්කාස්ට් හා වෙබ් ශ්‍රව්‍ය පට ඇසීමට ඉඩ ලබාදෙන බාගත කර වැඩ කරගන්න තියෙන වැඩසටහනකි.

• Maps – ජීපීඑස් තාක්ෂණය ඔස්සේ ඔබ සිටිනා තැන හඳුනාගෙන ඒ ඉන්න තැන අනෙක් අය සමඟ බෙදා ගන්න පහසුකම් දෙන වැඩසටහනකි. බාගත කර පිහි‍ටුවාලිය යුතුවේ.

Google Music – 2011 පටන් ඇරඹි ඔන්ලයින් සංගීත රසවිඳිය හැකි එකතුවකි.

One Today - පරිත්‍යාග ලබාගෙන අවශ්‍ය අයට ලබාදෙන වැඩසටහනකි.

• Shopper – පහසුවෙන් සහ දැකුම්කලු ආකාරයට ෂොපින් කරගැනීමට හැකි බාගත කර භාවිතා කල යුතු වැඩසටහනකි.

Sky Map – අහස් සිතියමස් ඔබගේ දුරකතනය හරහා බලාගැනීමට ඕන නම් මේ උපාංගය භාවිතා කරන්නට සිදුවේ.

Google Sync – මොබයිල් උපාංග කිහිපයක් හරහා තොරතුරු හුවමාරු කරගැනීමට හැකි වැඩසටහනකි.

• Talk – අකුරු ඇසුරෙන් voice over IP ආකාරයට පනිවිඩ හුවමාරු කරගත හැකි වැඩසටහනකි.

• Hangouts - වීඩියෝ චැට් සිදු කිරීමට ස්මාර්ට් දුරකතනය ඔස්සේ මේ වැඩසටහන නිසා පහසු වේ.

• Translate – මේ භාෂා පරිවර්තන වැඩසටහන වෙනම පිහි‍ටුවාගත යුතුවේ.

• Google Voice app – ගූගල් කටහඬ අනුව ක්‍රියාකරන වෙනම පිහි‍ටුවලිය යුතු වැඩසටහනකි.

Yinyue - චීන පොප් සංගීත එකතුවක් ඇසුරෙන් මේ සේවය ල්බාදේ. ගීපද අයිතිය සුරකිමින් එම ගීත MP3 ලෙස බාගත කරන්නට අවස්ථාව ලැබේ. මේ පහසුකම චීනයට පමණක් ලබාගත හැකිවේ.

• Youtube Remote - Youtube Video බලාගැනීමට බාවිත කල හැකි දුරස්ථපාලක වැඩසටහනකි.

Google Now – ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටම ලබාදෙන කටහඬ පණිවිඩ ඔස්සේ ක්‍රියාකරන පුද්ගලික සගයෙකි.

Field Trip -  අලුතෙන් යන්නට ඔබට ගැලපෙන ස්ථාන ගැන දැනගන්න මේ වැඩසටහන තුලින් හැකියාව ලැබේ. 

හාඩ්වෙයා >>
Google Search Appliance (A G500) – ගූගල් සෙවුම් කිරීම සඳහාම සකස් කල විශේෂ උපකරණයකි. මෙය විශාල ආයතන වල සර්වර් පද්ධති වලට යොදාගන්නටද පුලුවන. මෙහි Self-Learning Scorer, Entity Recognition, User Added Results, Dynamic Navigation, Expert Search, Language Translation, Document Preview, Query Suggest Spell Check and Synonyms යනාදී විශේෂාංග ‍රැසක් පවතී. මිලියන 20 දක්වා අධික ගොනු ශ්‍රේණිගත කර ගැනීමේ පහසුකම් ඇත. විශේෂ ආරක්ෂක ක්‍රම ආදී සමාගමකට වටිනා ගුණාංග ‍රැසක් ඇතුලත් කර නිපදවූ උපකරණයකි.

Google driverless car – රියදුරෙකු නොමැති මෝටර් රථයක් නුදුරු අනාගතයේ සකස් කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණයි. එය සිදුවුනොත් රථ වාහන ලෝකයේ විශාල පෙරලියක් වීමට ඉඩ තිබේ.

Motorola Mobility – 2011 වසරේදී මෝටරෝලා සමාගම ගූගල් විසින් මිලදී ගත්පසු එම සමාගමෙන් හදන ජංගම උපාංග වෙළඳ නාම දෙක සහිතව වෙළඳපලට පැමිණේ.

Nexus One - මෙය මුල්ම නෙක්සස් මාදිලියේ දුරකතනයයි HTC සමාගම සමඟ එක්ව නිර්මාණය කරන ලදී. මුල්ම දුරකතනය වූ මෙහි අඩුපාඩු තිබූ නිසා නිෂ්පාදනය 2010 ජූලි 18 වන විට නතර කරන ලදී. ඒ වන විට ඇන්ඩ්‍රොයිඩ් 2.1 - 2.3.6 දක්වා සංස්කරණ භාවිතා කල හැකි විය.

Nexus S - සැම්සුන් සමාගම සමඟ එක් වී ඉදිරිපත් කල නිර්මාණයකි. මෙය ස්ලේට් වර්ගයේ දුරකතනයකි. මෙහි ජෙලි බීන්ස් සංස්කරණය සපයා ඇත.

Galaxy Nexus - ඇන්ඩ්‍රොයිඩ් 4.3 සංස්කරණය සහිතව වෙළඳපලට ආවේය.

• Google TV - විශේෂ ස්මාර්ට් ටීවී අතුරුමුහුණතක් ලෙස කරලියට ආවේය.

Nexus Q - මාධ්‍යයන් ස්ට්‍රීම් කල හැකි විනෝදය සපයන උපාංගයක් වූ මේ නෙක්සස් පවුලේ සාමාජිකයා මේ වනවිට නිපදවන්නේ නැත.

Nexus 7 - 7" ප්‍රමාණයේ ටැබ්ලට් උපාංගයක් වන මෙය අසුස් සමාගම සමඟ එක්ව ඉදිරිපත් කරයි.

Nexus 4 - එල්ජී සමාගම හා එක්ව නිර්මාණය කරන ලද මෙහි ප්‍රමාණය 4.7" වේ.

Nexus 5 - නැවත් මෙහි ප්‍රමාණය 4.95" දක්වා වැඩිකර පහසුකම් වැඩිදියුණු කර කිට්කැට් නම් අලුත් ඇන්ඩ්‍රෝයිඩ් සංස්කරණය සමඟ ඉදිරිපත් කරයි. දැනට නෙක්සස් පවුලේ අලුත්ම සාමාජිකයා වන්නේ මොහුය.

Nexus 10 - තව ටිකක් ප්‍රමාණය වැඩිකර එනම් 10" ප්‍රමාණයේ ටැබ්ලට් උපාංගය ලෙස මෙය වෙළඳපලට ආවේය.

Chromebook - ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන ලැප්ටොප් ආකාරයේ උපාංගයකි. මේ වර්ගයේ උපාංග හඳුන්වන පොදු නාමය ලෙස දැන් මෙය පිලිගැනේ.

•  Chromebook Pixel - උසස් තත්වයේ වැඩ කටයුතු සිදු කරන්නන් උදෙසා ලබා දෙන ක්‍රෝම් විවෘත කේත පද්ධතිය ඇති උපාංග මාදිලියකි.

Chromebox - ඩෙස්ක්ටොප් ආකාරයට ක්‍රෝම් OS එක ධාවනය කරන්නට සැකසු උපාංගයකි.

Chromecast - මීඩියා ස්ට්‍රීම් කරගැනීමට සැකසූ උපාංගයකි.

Google Glass - ඔබ පැළඳගෙන යන කණ්ණාඩියක් ආකාරයේ උපංගයකි. මෙය හරියට පරිගණකයක් වගේ තොරතුරු ලබා දේ. එහිදී පවතින කාලගුණය ආදී තොරතුරු සැනින් ලබා දේ. ඉදිරියේන් අපිට හමුවන පුද්ගලයන්ගේ මුහුණු හඳුනාගෙන ඒ අය ගැන සොයා බලා විස්තර ඔබට සපයයි. කටහඬ සංඥා මගින් එහි වැඩ කිරීමට හැකියාව ලබාදෙමින් තිබේ. මේ ආකාරයේ ස්මාර්ට් ගණයේ මෙම උපාංගය තවම පර්යේෂණ මට්ටමේ ඇති අතර 2014 වසරේදී ඉදිරිපත් වීමට ඉඩ තිබේ.

සේවාවන් >>
Google Crisis Response - මෙම ආපදා ප්‍රතිචාර සේවය පොදු ව්‍යාපෘති වලදී සිදුවන හදිසි අවස්ථා වලට උපකාර කිරීමට සැදී පැහැදී සිටී. කලකෝලාහල මැඬ පවත්වා ගන්නට කලයුතු ක්‍රියා පටිපාටියක් ද ඔවුන් සකස් කර තිබේ.

• Google Fiber - මිසුරි ජනපදයේ කන්සස් නගරය, ටෙක්සාස් වල ඔස්ටින්  සහ අලුතෙන් ප්‍රොවෝ කියන නගර වලට මේ සේවය ලබා දේ. එහිදී ඔවුන් පවසන්නේ 1Gbps පමණ සුපිරි වේගයක් ලබා දෙන අතර ඒ පරිශීලකයන්ට ටෙරාබයිට් එකක ඉඩක් වෙනම ලැබේ. මුදල් ගෙවා ලබාගත යුතු සේවයකි. විස්තර බලන්න https://fiber.google.com/about/

Google Public DNS - පොදුවේ කාටත් භාවිතා කල හැකි කරදර අඩු අනික් සේවාවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් සපයන DNS සේවාවකි.

Google Ideas - පුලුල්ව පැතිරුණු අංශ ‍රැසක පිරිසගේ දැනුම එක්කර තැනූ මතක ටැංකියකි. නිව්යෝක් නගරය පදනම් කොට ඉදිරිපත් කර තිබේ.

Google Person Finder - විවෘත කේත ඇති පුද්ගලයන් හඳුනා ගැනීමට හැකියාව ඇති වැඩසටහනකි. කරදරයකට පත් වූ අය මේ අනුව නැවත හඳුනාගැනීම මේ අනුව පහසු කරුණක් වේ.

_/|\_ _/|\_ _/|\_



No comments:

Post a Comment

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...