මොසිල්ලා සමාගම විසින් ජංගම උපාංග සඳහා නිකුත් කල නවතම මෙහෙයුම් පද්ධතිය හැඳින්වෙන්නේ ෆයර්ෆොක්ස් ඕඑස් නමින්. ආරම්භයක් වශයෙන් එම සමාගම කෙයන් හා පීක් නම් ෆයර්ෆොක්ස් ඕඑස් අන්තර්ගත ස්මාර්ට් දුරකතන දෙකක්, ජංගම උපාංග සඳහා Apps Develop කරන අයට බෙදා දුන්නා. ZTE Open හා alcatel Touch Fire නම් දුරකතන යුගලක් හඳුන්වා දුන්නත් තවම තියෙන්නෙ නිෂ්පාදන අවධියේ.

ඔබටත් ෆයර්ෆොක්ස් ඕඑස් හි ගුණදොස් සොයා බැලීමට නම් නොමිලේම එය බාගත කරගන්න අවස්ථාව ලබාදීල තියෙනවා. තවමත් එය ඔබේ ජංගම දුරකථනයට ස්ඨාපනය කරන්නට බැරි වුණත්, ඔබට එය නියම ආකාරයෙන් පරිගණකය තුළදීම අත්හදා බලන්න පුලුවන්. මෙයට ඔබට ඕන කරන්නේ පරිගණකයට ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හා අන්තර්ජාල සබඳතාවක් පමණයි.
මේකෙ අතුරු මුහුණත කොහොම එකක්දැයි බලාගන්න..![]() |
| Installed Apps |
![]() |
| Screenshots |
1 පියවර:
මුලින්ම පරිගණකයේ ෆයර්ෆොක්ස් බ්‍රව්සරය තිබේදැයි බලන්න, නැත්නම් හෝ ඇත්තේ පරණ වර්ෂන් එකක් නම් මෙතනින් ගිහින් අලුත්ම බ්‍රව්සර් වර්ෂන් එක අරගන්න. [Link]
2 පියවර
දැන් [Link] වෙත ගොස් එහි ඇති "Install it for windows, Mac and Linux" යනුවෙන් ඇති ලින්ක් තුනෙන් අපිට අවශ්‍ය වින්ඩෝස් නිසා එය අරගන්න. එතකොට 67MB තරමේ ගොනුවක් ලැබෙනව *.xpi වර්ගයෙන්.
3 පියවර
මේක කෙලින්ම පරිගණකයට ඩව්න්ලෝඩ් කරගන්න, නැත්නම් පිට තැනකින් ඩවුන් කරගෙන ඇවිල්ලා පරිගණකයට කොපි කරගන්න. ඒක අරගත්තට පස්සේ ෆයර්ෆොක්ස් ඕපන් කරලා එහි Tools -> Add-Ons ගොස් එහි දකුණුපස ඉහලින් තිට්යෙන, "Settings" ක්ලික් කරල "Install Addon from file" තෝරගන්න. එතකොට ඕපන් වන ෆයිල් බ්‍රව්සර් මෙනුවෙන් අපි ඩවුන්ලොඩ් කරපු *.XPI file එක තෝරල දෙන්න. ඊට පස්සේ එන බොක්ස් එකෙන් ඉන්ස්ටෝල් තෝරගන්න ඕන. අනතුරුව බ්‍රව්සරය රීස්ටාට් කරන්න.
4 පියවර
දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයිනෙ. Tools -> Web Developer ගොස් එහි Firefox Simulator තෝරගන්න. අනතුරුව ලැබෙන වින්ඩෝ එකෙන් Start Simulator කරගන්න. නව ටැබ් එකක් ඇවිත් ඕඑස් එක ධාවනය වේවි. දැන් අපි ඕස් එක ටෙස්ට් කරමු. ඒකට ඇප්ස් එහෙම ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේ Simulator එක වැඩ කරන්නේ Virtual Space එකක් නිසා පරිගණකයේ වැඩ වලට කරදරයක් නැහැ.
තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන නිසා පරිපූර්ණ ලෙස ක්‍රියා නොකිරීමට පුලුවන. උත්සහ කරල බලන්න..
ඔන්න මං ගියා..
හෝව් හොව්.. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකත් බලාගෙනම යන්න.
මැක් කියල ගණන් ගන්න එපා. අන්තිමට කියන්න තියෙන්නෙ මෙක ඕස් එකේ ස්වරූපය බලාගන්න දාන පෝස්ට් එකක්..
[මට කමෙන්ට් එහෙමත් දාන්න ඕන :)]


No comments:
Post a Comment
ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...