මේ වචන සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ ඩිස්ක් එකක ඉඩ දැන ගනීමටයි. නැත්නම් දත්ත ගබඩා ඉඩ සහ පද්ධති මතකය දැන ගනීමටයි. නිදසුනක් වශයෙන්, වසර කීපයකට ඉහතින් අප දත්ත ඒකක හැඳින්වූයේ මෙගාබයිට් වලිනි. අද, වැඩිපුරම දත්ත ඒකක වලට භාවිතා වන ඒකකය ගිගාබයිට්. නුදුරු අනාගතයේදී මේ තැන ටෙරාබයිට් වලට හිමිවේ. දැන් වුවද ඒ කරා ඇදී යමින් පවතී. ඒත් මොනවද මේ කියල තවමත් අවුල් සහගතවද ඉන්නේ?
ඔව්, මෙගාබයිට් ගණනය කිරීම උපාංග නිෂ්පාදකයන් කරන්නේ තෝරාගත් ප්‍රමිතියකට අනුවය. මෙගාබයිට් එකක් යනු බයිට් දහසක් වශයෙනි. මේ සඳහා නිදසුනක් බලමු,
ඔබ මිලදී ගන්නවා 80 GB හාඩ් ඩිස්ක් එකක් එතකොට ඔබට තියෙන්න ඕන බයිට් 80,000,000,000 ක්. මෙන්න මෙතනදි තමා ඔබ අවුල් යන්නේ, නිෂ්පාදකයන්ගේ ප්‍රමිතිය කෙසේ වුවත් දත්ත ඉඩක් පරිගණක හඳුනා ගන්නේ එයට සුපුරුදු දෙකේ පාදයේ ඉලක්කම් වලිනි.ඒ අනුව වින්ඩෝස් පද්ධතියකදී 80GB හාඩ් එකක් 74GB දක්වා හෝ ඊට වඩා අඩු වශයෙන් පරිගණකය ඔබට පෙන්වා දේ (8, 16, 32.. ලෙස ගන්න ගණනය කරන්න). දැන් ඔබට තේරෙනවා නේද එයට හේතුව අර ප්‍රමිතිය හා ඇත්ත ඉඩ බෙදා ගැනීමේ පරතරය බව. ඒ අනුව 250 GB = 232 GB, 750GB = 698GB යනාදී ලෙස ගනී. නමුත් ලිනක්ස් පද්ධතියකදී නියමිත දත්ත ප්‍රමාණය එලෙසම දක්වයි.
තවත් තේරුනේ නැද්ද :/ මේකෙදි වෙන්නෙ අපි ගණනය කරන 1000 වෙනුවට 1024 ආදේශ කර ගණනය කිරීමයි. එවිට ඇත්තටම තියෙන ඉඩ අඩු වෙනවා නේද?


