මෙන්න මං අද ඔයාලට කියන්න යන්නේ හදිසියේ වැඩ කරගෙන යද්දි ඕනැ කරන යෙදවුමක්. අපි වර්ඩ් වලින් ටයිප් කරගෙන යද්දි සමහර වෙලාවට නොයෙකුත් සංකීර්ණ ගණිත සූත්‍ර ඇතුලත් කරන්න සිද්ද වෙනව. ඉතින් කොහොමද ඒක කරන්නේ ඒකට වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නවද? නැත. දැන් එහෙම එකක් නැතුව උනත් මේ වැඩේ අපිට ඕනෙ ලෙස කරගන්න පුලුවන්. දැන් මම කියන්නම් මොකද්ද ඒ කියලා. සමහර අය දන්නව ඇති. නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක කියන්නම්කෝ.
නිකම්ම මේ ටූල් එක පරිගණකයේ තියෙනවා. ඒකට
Start-> Search: Math Type Input මේ විදියට ගිහාම, තියෙන්න පුලුවන්. ඒ කොහොම කරත් වින්ඩෝ එකක් එනවා.. ඊට කලින් වර්ඩ් එකේ ඒ සූත්‍රය එන්න ඕන කොටස මත ක්ලික් කර මෙහි පහත විදියට ඇඳ ගන්න ඕන.. එතකොට පේන්නෙ මේ විදිහටයි. ඔයාලට මේකෙ මවුසය ආධාරයෙන් ලියන්න පුලුවන්. මේක බලන්න.
(මොකක් හරි ලියපු ගමන විදිහට එනවා)