ප්‍රින්ටරයක් භාවිතා කරන්නේ පරිගණක තිරය මත ඇති දත්ත මුද්‍රණය කර ගැනීමට බව කවුරුත් දන්නා කරුණකි. ඔබේ නිවසේ හෝ කාර්යාලයේදී ඔබත් ප්‍රින්ටරයක් භාවිතා කර ඇති. මවුසය ක්ලික් කර විධානය දුන්විට පසෙකින් ඇති ප්‍රින්ටරයෙන් අදාල කඩදාසිය මුද්‍රණය වී එන වග ඔබ අත්දැක ඇති. නමුත් පරිගණකත්, ප්‍රින්ටරයත් එකිනෙකට වෙනස් තැන් දෙකක තබා මුද්‍රණය කළ හැකි ක්‍රමයක් ඇතිනම් කෙතරම් අගේදැයි ඔබ සිතුවාද?
Google Cloud Print යනු මෙලෙස දුරස්ථ මුද්‍රණය කල හැකි ක්‍රමයයි. මෙහිදී සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ ඔබේ ප්‍රින්ටරය මගින් ලෝකයේ කොතැනක හෝ සිට මුද්‍රණය කිරීමේ හැකියාවයි. මෙහිදී අවශ්‍ය වන්නේ අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් සහ ස්මාර්ට් දුරකතනයක් හෝ ටැබ්ලට් උපාංගයක් පමණයි. ඒ මගින් ඔබේ ප්‍රින්ටරය වෙත විධාන ලබාදෙන්න පුලුවන්..
මෙවැනි cloud ආකාරයේ සේවයකින් මුද්‍රණය කිරීමට හැකිවීම විශාල වාසියකි.
> වඩාත් වැඩි පිරිසකට එක් ප්‍රින්ටරයක් භාවිතා කල හැකි වීම.
> නොයෙක් වර්ගයේ උපාංග කීපයකට වෙනත් මෘදුකාංග ස්ථාපනයකින් තොරව එකම ප්‍රින්ටරයක් භාවිතා කල හැකි වීම.
> දුර ගැන ගැටලුවක් නොමැතිව ඉක්මණින් මුද්‍රණය කරගත හැකිවීම.
යන වාසි මේ අතරින් මුල් තැන ගනී..
Google Cloud Print සේවය නිසා ඔබ දුම්රියෙන් ගෙදර යන ගමන් ඔබගේ ස්මාර්ට් දුරකතනය මගින් ලිපියක් මුද්‍රණය කරන්නට ඔබගේ නිවසේ ඇති ප්‍රින්ටරයට විධානය දෙන්න පුළුවන්. එවිට ඔබ නිවසට ගිය විට අදාළ කාර්ය ප්‍රින්ටරය විසින් ඉටු කර හමාරයි.
Google Cloud Print සේවය මුද්‍රණයට පමණක් සීමා නොවේ. Google Chrome නම් ඔබ පාවිච්චි කරන්නේ වෙබ් අඩවි වල සැරිසරමින් සිටියදී හමුවන වැදගත් ලිපියක් Ctrl + P මගින් ක්ෂණයෙන් මුද්‍රණය කරගන්නට පුළුවන්. ඊට අමතරව වැදගත් වෙබ් පිටුවක් PDF ආකාරයෙන් Google Drive තුළ සේව් කරගන්නටත් හැකියාවක් මේ සේවයෙන් ඔබට ලබා දේ. ඒ වගේමයි ඔබේ ප්‍රින්ටරය අන් අය සමග බෙදා හදාගෙන පාවිච්චි කරන්නත් මේ නිසා හැකියාව ලැබේ.
ඔබ සතුව ඇත්තේ පැරණි ප්‍රින්ටර මාදිලියක් වුනත් එය Google Cloud Print සමග සම්බන්ධ කල හැකි වීම විශේෂත්වයකි. ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධයක් අනිවාර්ය නොවේ. ඕන කරන්නේ USB Cable එකක් පමණි.
Google Cloud Print සේවය මුද්‍රණයට පමණක් සීමා නොවේ. Google Chrome නම් ඔබ පාවිච්චි කරන්නේ වෙබ් අඩවි වල සැරිසරමින් සිටියදී හමුවන වැදගත් ලිපියක් Ctrl + P මගින් ක්ෂණයෙන් මුද්‍රණය කරගන්නට පුළුවන්. ඊට අමතරව වැදගත් වෙබ් පිටුවක් PDF ආකාරයෙන් Google Drive තුළ සේව් කරගන්නටත් හැකියාවක් මේ සේවයෙන් ඔබට ලබා දේ. ඒ වගේමයි ඔබේ ප්‍රින්ටරය අන් අය සමග බෙදා හදාගෙන පාවිච්චි කරන්නත් මේ නිසා හැකියාව ලැබේ.
ඔබ සතුව ඇත්තේ පැරණි ප්‍රින්ටර මාදිලියක් වුනත් එය Google Cloud Print සමග සම්බන්ධ කල හැකි වීම විශේෂත්වයකි. ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධයක් අනිවාර්ය නොවේ. ඕන කරන්නේ USB Cable එකක් පමණි.
Google Cloud Print සේවාව ලබාගැනීමට ඔබට Google Mail Account එකක් තිබිය යුතුය. ඒ වගේම Chrome Browser එක පාවිච්චි කරනවා නම් ක්‍රියාවලිය පහසු වේ.
@. මුලින්ම ඔබ ඔබගේ ගිණුමට ලොග් වන්න.
@. ක්‍රෝම් බ්‍රව්සරයේ දකුණු කෙලවරේ ඇති
අයිකනය ක්ලික් කර මෙනු එකට ගොස් එහි පහල ඇති Settings යන්න ක්ලික් කරන්න.
@. මතුවන වින්ඩෝවෙන් "Show Advanced Settings.." යන ලින්ක් එක ක්ලික් කරන්න.
එහි පහති ඔප්ෂන් කීපයක් දැක්වෙන අතර "Google Cloud Print" කොටසින් "Add Printers" යන බොත්තම ඔබා Google Cloud Print වෙත පිවිසෙන්න.
@. ඔබගේ ක්‍රියාවලිය අවසානයේ Google Cloud Print සේවාව සක්‍රීය කරගත් බව පණිවිඩයකින් දන්වයි. එහි ඇති "Manage your printers" යන්න ක්ලික් කරන්න, එවිට Google Cloud Print Account එක වෙනම ටැබ් එකකින් ආරම්භ වේ.
දැන් ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇති ප්‍රින්ටර සියල්ලම පෙන්වන අතර දැනට ක්‍රියාත්මක තත්වයේ ඇති මුද්‍රණ විධානයන් ඇත්නම් ඒවාද පෙන්වයි.
![]() |
| Click Image to Zoom |
ඔබ Chrome Browser එකේ වැඩ කරමින් සිටී නම් ඔබට මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය වෙබ් පිටුවක් ඉතා පහසුවෙන් Cloud Print වෙත යොමු කෙරේ. System මෙනුවෙන් Print යන්න තේරීම මගින් හෝ Ctrl+P විධානය මගින්ද ප්‍රින්ට් වින්ඩෝව ලබාගන්න. එහි ඉහළින් ඇති Destination කොටසේ "Change" යන්න ක්ලික් කරන්න. ඊට පහලින් ඇති Google Cloud Print කොටසෙන් ඔබට අවශ්‍ය ප්‍රින්ටරය තෝරාගන්න. දැන් Print යන්න ඔබා වෙබ් පිටුවක පිටපතක් මුද්‍රණය කරන්නට පුලුවන්.
ඔබට අවශ්‍ය නම් මෙහිදී තවත් පහසුකමක් ලබාගත හැකිය. ඔබට අවශ්‍ය වෙබ් පිටුව මුද්‍රණය කරනවා වෙනුවට Google Drive වෙතට Save කරගන්නට වුවද මෙමගින් අවස්ථාව ලැබේ. ඉහත ආකාරයෙන්ම Google Cloud Print කොටසෙන් Save to Google Drive යන්න තෝරා දෙන්න.
ඔබට අවශ්‍ය ඕනෑම ගොනුවක් Google Cloud Print වෙතට අප්ලෝඩ් කර ප්‍රින්ට් කරන්නට මෙහිදී හැකියාව ලබාදී තිබේ. ඉහත Print Window එකේ ඇති Manage යන්න ක්ලික් කරවිට ඔබට Google Cloud Print පිටුවට පිවිසෙන්නට පුළුවන්. දැන් එහි වම්පස තීරුවේ ඉහළ Print යන රතු බොත්තම ඔබා එයින් "Upload File to Print" යන්න තෝරන්න. දැන් ඔබේ පරිගණකයේ ඇති ප්‍රින්ට් කරන්නට අවශ්‍ය ගොනුව තෝරා දෙන්න.
ඔබටත් අන්තර්ජාල සම්බන්ධතාවයක්, Google Account , Chrome web Browser & Printer යන දේවල් ඇත්නම් මේ සේවාව අත්හදා බලන්නට පුළුවනි. ඔබේ ප්‍රින්ටරයෙන් ලොව ඕනෑම තැනක සිට මුද්‍රණය කළහැකි වීම Google Cloud Print හි විශේෂ ලක්ෂණයකි.














No comments:
Post a Comment
ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...