ලැප්ටොප් පරිගණක වලට ගෙන දෙන එක් ප්‍රබල තර්ජනයක් නම්, විවිධ දියර වර්ග(වතුර, කෝපි, තේ, බීම වර්ග) වැනි දෑ එහි යතුරුපුවරුව මතට වැටී උපාංගයේ අභ්‍යන්තරයට යයි. මෙන්න මේ වගේ වෙලාවක කොහොමද ලැප්ටොප් එක ආරක්ෂා කරගන්නේ.. මේ කියලා දෙන්න යන්නේ ඒක කරගන්නේ කොහොමද කියලයි.. එවන් විටෙක මේ පියවර අනුගමනය කරන්න.
@. විදුලිය විසන්ධි කරන්න. දියරය පරිගණකය මතට වැටුණු විගසම විදුලි කේබලය හා බැටරිය ගලවන්න. දියර මගින් පරිගණකයට හානි වෙන්නේ ඒවා විදුලිය එක්ක "ෂෝට්" වෙන හින්දා.. ඒක හින්දා මුලින්ම සැපයෙන විදුලිය අක්‍රීය කර දමන්න.
@. පරිගණකයට සම්බන්ධ සියලුම බාහිර උපාංග (Rom, USB Flash Drives & USB Devices etc..) විසන්ධි කර දමන්න.
@. යතුරුපුවරුව හැකි ඉක්මණට පල්ලෙහට හිටින්න හරවා ගන්න. එවිට වැටුණු දියරය තව දුරටත් අභ්‍යන්තරයට නොයයි.
@. පේන්න තියෙන සියලුම දියරයන් පිරිසිදු තෙතමනය උරා ගන්නා ඇලවෙන්නෙ නැති රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න. යතුරු පුවරුව හා තිරය මත ඇති බොත්තම් හා අවට තියෙන සියලුම කොටස් සීරුවෙන් පිසදා ගන්න.
@. නව ලැප්ටොප් වල දියර ඇතුලට යන්න බැරි වෙන්න ආවරණ සහිතව පැමිණේ. ඒ බව සළකා බලා පිරිසිදු කරන්න.
@. ඔබේ පරිගණකයේ ආරෝපිත විදුලියෙන් ආරක්ෂා වෙන්න රබර් සෙරෙප්පු හෝ විදුලි පරිවාරකයක් මත හිඳ, පහත පියවර අනුගමනය කරන්න.
@. ලැප්ටොප් අභ්‍යන්තරයට දියරය ගිහින් නම්, එය ගැලවීමට සිදු වේ. ඔබට මෙය කරන්නට අපහසු නම්, ඒ ගැන දැනුම සහ පළපුරුද්ද ඇති කෙනෙකු ළවා කරවා ගන්න.
@. ප්‍රවේශමෙන් පරිගණකයේ බාහිර ආවරණය ඉවත් කරන්න. ඒ සඳහා යටි පැත්තේ ඇති ඔක්කොම ඇණ ගලවා ඉවත් කරන්න.
@. ගලවා ඉවත් කරන්න පුලුවන් Hard Disk, Roms හා පරිපථ ආදි උපාංග ගලවා ඉවත් කරන්න.
@. දත් පුරුසුවක් හෝ කන් සුද්ධ කරන කොටන් බඩ් එකක් වැනි පිරිසිදු කෙඳි නොගැලවෙන රෙදිකඩකින් සියලු ජලය නොවන තේ, කෝපි වැනි දේ පිසදා ඉවත් කරන්න. එහෙමත් ඉවත් නොවන දේවල් ඇත්නම් සිහින් අඩු වායු ධාරාවක් ලබා දී පැල්ලම් වියළා ඒවා ඉවත් කරන්නට උත්සහ කරන්න.
@. මේ ආකාරයට පිරිසිදු කරන්නට බැරි දේවල් ඉවත් කරන්නට පිරිසිදු-කාරකයක් (Solvent/Residue) භාවිතා කරන්න. මෙහිදී කාමරය තුළ වාතාශ්‍රය හොඳින් ලැබිය යුතුයි. පරිගණකයේ සියලු පරිපථ ගලවා ඉවත් කරගන්න.
#. පරිගණය මත වැටී ඇති දියරයේ ස්වාභාවය අනුමාන කරන්න. එය කෝපි හෝ තේ නම් අයන ඉවත් කල ජලයෙන්(බැටරි වතුර) සෝදා පිරිසිදු කරන්න.
#. රසායනික හෝ තෙල් වැනි යමක් වැටී ඇත්නම් පිරිසිදුකාරක ඇල්කොහොල් හෝ සර්ජිකල්-ස්ප්‍රිට් වැනි යමක් යොදා පිරිසුදු කර, බැටරි වතුරෙන් නැවත පිරිසුදු කරන්න.
ඉවත් කල හැකි සෑම පැල්ලමක්ම ඉහත ආකාර වලින් ඉවත් කරන්න.
එහෙමත් නොහැකි නම් පිරිසුදු වතුරෙන් ම හෝදා ගන්න සිදුවේ. ඒත් ජලයෙන් සෝදන එක පරිගණක පරිපථ වලට හානිදායක නොවුනත් ඒ ගැන පළපුරුද්ද ඇති කෙනෙකු නොමැතිව කිසිවිටක එය නොකරන්න.
@. පරිගණකය වියළා ගැනීම ඊළඟ පියවරයි. විදුලි පංකාවකින් හෝ මද හිරු එළියෙන් වියළා ගන්න. කිසි විටකත් අධික තාප-ධාරා භාවිතා නොකරන්න. ඒ කියන්නෙ හිසකෙස් වේලන hair driers භාවිතා කරන්න එපා. දිනක් දෙකක් වේලන්න තැබීම වඩා යෝග්‍ය වේ. එවිට කුඩා තැන් පවා හොඳින් වේලීමට කාලය ප්‍රමාණවත් නිසා..

@. ඒ අවසානයේ පරිගණකයේ කොටස් එකලස් කරගන්න.
පරිගණකය ON කර එය ක්‍රියාත්ම වන්නේදැයි බලන්න. එසේ ක්‍රියාත්මක නොවේ නම් පරිගණක අලුත්වැඩියා කරන්නෙකු හමුවීම සුදුසුය.






No comments:
Post a Comment
ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...