Friday, September 14, 2012

ලිනක්ස් වැඩ්ඩෝ 10 දෙනෙක්

ලිනක්ස් කියන්නේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන මෙහෙයුම් පද්ධතියක්.ලිනක්ස් කර්නලය මත පදනම් වෙලා හදපු බොහෝමයක් මෙහෙයුම් පද්ධති තියෙනවා.. ඒ ඔක්කොගෙම පොදු ගුණ කිහිපයක් තියෙනවා. එනම්,
# අනික් මෙහෙයුම් පද්ධති හා සැලකීමේදී ප්‍රබල බවක් පෙන්වයි. ඒ කිව්වේ පරිගණක ශක්‍යතාවේ අඩු වැඩිකම අදාල නොවීමයි.
# ඒ වගේම මේ බොහොමයක් පොදු ප්‍රජාවක් ඔස්සේ පාලනය කෙරේ.
# පිලිගත් තත්වයන්ට අනුව සියලු වැඩ කටයුතු සිදු වේ.
# වඩා සුවපහසු අතුරුමුහුණත
# පහසු ස්ථාපනය
# උදව් උපකාර මාර්ගගතව ලබා ගන්නට ඇති හැකියාව

         වේගය, ක්‍රියාකාරිත්වය ස්ථායී බව හා විශ්වාසනීයත්වය යටතේ මේවා ඉදිරිපත් කරයි. ඉතින් අද කතා කරන්නේ මේ වගේ ජනප්‍රිය වෙච්ච මෙහෙයුම්
පද්ධති(Linux Distro) ගැනයි. 2012 දී ජනතාව අතර වඩා ප්‍රචලිත වූ එවන් මෘදුකාංග වලින් හොඳම දහයයි මේ.. Angry smile

1. Linux Mint:
linux-mint
           දැනට ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ඩිස්ට්‍රෝ එකක්. අලුත්ම එක mint 13 Maya. Gnome 3 වර්ගයේ අතුරුමුහුණතක් හිමිය. පලපුරුදු ලිනක්ස් පරිශීලකයින් විසින් මෙය බොහෝ විට භාවිතා කරයි. ඒත් එහි ඇති සරල බව අන් සැමටත් මෙය භාවිතය පහසු කරයි. browser plugins, media codecs, DVD playback සහය, Java and other components යනාදී අංග යොදා තිබීම මෙය ජනප්‍රිය වීමට මුලික හේතු වී ඇත.
වාසි:
# මෙයට ආවේණික වූ tools රාශියක් තිබීම.
# පරිශීලක මිතුරු බව වැඩිකර තිබීම.
# ඕනෑම වර්ගයක මීඩියා ෆයිල්ස් ධාවනය කල හැකි වීම.
අවාසි:
# මෙහි වෙළඳ සංස්කරණයක් පවතින අතර එයට ලබාදෙන සමහර ගුණාංග නිදහස් සංස්කරණයේ අඩංගු නොවීම.
# සමහර ආරක්ෂක අඩුපාඩුකම් පැවතීම. නමුත් අන් ඩිස්ට්‍රෝ හා සැසඳීමේදී කරගත හැකි කාර්යන් බොහෝය.
මෙය මා පෞද්ගලිකවද අතහදා බලා ඇත්තෙමි. වැඩිදුර විස්තර දැනගන්න..

2. Ubuntu:
ubuntu
            මේ උබුන්‍ටු කියන නමේ තේරුම "මනුස්සකම (Humanity) "ය. මේ වනවිට 12.4 සංස්කරණය පවතී. ඔක්‍තෝබර් මස නව සංස්කරණය[12.10] කැනෝනිකල්(Canonical) සමාගම විසින් ඉදිරිපත් කරයි. ඔවුන් මේ ආකාරයට වසරකට සංස්කරණ දෙක බැගින් ඉදිරිපත් කරයි. කාලයක් තිස්සේ ජනප්‍රිය වූ කවුරුත් දන්නා ඩිස්ට්‍රෝ එකයි. මෙහි ක්ලවුඩ් සහයද ඇත. දස දහස් ගණන් විවිධ වර්ගයේ මෘදුකාංග මේ ඩිස්ට්‍රෝ එකට ඔබේ අභිමතය අනුව එක් කරගත හැකිය. උබුන්‍ටු ඩිස්ට්‍රෝ එක මෘදුකාංග වල සාරය ගෙන එන බවයි කියන්නේ. පරිගණකයට ස්ථපිත නොකර CD/DVD මාධ්‍යයක සිට උබුන්‍ටු වල හැඩය බලා ගැනීමට පහසුකමක් Live CD ලෙස හඳුන්වා දී ඇත. ග්‍රැ‍ෆික් අතුරුමුහුණත කාටත් පහසු ලෙස වැඩිදියුණු කරමින් ඉදිරියට යයි. සංසකරණයෙන් සංස්කරණයට යම් යම් අලුත් ගුණාංග අතුරුමුහුණතට එක් කරයි. ඒ අතර මෙහි ඇති 3D Desktop Effects වල ආභාසය ගෙන මැක් වැනි වානිජ මෘදුකාංග අතුරුමුහුණත් එක් කර ඇති බව පවසයි. හාඩ්වෙයා උපාංග බොහෝමයක් (Hardware Drivers) සමග සුමටව වැඩ කිරීමට දැන් හැකියාව ඇත. මෙය ජනප්‍රිය වීමට එයද හේතු වී ඇත.
වාසි:
# වානිජ හා නිදහස් සංස්කරණ දෙකටම මහජන දායකත්වය ලැබේ.
# Documentation වල කරුණු පැහැදිලි කර දක්වා ඇති ආකාරය අනුව ඒවායෙහි අඩුපාඩුවක් පෙන්වා දීමට නොහැකි තරම් ය.
අවාසි:
# එහෙත් ප්‍රධාන දෘඩාංග නිපැයුම්කරුවන්ගේ උපාංග වලට අනික්වාට සාපේක්ෂව වැඩි සහයක් දැක්වීම.
# ඩේබියන් සමග පවතින අනුකූලතාවයේ අඩුකම.
වැඩිදුර විස්තර දැනගන්න, හැඩ වැඩ බලගන්න මෙතනින්..

 3. Fedora:
fedora-17
             ෆෙඩෝරා කියන්න රෙඩ්-හැට් වල නිදහස් සංස්කරණයයි. 2003 පටන් මෙය ඉදිරිපත් කරයි. රෙඩ්-හැට් වල නිදහස් සංස්කරණය වුවත් ඒ එක එකට අනන්‍ය වූ ගුණාංග පවතී. මාස 6න් හයට මෙහි සංස්කරණ එළි දක්වයි. අලුතින් ලිනක්ස් භාවිත කරන යාලුවන්ට මේකෙන් පටන් ගන්න එක හොඳයි. මෙතනින් ගිහින් විස්තර බලල අරගන්න..
වාසි:
# සුපිරි ආරක්ෂක ගුණාංග
# Packages බොහොමයකට සහය දැක්වීම
# සම්පූර්ණයෙන්ම නව නිර්මාණයකි. උපුටා ගැනීමක් නොමැත.
අවාසි:
# KDE 4 සහ GNOME 3 සඳහා downgrade කළ නොහැක.
# ඇතැම්විට ඩෙස්ක්ටොප් පරිශීලකයන්ගේ සැකසුම් අන්සතු කරන්නට පුලුවන්.

 4. Debian:
Debian-Linux
        තනි පරිශීලකයන්ට හඳුන්වා දුන් ඩිස්ට්‍රෝ එකකි. මෙය ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. 20,000 කට වඩා කලින් සකස් කරපු කෙලින්ම ස්ථාපනය කලහැකි වැඩසටහන් නොමිලේ ලබාගත හැකිවේ. ප්‍රාථමික වැඩසටහන් මෙහි අන්තර්ගත කර ඇත (media player, web browser වැනි.. ). අලංකාර අතුරුමුහුණතක් ඇත. මෙතනින් අරගන්න..
වාසි:
# Quality Control කිරීම අති විශිෂ්ඨය.
# Processor Architecture ගණනාවකට සහය දක්වයි(අන් ඩිස්ට්‍රෝ වලට සාපේක්ෂව).
අවාසි:
# සංස්කරණ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මන්දගාමිය.
# ඒ හේතුව නිසා අලුත්ම තාක්ෂණික අංග එක් කිරීමට නොහැකි වේ.

5. Arch Linux:
arch-linux
           මෙය අහල හුරු නැති එකක් වුනත් මෘදුකාංග සංවර්ධකයන්ගේ වැඩ වලට බොහෝ සහයක් දක්වයි.මෙය i686 සහ x86/64 යන ආකෘති වලට සහය දක්වන ප්‍රජාවක් නැතිව තනිව වර්ධනය කරන ඩිස්ට්‍රෝ එකකි. තාක්ෂණික පැත්තට වැඩි නැඹුරුවක් දක්වයි. ස්තාපනය කිරීමට ඕන නම් සියලු විස්තර අඩංගු මැනුවල් එකක් ඇත. යන්න මෙතනට අරගන්න.. 
වාසි:
# පරිගණකයේ ගණත්වය වැඩිකර ගතහැකි Tweaks අඩංගු කර ඇත.
# අන් ඩිස්ට්‍රෝ වලට වඩා මෙය තමන්ගේ කැමැත්තට හැඩගස්වා ගැනීමේ හැකියාව අද්විතීය යි.
අවාසි:
# වඩා Customizable වීම නිසා හදිසි පද්ධති බිඳවැටීම් ඇතිවීමේ හැකියාවක් ඇත. එම නිසා පරිස්සම් වන්න.

6. openSUSE:
openSUSE
           නවෙල්(Novell) සමාගම ඉදිරිපත් කරයි. මෙය අංග සම්පූර්ණ ඩිස්ට්‍රෝ එකක් ලෙස දැක්විය හැකිය. වැඩ කිරීම ඉතා පහසු කර ඇත. ඒ මදිවට හිතාගන්න බැරි තරම් ලස්සන අතුරුමුහුණතක් අඩංගු වේ. බොහෝ දෘඩාංග නිෂ්පාදකයෝ මීට සහය දක්වයි. අරගන්න, විස්තර බලන්න යන්න..
වාසි:
# විස්තර සහිත වටිනා මෘදුකාංග ‍රැසක් අඩංගු වේ.
# මාර්ගගත ව වැඩි පහසුකම් සපයයි.
අවාසි:
# වැඩි අලංකාරත්වයට වැඩි පරිගණක ශක්‍යාතාවක් අවශ්‍ය වීම අවාසියකි.

7. Backtrack Linux:
bt5-0
     මෙය ජාලකරණ කටයුතු වලට වැඩි සහයක් දක්වන නිසා පරිගණක ජාලගතව කරන වැඩ වලට අදාළ මෘදූකාංග අඩංගු කර තිබේ. මෙහි Monolithic kernal යොදා තිබේ. හැකින් කටයුතු වලට යොදාගත හැකි බව කියයි. ආරක්ෂක අඩුපාඩු නැතිතරම්ය. පරිගණකයේ පහලම තලය එනම් හාඩ්වෙයා මට්ටමේ වැඩක‍ටුතු වලට උචිත වූ Advanced Distro එකකි. නවතම සංස්කරණය BackTrack 5 R3 (August 13, 2012). මේ මෙහෙයුම් පද්ධතියේ කරන වැඩ කොටස් 12 කට බෙදා දක්වයි. Information Gathering,Vulnerability Assessment, Exploitation Tools, Privilege Escalation,Maintaining Access, Reverse Engineering, RFID Tools, Stress testing, Forensics, Reporting, Tools, Services, Miscellaneous
මේ වීඩියෝව බලන්න.
ආස හිතනව නම් මෙන්න අරගන්න..

8. CentOS:
CentOS
            තනිව හා කණ්ඩායම් වශයෙන් මෙහි සංවර්ධන කටයුතු සිදු කරයි. ව්‍යාපාර මට්ටමේ අයට යෝග්‍ය වේ. මෙය නිදහසේ පාවිච්චි කල හැකිය. වසර 5ක් දක්වා ආරක්ෂක අප්ඩේට්ස් ලබා දේ. බොහෝ දෙනා අත්හදා බලන නිසා අඩුපාඩුකම් අඩුබව සිතිය හැක. ඒත් නව තාක්ෂණික ගුණාංග එක් නොවීම මෙය වැඩිපුර ජනප්‍රිය නොවීමට හේතු වී ඇත. සියලු විස්තර බලාගන්න යන්න..

9. Mageia:
mageia
             නවකයින්ට පහසු ඩිස්ට්‍රෝ එකකි. පවතින මධ්‍යගත සැකසුම් උපාංග ප්‍රබලය. ඒත් ගොඩක් කාලයක් පවත්වාගෙන යාමේ අපහසුකම් පවතී. මෙයද වැඩිපුර භාවිතා නොකරයි. ඒත් භාෂා ගණනාවකට සහය දැක්වීම නිසා ජනප්‍රිය වී ඇත. 2010 සැප්තැම්බර් මුල්වරට ඉදිරිපත් කර ඇති නිසා මෙහි වර්ධනයට කල් ඇතිබව කිව යුතුය. දැනට එහි දෙවන සංස්කරණය නිකුත් කර තිබේ.

10. Slackware Linux (Geek OS)
Slackware
           ලිනක්ස් මෙන්ම යුනික්ස් ද බොහෝ පරිගණක භාවිතා කරන්නන් පාවිච්චියට හුරුවෙමින් පවතී. ඉතින් ඒ වගේ අයට හදාපු ඩිස්ට්‍රෝ එකක් මේක. බග්ස් නැති තරම් ය. ඒ කෙසේ වෙතත් යුනික්ස් වලට මෘදුකාංග සෑදීම අඩු වීමත් සංකීර්ණ භාවිතයට යෝග්‍ය වීමත් Command Line මත බොහෝ ක්‍රියාකාරකම් ඉ‍ටු කරගත යුතු වීමත් අවාසියකි. තාක්ෂණික කටයුතු වලට භාවිතා කරයි. අවශ්‍ය නම් විස්තර ලබාගන්න..
මේ පිලිවෙල වෙනස් වෙන්න පුලුවන්, user reviews අනුව. මේ අතරින් බොහෝමයක නිදහස් සංස්කරණ හා වානිජ සංස්කරණ පවතී. මං කියන්නේ සාමාන්‍ය භාවිතයට
නිදහස් සංස්කරණය ප්‍රමාණවත් කියලා.. කොහොමත් ඩුවල් බූට් කරල හරි, පෙන් එකෙන් බූට් කරල හරිනේ ලිනක්ස් පාවිච්චි කරන්නේ.. මෙහි සංස්කරණ ටෝරන්ට්
වලින් ලබාදෙන එකත් විශෙෂත්වයයි, මොකද එවිට ලබාගත යුතු සර්වර් ඉඩකඩ අඩුවන හෙයිනි. ඒ වුණාට එහි ගුණාංග ලබාගන්නත් පුලුවන්.

ඔන්න ඕකයි කතාව.. Thumbs up Like/Comment කරන්න. අනික් අයත් එක්ක මේ දැනුම බෙද ගන්න යාලුවනේ..

 Open-mouthed smile Open-mouthed smile 

2 comments:

  1. Ubuntu 12.4 CD DVD dekema thiyanawa neda?

    ReplyDelete
  2. මිත්‍රයා, CD version එක විතරයි නොමිලේ.. DVD version එක සල්ලි වලට ගන්න ඕන.. ඒ දෙක අතර වෙනස තමා මිලදී ගන්න එකට Codecs ආදී බොහෝ දේවල් ඇතුලත් කරලා තියෙන්නෙ.. අලුතෙන් දේවල් දාගන්න ඕන නැති තරම්..

    ReplyDelete

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...