ලිනක්ස් කියන්නේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන මෙහෙයුම් පද්ධතියක්.ලිනක්ස් කර්නලය මත පදනම් වෙලා හදපු බොහෝමයක් මෙහෙයුම් පද්ධති තියෙනවා.. ඒ ඔක්කොගෙම පොදු ගුණ කිහිපයක් තියෙනවා. එනම්,
# අනික් මෙහෙයුම් පද්ධති හා සැලකීමේදී ප්‍රබල බවක් පෙන්වයි. ඒ කිව්වේ පරිගණක ශක්‍යතාවේ අඩු වැඩිකම අදාල නොවීමයි.
# ඒ වගේම මේ බොහොමයක් පොදු ප්‍රජාවක් ඔස්සේ පාලනය කෙරේ.
# පිලිගත් තත්වයන්ට අනුව සියලු වැඩ කටයුතු සිදු වේ.
# වඩා සුවපහසු අතුරුමුහුණත
# පහසු ස්ථාපනය
# උදව් උපකාර මාර්ගගතව ලබා ගන්නට ඇති හැකියාව
# අනික් මෙහෙයුම් පද්ධති හා සැලකීමේදී ප්‍රබල බවක් පෙන්වයි. ඒ කිව්වේ පරිගණක ශක්‍යතාවේ අඩු වැඩිකම අදාල නොවීමයි.
# ඒ වගේම මේ බොහොමයක් පොදු ප්‍රජාවක් ඔස්සේ පාලනය කෙරේ.
# පිලිගත් තත්වයන්ට අනුව සියලු වැඩ කටයුතු සිදු වේ.
# වඩා සුවපහසු අතුරුමුහුණත
# පහසු ස්ථාපනය
# උදව් උපකාර මාර්ගගතව ලබා ගන්නට ඇති හැකියාව
වේගය, ක්‍රියාකාරිත්වය ස්ථායී බව හා විශ්වාසනීයත්වය යටතේ මේවා ඉදිරිපත් කරයි. ඉතින් අද කතා කරන්නේ මේ වගේ ජනප්‍රිය වෙච්ච මෙහෙයුම්
පද්ධති(Linux Distro) ගැනයි. 2012 දී ජනතාව අතර වඩා ප්‍රචලිත වූ එවන් මෘදුකාංග වලින් හොඳම දහයයි මේ..
1. Linux Mint:
දැනට ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ඩිස්ට්‍රෝ එකක්. අලුත්ම එක mint 13 Maya. Gnome 3 වර්ගයේ අතුරුමුහුණතක් හිමිය. පලපුරුදු ලිනක්ස් පරිශීලකයින් විසින් මෙය බොහෝ විට භාවිතා කරයි. ඒත් එහි ඇති සරල බව අන් සැමටත් මෙය භාවිතය පහසු කරයි. browser plugins, media codecs, DVD playback සහය, Java and other components යනාදී අංග යොදා තිබීම මෙය ජනප්‍රිය වීමට මුලික හේතු වී ඇත.
වාසි:
# මෙයට ආවේණික වූ tools රාශියක් තිබීම.
# පරිශීලක මිතුරු බව වැඩිකර තිබීම.
# ඕනෑම වර්ගයක මීඩියා ෆයිල්ස් ධාවනය කල හැකි වීම.
අවාසි: # මෙහි වෙළඳ සංස්කරණයක් පවතින අතර එයට ලබාදෙන සමහර ගුණාංග නිදහස් සංස්කරණයේ අඩංගු නොවීම.
# සමහර ආරක්ෂක අඩුපාඩුකම් පැවතීම. නමුත් අන් ඩිස්ට්‍රෝ හා සැසඳීමේදී කරගත හැකි කාර්යන් බොහෝය.
මෙය මා පෞද්ගලිකවද අතහදා බලා ඇත්තෙමි. වැඩිදුර විස්තර දැනගන්න..
2. Ubuntu:
මේ උබුන්‍ටු කියන නමේ තේරුම "මනුස්සකම (Humanity) "ය. මේ වනවිට 12.4 සංස්කරණය පවතී. ඔක්‍තෝබර් මස නව සංස්කරණය[12.10] කැනෝනිකල්(Canonical) සමාගම විසින් ඉදිරිපත් කරයි. ඔවුන් මේ ආකාරයට වසරකට සංස්කරණ දෙක බැගින් ඉදිරිපත් කරයි. කාලයක් තිස්සේ ජනප්‍රිය වූ කවුරුත් දන්නා ඩිස්ට්‍රෝ එකයි. මෙහි ක්ලවුඩ් සහයද ඇත. දස දහස් ගණන් විවිධ වර්ගයේ මෘදුකාංග මේ ඩිස්ට්‍රෝ එකට ඔබේ අභිමතය අනුව එක් කරගත හැකිය. උබුන්‍ටු ඩිස්ට්‍රෝ එක මෘදුකාංග වල සාරය ගෙන එන බවයි කියන්නේ. පරිගණකයට ස්ථපිත නොකර CD/DVD මාධ්‍යයක සිට උබුන්‍ටු වල හැඩය බලා ගැනීමට පහසුකමක් Live CD ලෙස හඳුන්වා දී ඇත. ග්‍රැෆික් අතුරුමුහුණත කාටත් පහසු ලෙස වැඩිදියුණු කරමින් ඉදිරියට යයි. සංසකරණයෙන් සංස්කරණයට යම් යම් අලුත් ගුණාංග අතුරුමුහුණතට එක් කරයි. ඒ අතර මෙහි ඇති 3D Desktop Effects වල ආභාසය ගෙන මැක් වැනි වානිජ මෘදුකාංග අතුරුමුහුණත් එක් කර ඇති බව පවසයි. හාඩ්වෙයා උපාංග බොහෝමයක් (Hardware Drivers) සමග සුමටව වැඩ කිරීමට දැන් හැකියාව ඇත. මෙය ජනප්‍රිය වීමට එයද හේතු වී ඇත.
වාසි:
# වානිජ හා නිදහස් සංස්කරණ දෙකටම මහජන දායකත්වය ලැබේ.
# Documentation වල කරුණු පැහැදිලි කර දක්වා ඇති ආකාරය අනුව ඒවායෙහි අඩුපාඩුවක් පෙන්වා දීමට නොහැකි තරම් ය.
අවාසි:
# එහෙත් ප්‍රධාන දෘඩාංග නිපැයුම්කරුවන්ගේ උපාංග වලට අනික්වාට සාපේක්ෂව වැඩි සහයක් දැක්වීම.
# ඩේබියන් සමග පවතින අනුකූලතාවයේ අඩුකම.