Wednesday, September 19, 2012

iOS 6 is launched: අයි-ඕඑස් නිකුත් කළා.. :)

                
iOS6-04-580-100
                    ඔන්න ඉතින් ඇපල් පාරිභෝගිකයන් පුල පුලා බලා සිටි මේ සංස්කරණය අද (19 සැප්.) නිකුත් වුණා.. Open-mouthed smile නවතම විශේෂාංග ද ඇතුලත් ව ඇති අතර පවතින සමහර අංග වැඩිදියුණු කර ඇත. මෙය iPhone 5 නිකුත් කෙරුණු මේ වකවානුවේම නිකුත් කිරීම කාගෙත් කතාබහට ලක් වේ. මේ සංස්කරණය පැරණි උපාංගයන් වන iPhone 3GS, 4, 4S,iPod Touch (4G), iPad 2 & 3 ඒවාට මේ මෙහෙයුම් පද්ධතිය සහය දක්වයි. පාරිභෝගිකයන් ආස කරන උණාංග ‍රැසක් iCloud, Mail, Passbook යනාදියට එක් කර තිබේ.

මෙයටම අනන්‍ය වූ අතුරු මුහුණත iOS වල ජනප්‍රියත්වය වැඩි කිරීමට සමත් වී ඇති බව නොරහසකි. ඒ ගුණය ආරක්ෂා කරමින් මේ අතුරුමුහුණත සය වන සංස්කරණයේදී වැඩි දියුණු කර තිබේ. නව අයිෆෝනයේ තිර ප්‍රමාණයට මෙන්ම අනෙක් උපාංග සමගද සුමටව වැඩ කිරීම හැකියාව දියුණු කර තිබේ.
layout
අලුත් අංග:
# Maps:
ios-maps
      ඇපල් සිතියම් සේවය වැඩිදියුණු කරමින් iOS සඳහා නව විශේෂාංග එක් කර තිබේ. ඒ අතර හරව හරවා බැලිය හැකි ත්‍රිමාණ පින්තූර තාක්ෂණයක් මීට අඩංගු කර ඇත. මෙහිදී ඔබට ඕනෙ නම් 'TomTom & OpenStreetMaps' වල සහයද ලබා ගත හැකිය. ඊට අමතරව මේ අංගය Google Maps සේවයේ මෙන් සකස් කර තිබේ. දැන් ඔබට අතරමං නොවී අයි-ඕඑස් මැප්ස් මඟින් ඕනෑම ගමනාන්තයක් කරා යෑමට ලෙහෙසි වේ (මෙය ලංකාවට කෙතරම් දුරට සාර්ථක ද කියා තවම කිව නොහැකිය). ඒ වගේම කුරුල්ලෙක්ගේ ඇසකින් පෙනෙන ආකාරයට සිතියම් බැලීමටද පුළුවන. භූ විෂමතා ලක්ෂණ, ගොඩනැගිලි ආදිය ඉක්මනින් හඳුනා ගැනීම පහසු වේ. මෙයට ගූගල් මැප්ස් සමග තරඟ කරන්නට හැකි වේදැයි බලගන්න.


#Passbook: Build-in NFC [Near Field Communication] පහසුකම මෙයට එක්කර තිබේ. ඇත්තට ම පාස්බුක් කියන්නෙ එකම තැනකින් නොයෙක් දේවල් කියවීමට (QR Read), ඊ-ටිකට් ලබා ගැනීම ආදිය ගත හැකි සේවයකි. එය නොවැදගත් බව සහ ඊළඟ iPhone 5S සංස්කරණයේ මෙම විශේෂාංගය නොසලකා හරින බවට ආරංචි තිබේ.

# තමන් ඉන්න තැන අනුව මිතුරන් සොයන්නට පහසුකමක් එක්කර ඇත. පවුලේ අය නෑ මිතුරන් ආදියේ විස්තර බලගන්නට පුලුවනි. lost mode නව විශේෂාංගය මඟින් නැති වූ උපාංගයක් පහසුවෙන් සොයාගන්නට සංඥාවක් යැවීමට පුලුවන. එය සක්‍රීය කර තැබිය යුතුම කියල මං හිතනවා, කොයි වෙලේ නැති වෙයිද දන්නෙ නෑ නෙ..

#රිමයින්ඩර්ස් පහසුකම: ඔබ යොදාගෙන ඇති කාල සටහනක ඇති ඒ ඒ වැඩ මතක් කර දෙන්න හදපු වැඩසටහනක් මේක. අවශ්‍ය ස්ථනයේදී හෝ දවස කිට්‍ටු කරල ඒ බව ඔබට දන්වයි. ව්‍යාපාරකයින්ට වගේම කාර්යබහුල අයට කදිම වැඩසටහනක් ලෙස මෙය දැක්විය හැකිය.

# Siri version 2:
siri
ඇපල් හි බුද්ධිමත් සහයකයාගේ ගතිගුණ වැඩිදියුණු කර තිබේ. ක්‍රීඩා වල නවතම විත්ති සැපයීම , අවන්හල් පවතින ස්ථාන නිර්ණය කිරීම, ස්වංක්‍රීය වැඩසටහන් ආරම්හ කරවීම, සමාජ ජාල වල News Feeds පෙන්වීම යනාදිය එක්කර තිබේ. භාෂා ගණනාවකට සහය දක්වයි
# සමාජ ජාල සම්බන්ධය: ඉතා පහසුවෙන් Facebook, Twitter යන සේවා සමඟ සම්බන්ධ වී ඒ ඒ වැඩ කරවීම පහසු කර තිබේ. ඔබගේ උපාංගයේ ඇතුලත් කර ඇති පුද්ගල අංක අනුව ඒවා sync කර ගැනීම ඔබට වැදගත් වනු ඇත. ඒ අනුව උපන්දින සුබ පැතුම් ආදිය යැවීමට පහසු වේ.

# Do not disturb(NEW Feature): මෙය iOS 6 සමඟ පමණක් එන අලුත් අංගයකි. අවශ්‍ය කාල පරාසය සටහන් කොට ඔබගේ උපාංගයේ දැල්වීමකින් තොරව ඇමතූ පුද්ගලයාට පණිවිඩයක් යැවීමට හැකි වේ. මෙහිදී ඔබගේ උපාංගය නිශ්ශබ්ද (Silent) අවස්ථාවේ පවතින බව සැලකිය යුතුයි.
OTA-updateමෙහිදී Over The Air (OTA) update එක නිකුත් කිරීමද වැදගත් වේ. මේ නිසා iDevice වලින් පණිවිඩයක් ලබා දී අලුත් Firmware Update එකක් ඇත්නම් ඒ බව පෙන්වයි. මේ නිසා ඔබගේ උපාංගය අලුත් තාක්ෂණය සමඟ නිරතුරුව අලුත් වෙමින් යයි. මේ නිසා අඩුම තරමින් 50% ක බැටරි ඉතුරුවක් ඇති කර දිගුකලක් භාවිතයට මඟ පාදයි.
නව ගති-ගුණ එක් කර Twitter 5 සංස්කරණයද මේ ජංගම මෙහෙයුම් පද්ධතිය ගෙන එයි. ඔබගේ ප්‍රොෆයිල් එකේ පටන් අලුත් මුහුණුවරක් එක් කර සේවාව ලබා ගැනීම පහසු කර ඇත.
මීට අමතරව FaceTime over cellular,Safari,Mail ,Notification Center,App Store යනාදිය සඳහා ද අලුත් දෙවල් එක්කර තිබේ. ඒ වගේම iOS Developers සඳහාද නොයෙක් අලුත් හැකියාවන් එක්කර නිපදවා ඇත. ඔවුනගේ රුචිය අනුව ඇප්ස් නිර්මාණය ඒ අනුව සිදු කරනු ඇත. API එකේ ෆන්ක්ෂන්ස්, පැකේජස් අලුත් කර ඇත..
ඔන්න ඕවා තමා iOS එකේ තියෙන අලුත් වැඩ කෑලි..
ඔයාලට අයි-ඕඑස් 6 දාපු උපාංගයක් පාවිච්චි කරොත් මේ ගුණාංග සියල්ලම අත් විඳින්න පුලුවන්.
.

Think Different : Be Apple

No comments:

Post a Comment

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...