Monday, January 13, 2014

ගූගල් දෙවියන් අපට දුන් දායාද | Gifts from Google

අද මේ කියන්න යන්නේ මූලිකවම ගූගල් සමාගමේ ඩෙස්ක්ටොප්, මොබයිල්, ඔන්ලයින් නිෂ්පාදන ගැනයි. මෙහිදී ප්‍රධාන නිපැයුම් පමණයි ඉදිරිපත් කරන්නේ. සමහර නිෂ්පාදන ඒකාබද්ධ කල, බැහැර කරන ලද හා නම අලුත් කරන ලද නිෂ්පාදන වශයෙන් බෙදිය හැකිය. සමහර දේවල් ගැන ඔබගේ දැනුවත් භාවය ලබා දීම මෙය ඉදිරිපත් කිරීමේ තවත් අරමුණක්.

වෙබ් පාදක වැඩසටහන් (මේවා අනිවාර්යෙන්ම වෙබ් බ්‍රවුසරයක් මත පදනම් විය යුතුය.)

සෙවුම් උපාංග >>

• Google search - මෙය ප්‍රධානම ගූගල් නිෂ්පාදනයයි. මෙය සමාගමේ මුල්ම නිපැයුමයි. 1999 සැප්තැම්බර් 21 දින සිට බීටා තත්වයේ සංස්කරණයක් ඉදිරිපත් කරන ලදී. එතැන් පටන් මෙහි ජනප්‍රිය බව සහ ප්‍රසිද්ධිය ඒකාකාරිව වැඩිවුණා මිස අඩු වූයේ නැත. මසකට සෙවුම් බිලියන 100 ක පමණ ලොව පුරා සිදුවන අතර මිනිසුන් වැඩිපුරම භාවිත කල සෙවුම් යන්ත්‍රය බවට පත් විය. ඔවුන් උප ඩොමේන ඔස්සේ ලෝකයේ විවිධ කලාප වලට වෙන වෙනම සේවාවන් පවත්වාගෙන යයි. මේ වනවිට රටවල් 189 කට පමණ ඔවුන් තම සේවය සපයයි.  මේ නිපැයුම කරන්න භාවිතා කරල තියෙන්නෙ, Javascript, Python, C, C++ යන භාෂාවන්ය. මෙය නඩත්තුවට ආදායම ලැබෙන්නේ ඇඩ්වර්ඩ්ස් හරහාය. මේ නිෂ්පාදනය යටතේ තවත් විවිධ විශේෂාංග එක් කර තිබෙනවා.



  • Hummingbird ~ විස්තරාත්මක ප්‍රශ්න විශ්ලේෂණ ක්‍රමයකි. මෙය ගූගල් සමාගම වැඩිදියුණු කල විශේෂ සෙවුම් ඇල්ගොරිතමයකි.  2013 සැප්තැම්බර් 27 වන ඔවුන්ගේ 15 වන උපන් දිනය දා මෙය එලි දැක්විනි. වඩා මිනිසුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගැනීමක් මෙම තාක්ෂණයට පවතී.
 FYI: http://searchengineland.com/google-hummingbird-172816

  • PageRank ~ වෙබ් ලින්ක් විශ්ලේෂණ ඇල්ගොරිතමයකි. තමන්ගේ වෙබ් අඩවියේ තත්වය මැන ගැනීමට මේ නිසා වෙබ් අඩවි පාලනය කරන අයට හැකිවේ.
  • Snapshots ~ අන්තර්ජාලයේ පවතින විවිධ ගොනු ඒකාකාරව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයකි.
  • Search engine optimization ~ වෙබ් තදබදයේ ප්‍රමාණය සහ තත්වය වැඩිදියුණු කිරීමට උදව් කරන අංගයකි.
  • Google Search functionality ~ බූලියන් තාර්කික මෙහෙයවීම්, වයිල්ඩ්කාර්ඩ් (*.torrent, facebook? ආදි වශයෙන් යොදාගත හැකිය) ආදී විශේෂ ක්‍රමවේද ඔස්සේ භාවිතා කරන්නාට පහසු පරිද්දෙන් තමාට අවශ්‍ය කරන දේ ලේසියෙන් සොයාගැනීමට උපකාරි කරන අංගයකි.
  • Multiple languages ~ මේ වන විට සිංහල ඇතුලු විවිධ භාෂා ගණනාවක් ඔස්සේ තමන්ට ඕන කරන දේ පිලිබඳ විස්තර සොයා බැලීමට දැන් පුලුවන.


Monday, January 6, 2014

මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට්... මොනවද මේ? What are these?

මේ වචන සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ ඩිස්ක් එකක ඉඩ දැන ගනීමටයි. නැත්නම් දත්ත ගබඩා ඉඩ සහ පද්ධති මතකය දැන ගනීමටයි. නිදසුනක් වශයෙන්, වසර කීපයකට ඉහතින් අප දත්ත ඒකක හැඳින්වූයේ මෙගාබයිට් වලිනි. අද, වැඩිපුරම දත්ත ඒකක  වලට භාවිතා වන ඒකකය ගිගාබයිට්. නුදුරු අනාගතයේදී මේ තැන ටෙරාබයිට් වලට හිමිවේ. දැන් වුවද ඒ කරා ඇදී යමින් පවතී. ඒත් මොනවද මේ කියල තවමත් අවුල් සහගතවද ඉන්නේ?
ඔව්, මෙගාබයිට් ගණනය කිරීම උපාංග නිෂ්පාදකයන් කරන්නේ ‍තෝරාගත් ප්‍රමිතියකට අනුවය. මෙගාබයිට් එකක් යනු බයිට් දහසක් වශයෙනි. මේ සඳහා නිදසුනක් බලමු,

ඔබ මිලදී ගන්නවා 80 GB හාඩ් ඩිස්ක් එකක් එතකොට ඔබට තියෙන්න ඕන බයිට් 80,000,000,000 ක්. මෙන්න මෙතනදි තමා ඔබ අවුල් යන්නේ, නිෂ්පාදකයන්ගේ ප්‍රමිතිය කෙසේ වුවත් දත්ත ඉඩක් පරිගණක හඳුනා ගන්නේ එයට සුපුරුදු දෙකේ පාදයේ ඉලක්කම් වලිනි.ඒ අනුව වින්ඩෝස් පද්ධතියකදී 80GB හාඩ් එකක් 74GB දක්වා හෝ ඊට වඩා අඩු වශයෙන් පරිගණකය ඔබට පෙන්වා දේ (8, 16, 32.. ලෙස ගන්න ගණනය කරන්න). දැන් ඔබට තේරෙනවා නේද එයට හේතුව අර ප්‍රමිතිය හා ඇත්ත ඉඩ බෙදා ගැනීමේ පරතරය බව. ඒ අනුව 250 GB = 232 GB, 750GB = 698GB යනාදී ලෙස ගනී. නමුත් ලිනක්ස් පද්ධතියකදී නියමිත දත්ත ප්‍රමාණය එලෙසම දක්වයි.

තවත් තේරුනේ නැද්ද :/ මේකෙදි වෙන්නෙ අපි ගණනය කරන 1000 වෙනුවට 1024 ආදේශ කර ගණනය කිරීමයි. එවිට ඇත්තටම තියෙන ඉඩ අඩු වෙනවා නේද?