Saturday, May 18, 2013

මොකද්ද මේ IMEI Number කියන්නේ..


ඔබට ජංගම දුරකතනයක් තිබ්බට ඔයාලා දන්නවද එකේ තියෙන IMEI අංකය කොච්චර වැදගත් ද කියලා.. මේ ලිපිය ඒ ගැන දැනුවත් කිරීමට ප්‍රමාණවත් වේවි..


  •  IMEI අංකය යනු?

 GSM, WCDMA හා DEN ජංගම දුරකතන වලට නිකුත් කෙරෙන අනන්‍යතා අංකයයි. චන්ද්‍රිකා දුරකතන වලට මෙම අංකය තියෙනවා. ඒ වගේමයි ෆෝන් දෙකකට එකම අංකය තියෙන්නෙත් නැහැ. ඒ වගේමයි එක ෆෝන් එකකට අංක කිහිපයක් ඇත්තෙත් නැහැ. හරියට ෆෝන් එකේ ID Number එක වගේ මේක යොදා ගන්නේ.. මෙම අංකය බොහෝවිට ෆෝන් බැටරියට පි‍ටුපසින් තියෙන කොටසේ සටහන් කරන්නේ.. බලන්න සුදු පැහැති ලේබලයක එය තියෙන්නේ.. නැත්නම් තව ක්‍රමයකින් මෙය සොයා ගන්නට පුලුවන්. ඒ සඳහා *#06# ඔබන්න. එවිට තිරය මත පේන අංකය බලන්න. එය ඉලක්කම් 15 හෝ ඇතැම් විට 17 ක් ද වන්නට පුලුවන. මේ අංකය ඔබට ගොඩක් වැදගත් වෙනවා..





  • ඇයි මේක වැදගත්?

හදිසියේ ඔයාගේ ෆෝන් එක නැතිවුනොත් හරි හොරකම් කරොත් හරි තමා මේකේ ඇති අගය වැටහෙන්නේ.. ඔබගේ දුරකතන සේවා ආයතනයට එම අංකය ලබාදී මේ ගැන පැහැදිලි කර දුන් විට නැවත කිසිම ෆෝන් එකකට එම අංකය පාවිච්චි කරන්න බැහැ. ඒ කිව්වේ ෆෝන් එකත් ගත්ත කෙනාට වැඩක් වෙන්නෙ නෑ. 
ඒ වගේමයි ෆෝන් එක ලොක් වුනොත් බැරි වෙලා හරි එතකොටත් මේක වැදගත් වෙනවා.. ෆෝන් එකේ නිර්ව්‍යාජ බවේ සංකේතය ඉමි අංකයයි, හරියට අපිට අයිඩී නම්බර් එක වගේ.. 




  • අංකය බොරු එකක් කියලා දැනගන්න හැටි..

 ඔයාලගේ ඉමි අංකය ඇත්තද බොරු ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා. ඒක අන්තර්ජාල සේවාවක්. 
මුලින්ම මේ ලිපිනයට යන්න..

එයට ඔබේ ඉමි අංකය ඇතුලත් කිරීමෙන් දුරකතනයේ වලංගු බව බලාගන්න පුලුවන්.

  අද අන්තර්ජාතිකව නොපිලිගත් ඉමි අංකය ඇති දුරකතන භාවිතය තහනම් කිරීමට නොයෙක් රටවල් යොමු වෙලා තියෙනවා.. එහිදී ව්‍යාජ ඉමි අංක සහිත දුරකතන  මිලියන 25 ක් ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙනවා..මුම්බායි ප්‍රහාරයේ සැකකරුවන් ඉමි අංක රහිත දුරකත සන්නිවේදන කටයුතු සඳහා යොදාගෙන තිබ්බා. මේ හේතුව නිසා එම රටේ ඉමි අංක නොමැති දුරකතන භාවිතය තහනම් කරලයි තියෙන්නේ..

දැන් තේරෙනවා නේද.. ඔබගේ ජංගම දුරකතනයේ ඉමි අංකය කොච්චර වැදගත් වෙනවද කියලා.. ඔබගේ ඉමි අංකය ඉහත ක්‍රමයෙන් පරික්ෂා කර බලන්න. චයිනීස් සමහර දුරකතන වල මෙසේ වීමට ඇති ඉඩකඩ වැඩි බවයි මට තේරෙන්නේ. ඔයාලගේ ඉමි අංකය සොයා ගෙන සුරක්ෂිතව තබ ගන්න. හදිස්සියක් කොඉ වෙලාවක එන්න පුලුවන්ද යාලුවනේ..

!..ස්තූතියි..!

මේ පෝස්ට් එක හොඳයි නම් Comment කරන්න..
Bye Bye..


5 comments:

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...