Saturday, June 1, 2013

:Android Studio: ගැන දන්නවද?

Android App Develop කරන අයට සුබදායක ආරංචියක් මේ පාර Google I/O 2013 වලින් දැනගන්නට ලැබුණා.. ඒ තමා Android Studio. දැන් ලෝකයේ ජංගම දුරකතන වැඩසටහන් සංවර්ධකයන් අතර වැඩිදෙනා භාවිතා කරන්නේ Android තමා.. ඒ කියන්නෙ පරිශීලකයන් මිලියන 900 ක් Android Apps බිලියන 48 කට කිට්‍ටු වෙන්න මේ මොහොත වෙනකොටත් භාවිතා කරනවා.. නොයෙක් දේවල් ජංගම දුරකතන වලින් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ Android නිසා.. ඒ නිසා තමාගේ හෘද ස්පන්ධනය පවා මැන ගන්න පුලුවන් ඇප්ස් ඇවිල්ල තියෙනවා.. 


මොබයිල් මෘදුකාංග වලට අලුත්ම පාරක් කැපුවා වගේම ඇපල් අයි-ඕස් වලට තිබූ ජනප්‍රියත්වය බොහෝ දුරට අඩු වුනා.. මේකට හේතුව තමා Android SDK සමග නිදහසේ වැඩ කිරීමට හැකිවීම.. ඒ කොහොම වුණත් Android Developers ලගෙ යටි සිතේ කැකෑරෙමින් තිබූ මෙයට එක්කලා නම් හොඳයි සිතූ ගුනාංගයක් දැන් Android වලට තියෙනවා. ඒ වෙනම IDE (Editor) එකක්.. ඉස්සර ඒ කට්ටිය Eclipse + Android SDK වලින් ඇප්ස් හැදුවේ.. කොච්චර දුකක් වින්දද? UI එකක් හදාගන්න..දැන් ඒ සඳහා Android Studio එලිදක්වලා තියෙනවා.. ඕනැම දේකට ඔට්‍ටු Apps හදන්න දැන් ඔයාට වුනත් පුලුවන්. අර වගේ දගලන්න දෙයක් නෑ කෙලින්ම New Project එකක් එකක් අරගෙන ඇප් එකක් හදාගන්නයි තියෙන්නෙ.. කොච්චර ලේසිද? අලුත්ම Android version එකත් මේ සමග ඇති නිසා අමුතුවෙන් දා ගන්න දෙයක් නෑ..

Thursday, May 30, 2013

අප ගන්නා ගැජට් එන්නේ කොහේ සිටද? 2 වන කොටස

මේ ඉතිරි කොටසයි. මුල් කොටස බැලුවේ නැතිනම් මෙතනින් යන්න..

සැම්සුන් හි සේවකයන්ගේ තත්වය සලකා බලන විට ඔව්න් ෆොක්ස්කෝන් සමාගමේ සේවකයන්ගේ පඩිය මෙන් පස් ගුණයක් ලබන බව වාර්තා වේ. මේ නිසා සැම්සුන් දුරකතන වල මිල ඉහල යාම නිරායාසයෙන් ම සිදු වේ. එබැවින් ඔවුන් දුරකතන සහ ටැබ්ලට් වල පිටත ආවරණය ආදිය ඉතා ලාබ ප්ලාස්ටික් වලින් නිපදවයි. ඇපල් සිය උපාංග සඳහා ඉතා මිල අධික ලෝහ ආවරණ යෙදීමට හැකියාව ලැබී ඇත්තේ ෆොක්ස්කෝන් සමාගම එම උපාංග වලින් ලබන පාඩුව සේවකයන් හරහා සමබර කරගන්නා නිසාය.

Wednesday, May 29, 2013

අප ගන්නා ගැජට් එන්නේ කොහේ සිටද? - 1 කොටස

ලාබයි - බාලයි කියන චීනයේ නිෂ්පාදිත උපාංග පිළිබඳ මිත්‍යාව

තාක්ෂණික උපාංගයක උණාත්මක තත්වය හා එහි ප්‍රමිතිය තීරණය කරන සාධක කීපයකි. ප්‍රමිතිය තීරණය කිරීමට අදාල උපාංගයේ නිමාව, ක්‍රියාකාරිත්වය හා භාවිතාවේ පහසුව ප්‍රධාන වශයෙන් සලකා බැලෙන අතර එහි මිල හා එහි නිෂ්පාදිත රට/ සමාගම පිළිබඳව සුලබව සලකා බලයි.

මුල් කාලින ජංගම දුරකතන මිලදී ගැනීමේදී යුරෝපා රටවල නිපදවන ලද දුරකතන සඳහා ඉහල ඉල්ලුමක් තිබුණු අතර එම නිෂ්පාදකයා විසින් චීනයේ වැනි ආසියානු රටක කර්මාන්ත ශාලාවක නිපදවන ලද ඒ දුරකතන මාදිලියම මිලට ගැනීමට බොහෝ අය මැලිකමක් දැක්වූහ. බොහෝ දෙනාගේ යටි සිතේ තැම්පත් වී ඇති "Made In China" භීතිකාව මෙයට හේතු වූ අතට වසර කීපයකට පෙර අඩු මිලට වෙළඳපොලට නිකුත් වූ අනුකාරක Chinese Phones හා වෙනත් තාක්ෂණික උපාංග නිසා මෙම බිය තව තවත් වර්ධනය වූ බව කිව යුතුය.


සැබැවින්ම වර්තමාන තාක්ෂණික උපාංග නිෂ්පාදකයන්ගෙන්, තමාගේ මෙවලම් තමාගේම කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන්නේ බොහොම සුළු පිරිසකි. 
බොහෝ සමාගම් තම තාක්ෂණික උපාංග නිෂ්පාදනය කිරීම තායිවාන හෝ චීන සමාගම් වලට කොන්ත්‍රාත් පදනම මත බාරදෙනු ලබන අතර මෙම සමාගම් වල කර්මාන්තශාලා බහුල වශයෙන් ඇත්තේ චීනයේහිය. එසේ කරනු ලබන සමාගම් මොනවාද යන්න කෙසේ වෙතත් එසේ කරන්නේ ඇයිද යන්න සොයා බැලීම වැදගත් වේ.

Wednesday, May 22, 2013

අමාරු ගණිත ක්‍රම දැන් වර්ඩ් වලිනුත් පෙන්නන්න පුලුවන්..


 මෙන්න මං අද ඔයාලට කියන්න යන්නේ හදිසියේ වැඩ කරගෙන යද්දි ඕනැ කරන යෙදවුමක්. අපි වර්ඩ් වලින් ටයිප් කරගෙන යද්දි සමහර වෙලාවට නොයෙකුත් සංකීර්ණ ගණිත සූත්‍ර ඇතුලත් කරන්න සිද්ද වෙනව. ඉතින් කොහොමද ඒක කරන්නේ ඒකට වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නවද? නැත. දැන් එහෙම එකක් නැතුව උනත් මේ වැඩේ අපිට ඕනෙ ලෙස කරගන්න පුලුවන්. දැන් මම කියන්නම් මොකද්ද ඒ කියලා. සමහර අය දන්නව ඇති. නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක කියන්නම්කෝ. 
මේකෙ නම MathType.


නිකම්ම මේ ටූල් එක පරිගණකයේ තියෙනවා. ඒකට 
Start-> Search: Math Type Input මේ විදියට ගිහාම, තියෙන්න පුලුවන්. ඒ කොහොම කරත් වින්ඩෝ එකක් එනවා.. ඊට කලින් වර්ඩ් එකේ ඒ සූත්‍රය එන්න ඕන කොටස මත ක්ලික් කර මෙහි පහත විදියට ඇඳ ගන්න ඕන.. එතකොට පේන්නෙ මේ විදිහටයි. ඔයාලට මේකෙ මවුසය ආධාරයෙන් ලියන්න පුලුවන්. මේක බලන්න.
(මොකක් හරි ලියපු ගමන විදිහට එනවා)






















Tuesday, May 21, 2013

වැදගත් Chrome Extensions 10


ක්‍රෝම් කියන්නෙ අද ගොඩක් දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයක්. වේගයෙන් ජනප්‍රිය වෙන හින්දා එහි මෘදුකාංග නිපදවන අය වැදගත් ටූල්ස් ගණනාවක් නොමිලේ භාවිතා කරන්න දීලා තියෙනවා. අද මං ගෙනාවා ඔයාලට වැදගත් වෙයි කියල හිතන එක්ස්ටෙන්ෂන් 10ක්. මේ එක එකක් කරන වැඩ එකිනෙකට වෙනස්. තමන්ගේ පෞද්ගලික තොරතුරු වලට හානියක් වෙන්නෙත් නෑ. මේ ටික ගැන දැනගන්න එක ගොඩක් වැදගත් වේවි. ඔන්න එහෙනම් විස්තරේ පටන් ගත්තා.. ඔයාට ඕන කරන ටූල් එක එහි නම් ක්ලික් කර ලබාගන්න. Add to Chrome.. ‍තෝරාන්න.

1.  Speak-it!
මං දන්නව ඔයාල කම්මැලියි කියවන්න කියලා. දැන් ඔයලාට ඕන වුනොත් ක්ලාස් එකේ වැඩකට ඩොකියුමන්ට් එකක් හදාගන්න වගේ, ඉතින් නෙට් එකේ විස්තර හොයනවනේ. අන්න එතකොට ලොකු විස්තරයක් තියෙන පි‍ටුවක් හම්බෙනවා, ඒත් ඒකෙ විස්තරේ වැදගත් නමුත් ඔයාට කියවන්න කම්මැලියි නම්, ඒ කියන එක අහන් ඉන්න තාක්ෂණයක් දැන් තියෙනවා, ඒක Text to Speech  කියල කියනවා.

අපි ‍තෝරල දෙන වචනය ටූල් එකෙන් කියවනවා. මේකෙ විශේෂත්වය අන් ටූල් එක්ක සසඳා බලද්දී හඬ පැහැදිලි වීම හා කියන කටහඬ වේගවත් නොවීම. ඉන්ටර්නෙට් නැති විට ඔබ සේව් කරගත් වෙබ් පි‍ටුවක ඉංග්‍රීසි වචන (පමණක්) කියවන්නට මෙයට පුලුවන්. මේක ක්‍රියාත්මක වෙන්න ඔබ අවශ්‍ය  වචන පේලිය සිලෙක්ට් කර රයිට් ක්ලික් කරල, "Read the selected text" යන්න ‍තෝරාගන්න. ඇහුවා ඇතිනම් ඒ වගේම රයිට් ක්ලික් කරල "Stop reading" ‍තෝරන්න.


මෙන්න තව වැදගත් එකක්. මේක  කරදකාරි ඇඩ් වලින් බේරි ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීමට උදව් කරනවා. මේකෙන් වෙන්නෙ අදාල වෙබ් අඩවියේ ඇති ෆ්ලෑෂ් ඇඩ් ආදිය බ්ලොක් කිරීමයි. මෙක ඔබ නිතර යන එන යූ-ටියුබ්, ෆේස්බුක් වගේ අඩවි වල තියෙනව දැකල ඇති. ඊට වඩා කරදරකාරි ලෙස ටෝරන්ට් අඩවි වල නව ටැබ් ඕපන් වෙවි ඇඩ් පෙන්නන ගන්නවා. ඉතින් මේක ලොකු කරදරක් නේද? ඇඩ් නැති කරගන්න දැනට තියෙන හොඳම ටූල් එක මේකයි. ක්‍රෝම් විතරක් නෙවේ ෆයර්ෆොක්ස් භාවිතා කරන කෙනෙකුට වුනත් මේක ලබාගන්න පුලුවන්. ගෙදර කෙනෙක් එක්ක යූ-ටියුබ් වීඩියෝ එකක් බල බලා ඉන්නකොට එක පාරට අසභ්‍ය ඇඩ් එකක් ආවොත් ඔයාට කර කියාගන්න දෙයක් නැති වෙයි නේද? අන්න ඒ අපහසුව මඟහරවා ගන්න තමා මේ ටූල් එක තියෙන්නේ,



Sunday, May 19, 2013

Firefox OS ඔබත් අත්හදා බලන්න..

මොසිල්ලා සමාගම විසින් ජංගම උපාංග සඳහා නිකුත් කල නවතම මෙහෙයුම් පද්ධතිය හැඳින්වෙන්නේ ෆයර්ෆොක්ස් ඕඑස් නමින්. ආරම්භයක් වශයෙන් එම සමාගම කෙයන් හා පීක් නම් ෆයර්ෆොක්ස් ඕඑස් අන්තර්ගත ස්මාර්ට් දුරකතන දෙකක්, ජංගම උපාංග සඳහා Apps Develop කරන අයට බෙදා දුන්නා. ZTE Open හා alcatel Touch Fire නම් දුරකතන යුගලක් හඳුන්වා දුන්නත් තවම තියෙන්නෙ නිෂ්පාදන අවධියේ.






 ඔබටත් ෆයර්ෆොක්ස් ඕඑස් හි ගුණදොස් සොයා බැලීමට නම් නොමිලේම එය බාගත කරගන්න අවස්ථාව ලබාදීල තියෙනවා. තවමත් එය ඔබේ ජංගම දුරකථනයට ස්ඨාපනය කරන්නට බැරි වුණත්, ඔබට එය නියම ආකාරයෙන් පරිගණකය තුළදීම අත්හදා බලන්න පුලුවන්. මෙයට ඔබට ඕන කරන්නේ පරිගණකයට ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හා අන්තර්ජාල සබඳතාවක් පමණයි.

Saturday, May 18, 2013

පහසුවෙන් mediafire හි ගොනු සොයමු..


File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි.

මේ අතරින් මම නම් කැමතිම File sharing සයිට් එක තමයි mediafire. හේතුව තමයි මේකෙන් ඩවුන්ලෝඩ් කරන අයට දෙන වදය අවම වීම. දැකලා ඇති Rapidshare වගේ අඩවි වල ෆයිල් එකක් බාන්න විනාඩියක් විතර බලාගෙන ඉන්න ඕනේ. එකම IP එකකින් එකවර දෙදෙනෙකුට බාන්න දෙන්නෙත් නැති නිසා mobile broadband පාවිච්චි කරන අයට ඒවා අකැපයි. mediafire වල ඔය කිසි කරදරයක් නෑ. තත්පර දෙකතුනක් ඇතුලත ලින්ක් එක පෙන්නනවා. Download manager එකක් භාවිත කරන්නත් කිසි තහනමක් නෑ.

මොකද්ද මේ IMEI Number කියන්නේ..


ඔබට ජංගම දුරකතනයක් තිබ්බට ඔයාලා දන්නවද එකේ තියෙන IMEI අංකය කොච්චර වැදගත් ද කියලා.. මේ ලිපිය ඒ ගැන දැනුවත් කිරීමට ප්‍රමාණවත් වේවි..


  •  IMEI අංකය යනු?

 GSM, WCDMA හා DEN ජංගම දුරකතන වලට නිකුත් කෙරෙන අනන්‍යතා අංකයයි. චන්ද්‍රිකා දුරකතන වලට මෙම අංකය තියෙනවා. ඒ වගේමයි ෆෝන් දෙකකට එකම අංකය තියෙන්නෙත් නැහැ. ඒ වගේමයි එක ෆෝන් එකකට අංක කිහිපයක් ඇත්තෙත් නැහැ. හරියට ෆෝන් එකේ ID Number එක වගේ මේක යොදා ගන්නේ.. මෙම අංකය බොහෝවිට ෆෝන් බැටරියට පි‍ටුපසින් තියෙන කොටසේ සටහන් කරන්නේ.. බලන්න සුදු පැහැති ලේබලයක එය තියෙන්නේ.. නැත්නම් තව ක්‍රමයකින් මෙය සොයා ගන්නට පුලුවන්. ඒ සඳහා *#06# ඔබන්න. එවිට තිරය මත පේන අංකය බලන්න. එය ඉලක්කම් 15 හෝ ඇතැම් විට 17 ක් ද වන්නට පුලුවන. මේ අංකය ඔබට ගොඩක් වැදගත් වෙනවා..


Friday, May 17, 2013

[Exclusive] Know About Torrent Process : ටෝරන්ට් ක්‍රියාකාරිත්වය මෙන්න..

ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට් එක Tracker වර්ගයේ පරිගණකයක් නැතිව භාගත කරන්න බෑ.මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 ක් දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව සිය දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..දැන් මේ ෆයිල් එක ක්ලයන්ට් එකට දුන්නාම ටොරන්ට් ක්ලයන්ට් එක මේ ටොරන්ට් එක ගැන විස්තර දැන ගෙන Tracker වර්ගයේ පරිගණක වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොයලා බලනවා මේ ටොරන්ට් එක දැන්ට ඩවුන්ලෝඩ් කරලා අවසන්ව තියෙන Seeders ලා ඉන්නවාද කියලා. ඊලගට හොයලා බලනවා දැනටමත් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන Peers ලා ඉන්නවාද කියලා. Peers ල අඩුවෙන තරමට හොඳයි,


දැන් බලමු ටෝරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පියවර..
කරන්න තියෙන්නෙ මුලින්ම torrent client එකක් install කරගන්න එකයි,

BLOG ලියන්න අලුත් ක්‍රමයක් දන්නවද?


    අද මං කියලා දෙන්නම් ඕෆ්ලයින් ඉඳගෙන බ්ලොග් ලියන්නේ කොහොමද කියලා. මං දන්නවා ඔයාල ගොඩක් දෙනාට බ්ලොග් තියෙනවා කියලා. මේක ඒ කට්ටියට වගේම කාටත් වැදගත් වේවි..!
  මෙන්න මෙහෙමයි වැඩේ, ඔයාලට මේ සඳහා ඕනෙ වෙනවා windows live writer කියන මෘදුකාංගය.


ඔව් ඒක විතරයි ඕන කරන්නේ, මෙතනින් ඒක අරගන්න.



ඩවුන්ලෝඩ් වුනාට පස්සේ එන වින්ඩෝවෙන් දෙවන තේරීම කරලා next කරාම එන පේජ් එකෙන් live writer විතරක් තොරාගෙන, පරිගණකයේ ස්තාපනය කරගන්න.මෙය ටිකක් විතර වෙලාවක් යන වැඩක් මොකද සමහර ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා process එක අතර මඟදී..ඊට පස්සේ 'done' කියලා මැසේජ් එකක් එයි. ඒක ඕකේ කරලා රන් එකේ live writer ගහල ඕපන් කරගන්න. එතකොට මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. අදාල එක ‍තෝරාගන්න. Blogger.com නම් මා ‍තෝරාගෙන තියෙන විදියට යන්න තියෙන්නෙ. 

Wednesday, May 15, 2013

µTorrent ගැන නොදත් දෑ බොහෝ වෙත්


හාය්, ඉතාමත් ලොකු කාලයකට පස්සේ නේද? අද මට හිතුණා මං කර කර හිටපු බ්ලොග් එක ආයෙම කන්ටිනිව් කරානම් හොඳයි කියල, මොකද ගෙදර නිකන් ඉන්න එකේ, වගේම කලාස් එකත් මාසයක් ම නිවාඩු දුන්නනේ. කරන්න වැඩකුත් නැති එකේ පෝස්ට් ටිකක් දාන්න හිතුණා.. (නිකන් FB වල කාලෙ කකා ඉන්නෙ නැතුව). නම කියවපුවහම මොකද්ද මේ වෙන්න යන්නෙ කියල බලනව ඇති. මට හිතුනා ඕගොල්ලො ගොඩක් භාවිත කරත් දන්නෙ නැති කරුණු කාරණා ටිකක් කියල දාන්න. මේ තියෙන්නේ ඒ පොස්ට් එකයි.

uTorrent කියන්නෙ ‍ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලයින් එකක් තියෙන හැම කෙනාටම අනිවාර්ය දෙයක්. වැඩසටහන පොඩි වුනාට ඉක්මනට ඕන කරන ‍ෆිල්ම්ස්, ගේම්ස්, අලුත්ම ටීවි සීරිස් වගේ මිල කරන්න බැරි දේවල් නොමිලේ බාගන්න පුලුවන්. දැන් හොඳ ඩේට පැකේජ් තියෙන නිසා ඩොන්ගල් වලින් පවා කට්ටිය ඩවුන් කරගන්නව. ඒ එක්කම කියන්න ඕන අපේ කට්ටිය වයි-ෆයි හොට්ස්පොට් එකක හොඳට සිග්නල් එනව දැනගත්ත ගමන් කරන්නෙ ටෝරන්ට් එකක් දාන එක. අන්තිමේදී ඒ අයිපී එකෙන් වයි-ෆයි හරහා ෆේස්බුක් වත් යන්න බැරි විදිහට බ්ලැක්ලිස්ට් වෙලා තමා නවතින්නේ, ;) පියර්-‍ටු-පියර් නිසා ආරක්ෂාව හොඳ නැහැයි කිව්වට තමන්ගේ පරිගණකයේ නිතර අප්ඩේට් වන වෛරස් ගාඩ් එකක් හා ඩවුන් කරන්නෙ ටෝරන්ට් හෙල්ත් එක බල නම් ප්‍රශ්නයක් නෑ. අනික් ඒවාට සාපේක්ෂව uTorrent සරලයි, භාවිතයට පහසුයි. ඉතින් මං මේ පොස්ට් එකෙන් හිතනවා ඔයාලගෙ දැනුමට අලුතෙන් යමක් දෙන්න පුලුවන් උණා කියලා. හැම දෙයක්ම වගේ ආවරණය කරලයි තියෙන්නේ. ඔය ටික දැන් පහලට කියවගෙන යන්ඩලා කෝ.



භාවිතයේදී..
මෙය ස්ථාපනය කිරීමට දැනට තියෙන සෑම මෙහෙයුම් පද්ධතියකම පාහේ පුලුවන. ඇපල් නම් 10.5 වලින් උඩ වෙන්න ඕන. මේක නොමිලේ කාටත් ලබාගන්නට පුලුවන් උනාට මෙහි කේත ලබා දෙන්නෙ නැහැ. මැක් වලට වෙනම වර්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ලිනක්ස් වැඩ කරන අයට කමාන්ඩ් ලයින් වලින් වැඩ කරන එක විතරයි දැනට තියෙන්නේ, ඒත් ඉස්සරහට අතුරු මුහුණතක් සහිතව ඒවි. ඔබ දැක ඇති රතු පාට ඉහලට සහ පහලට ඊතල දැක්වෙනව. ඒකට හේතුව ටෝරන්ට් එකට අදාල ට්‍රැකර්ස් නැති වීම, ඒ කියන්නේ ට්‍රැකර්ස් ඕෆ්ලයින් ගියාම මෙහෙම වෙනව. එහෙම නැත්නම් ඒවායේ දරන ධාරිතාව ඉක්මවා යාමක් අදහස් කරන්නේ. මොකද්ද හරියට ම වෙලා තියෙන්නෙ කියල බලාගන්න Tracker Tab එකට යන්න. (ටෝරන්ට් ගැන ලිපියක් වෙනම පල කරයි)



මේ විදිහට අයිකන වල තේරුම කියන්න පුලුවන්  

(ඉවර වෙනකම්ම කියවන්න ඕනෙ..හරිද?)
ටෝරන්ට් වල නම වෙනස් කරගන්නට පුලුවන් ඒ සඳහා නම සිලෙක්ට් කරල F2 ඔබන්න. ඕන කරන නම යොදා ගොනුව ReName කරන්න පුලුවන්. ඒ වගේම මේකෙ තියෙනව Labels කියල දෙයක්. ඒක මේ මෘදුකාංගයේ වැදගත් අංගයක්. ගොනු හඳුනාගන්නට එය යොදාගන්න පුලුවන්. මේක තේරුම් කරන්න උදාහරණයක් දෙන්නම්. දැන් තමන්ගෙම ට්‍රැකර් ලිස්ට් එකක් ඔස්සේ බාගත කරන ගොනුවක් පොදු ට්‍රැකර්ස් වලින් බාගත වන ගොනු වලින් විශේෂ කර දක්වන්න ලේබල් යොදාගන්නවා. ගොනුවේ රයිට් කර New Label මගින් අලුත් එකක් හදාගන්නත්, පවතින නමක් වේ නම් එය නැවත වෙනත් නමක් යෙදීමටත්, රයිට් ක්ලික් කර Labels -> Remove Label මගින් එය ඉවත් කරන්නත් පුලුවන්. භාවිත නොකරන ලේබල් ඉබේම ඉවත් වේ.

ගුණාංග..
මේකෙ ගුණාංග ගත්තහම ආරක්ෂාව අතින් අනික් ටෝරන්ට් ක්ලයන්ට් වලට වඩා ඉහලින් ඉන්නවා. PE කියන ප්‍රොටෝකෝලයට සහය දක්වන නිසා අන්තර්ජාල සේවාදායකයාගෙ ට්‍රැ‍ෆික් එක throttling  සහ අවහිර කරන්න හැකියාවක් තියෙනව. එහිදී Disable මගින් යන සම්බන්ධතා එන්ක්‍රිප්ට් නොවන අතර එන ඒවා විතරක් එන්ක්‍රිප්ට් වේ.  Enable අවස්ථාවේදි යන සම්බන්ධතා එන්ක්‍රිප්ට් කරන්න උත්සහ කරන අතර එසේ කිරීමට නොහැකි වූ විට එන්ක්‍රිප්ට් නොවූ සම්බන්ධතාවයක් සංසරණය කරයි. Force එනැබල් ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර මෙහිදී  unEncrypted Connection සංසරණය වීමක් සිදු නොවේ. Allow මෙහිදී එන යන සියලු සම්බන්ධතා සංසරණය කිරීමට ඉඩ ලබාදේ. ආකාර දෙහෙක එන්ක්‍රිප්ෂන් ක්‍රමයක් භාවිතා කරන නිසා allow option එක නිර්දේශ නොකෙරේ. (All about Encryption යනුවෙන් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න)




මේ දේවල් වලට අමතරව DHT and Peer Exchange සඳහා සහය දක්වයි(Distributed Hash Table, technical explanation(DHT) ගැන ඉදිරියට දැනගන්න ලැබේවි). ට්‍රැකර්ස් නොමැති ටෝරන්ට් ගොනු බා ගැනීමටත්, දැන් පවතින නව ක්‍රමයක් වන මැග්නට්(Magnet Link) පහසුකම ලබා ගැනීමටත් හැකිවේ. මැග්නට් ලින්ක් යනු කාන්දමක් සේ අවශ්‍ය කරන ගොනු ලිපිනය කොපි කර ක්ෂණිකව මෘදුකාංගය ආරම්භ කර බාගත කිරීමට සකස් කරයි. මෙහිදී *.torrent ගොනුවක් බාගත නොවේ. මේ පහසුකම තිබෙන අඩවි වල කාන්දමක හැඩයේ අයිකනයක් ඇත්නම් එම පහසුකම ඔස්සේ ඔබට එම ටෝරන්ට් එක අරගන්න පුලුවන්.

ඒ වගේම ඔයාලට වෙබ් අතුරුමුහුණතක් ආකාරයෙන්ද ටෝරන්ට් ගොනු ලබාගන්න පුලුවන්. ඒකට කියන්නෙ 'රිමෝට්' කියල, එනම් දුරස්ථව සිට ගොනුව බා ගැනීමයි. තවද පරිගණකයේ පොර්ට්ස් ෆෝවර්ඩ් කරගන්න Universal Plug'n'Play නම් ගුණාංගයක් මෙහි ඇත. එසේම සුපර් සීඩින් පහසුකමද පවතී. ඒ කියන්නේ, මෙක විශේෂ ඇල්ගොරිතම් එකක්. මේකෙදි ස්වර්ම් එහෙක ඉන්නෙ එක සීඩර් කෙනයි. බාගත කරන්නාට ටෝරන්ට් එකේ ‍තෝරාගත් කොටසක් පමණක් ලබා දේ, පියර්ස් වශයෙන් සීඩ් කිරීම සමාන වේ. මේ අනුව අඩු කාලයකින් ටෝරන්ට් ගොනුව බාගන්න පුලුවන්.

විශේෂ යතුරක් (Hot-Key) එබීමෙන් මෘදුකාංග වින්ඩෝව පෙනෙන හෝ නොපෙනෙන කිරීමටත් සිස්ටම් ට්‍රේ අයිකනයට එසේ කිරීමටත්, කිහිප දෙනෙක් ඔබගේ පරිගණකය භාවිතා කරයි නම් පාස්වර්ඩ් යොදා මෙවන් ක්‍රියා පාලනය කිරීමටත් හැකියාව පවතී. Option -> Preferences -> General Tab එකෙන් මේ කටයුතු කරගන්නට පුලුවන්. එහි Boss-Key කියන්නෙ ඒකටයි.

මේ සියල්ලටම අමතරව මීඩියා ගොනුවක්, එනම් ගීතයක් චිත්‍රපටියක් වැනි යමක් බාගත වන ගමන් බලාගන්න පුලුවන්. ඒ නිසා ව්‍යාජ බාගත කිරීම් වලට නො‍රැවටී ඉන්න පුලුවන්. ව්‍යාජ නොවන ගොනුවකදී එහි වැඩි සීඩ් ප්‍රමාණයක් හා පොසිටිව් ආකාරයේ කමෙන්ට්ස් පවතී. ඒ වගේමයි තියෙන සමාන ටෝරන්ට් වලින් පියර්ස් අඩුම එකක් අරගන්න. මේ කිව්වේ මතක තියාගන්න දෙයක්. ටෝරන්ට් වලට කමෙන්ට් කරන්නත් පුලුවන්. පොදුවේ හෝ පෞද්ගලික වශයෙන් අවශ්‍ය විදිහට අදහස් දක්වන්නට පුලුවන්. රේටින්ග් කිරීමටත් පුලුවන්. මේ දෙවල් වලට යන්න ඕන "Rating Tab" එකටයි.

ස්ථාපනයේදී..
ඇත්තටම මෙම මෘදුකාංගයේ සෙටින්ග් සහ අරගත්තු ටෝරන්ට් සෝර්ස් ෆයිල් ටික පරිගණකයේ %AppData%\uTorrent කියන තැන පවතී. පරිගණකය ෆෝමැට් කරදිදි මේ සියල්ල ඉවත් කෙරේ. අන්න ඒ නිසා මේවා බැකප් කරගන්න පුලුවන් විදිහටයි හදල තියෙන්නෙ, ඉහත පාත් එකටම ගිහින් වෙන ඩ්‍රයිව් එහෙකට හරි පෙන් එහෙකට කොපියක් අරන් ආයෙ ඕන වෙලාවට මේ ඇඩ්‍රස් එකටම ගිහින් රිප්ලේස් කරන්නයි තියෙන්නෙ. කලින් හදාපු සෙටින්ග්ස් එතකොට නැතිවෙන්නෙ නැහැ. අපේ මේ වැඩසටහන ඕන නම් පෙන් එහෙක වුනත් දාගෙන ගිහින් ඕන තැනකදි තමන්ගෙ ටෝරන්ට් සෙටින් හා ෆයිල්ස් භාවිතාකරගන්නට පුලුවන්. එයට නැවතත්  %AppData%\uTorrent ගොස් එම ෆෝල්ඩරයේ සෙවුමක් දමන්න, settings.dat කියල ෆයිල් එකක් එයි. ඒ ෆයිල් එක පෙන් එකට පේස්ට් කරගන්න අර uTorrent folder එකම. එහි 3 සංසකරණයේ ඉඳලා පෝටබල් විදිහට වැඩකරගන්න හදාගන්න පුලුවන්. එම සෙටින්ග් ඩිෆෝල්ට් තත්වයට අරගන්න settings.dat & settings.dat.old යන දෙක ඩිලීට් කරන්න.

ජාලගත වීමේදී..
එකම පෝර්ට් එකෙන් නොව පවතින පොර්ට් කිහිපයෙන් මාරුවෙන් මාරුවට දත්ත එවන සහ යවන නිසා පරිගණකයේ ෆයර්වෝල් වැඩසටහන අවවාද පනිවිඩ ලබා දේ. නමුත් එයින් කිසිදු අනතුරක් නැත. ඒ වින්ඩෝස් වල හැටියක්. මේ වැඩසටහන ස්ලොව්ද? එහෙනම් ඔබේ අන්තර්ජාල වේගය අනුව සැකසුම් නියම විදිහට හදල  නැහැ. මේ කටයුත්ත පහසුවෙන් කරගන්නට Options -> Setup Guide අනතුරුව "Run Test" ඔබන්න. ඉබේම සැසුම් සෑදේවි. Save & Close the window. දැන් සාමාන්‍ය තත්වයෙන් වැඩ නේද? ටෙස්ට් එක ෆේල් වුනානම් හරි තවම මදි වගේ නම් හරි අවුලක් නැහැ මැනුවලි අප්ලෝඩ් වේගයක් ලබාදෙන්න. ගොඩක් වේගයක් හරි අඩුම වේගයක් වගේ නොගැලෙපෙන එකක් ‍තෝරාදෙන්නත් එපා. ඒත් ස්ලෝ වෙන්න පුලුවන්. හරි එක හදාගන්න. පෝට් ෆෝවර්ඩ් කරද්දි පෝර්ට් අංක 6881 ත් 6889 ත් හෝ ඊට පහල 1025 දක්වා අරගන්න එපා. 25 හෝ 110 වගේ පෝර්ට් එකක් කමක් නෑ කියලයි කියන්නේ. HTTP Proxy සහ UDP Sock5 වලට සහය දක්වයි. තවත් දෙයක් ඔබගේ ටෝරන්ට් එක ශෙඩියුල් කරල ස්පීඩ් ලිමිට් කරන්න, මුලු වේගයම අරගන්න, යම් කාලයකදී (පැය/දවස්) පමණක් බාගත කරන්න, සීඩ් වීම නවත්වන්න කාලයක් දෙන්න වගේ දෙවල් කරගන්න පුලුවන්. ඒ සඳහා ප්‍රිෆරන්ස් වල ශෙඩියුල් යටතට යන්න. 

වැරදි පණිවිඩ..
මෙවැනි එරර් ඔයාලත් ඇවිල්ල ඇති. ආය එන්න නැති කරන්න..
 'Error: The system cannot find the path specified'. වගේ පණිවිඩයක් ආවොත් කරන්න තියෙන්නෙ පුලුවන් තරම් දුර අඩු පාත් එහෙක සේව් කිරීමයි. එනම් D:\torrents වගේ. මේකට හේතුව වැඩසටහන උපරිම සහය දක්වන්නේ අකුරු 255කට විතරක් වීම

'Error: Unable to save the resume file?' මේ වෙලාවට %AppData%\uTorrent ගිහින් වැඩසටහන ඉවත් කර නැවත් ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ අලුතෙන් හදාගන්න ෆයිල් දෙකක්  settings.dat and resume.dat කියල. තියෙන ෆෝල්ඩරේ ඒ කියන්නෙ අලුතෙන් ඩවුන්ලෝඩ් කරපු uTorrent File Location එකේ. මතක ඇතුව වින්ඩෝස් වලදි එක්ස්ටෙන්ෂන් එක පෙනෙන සේ හදාගන්න. [Tip: Goto folder option, then diselect 'Hide extension on know file type' under view tab ]

Show Status bar message as Disk Overloaded: ගිගාබයිට් කිහිපයක ටෝරන්ට් එකක් අරගද්දි මෙහෙම වෙන්නෙ. නියම ඉඩ ප්‍රමාණය එහි තියේ නම් මේක ගණන් ගන්න එපා. මොකද මෙහෙම එන්නෙ වින්ඩෝස් විසින් ඒ වගේම ඉඩක් වෙන් කරගන්නව හාඩ් එකේ ඒ ඩේටා එක ලියන්න.

'Error: Data Error (cyclic redundancy check)' and my torrent halts: ඔබේ හාඩ් ඩිස්කයේ වරදක්. පරණ හාඩ් වල මේ ගැටලුව එන්නෙ. මේකට හේතුව බෑඩ් සෙක්ටර් නිසා ඩේටා ලියන්න කියවන්න අපහසු වීම. එහෙම නැතුව අලුත්ම හාඩ් එහෙක ආව නම් හාඩ් එකේ දෝෂයක්. ලාබ හාඩ් වලට මෙහෙම වෙන්න පුලුවන්.  

නොගැලපෙන මෘදුකාංග..
යූ-ටෝරන්ට් වලින් ගන්න මෙමරි ප්‍රමාණය වැඩි වුනාම පරිගණකය ස්ලෝ වෙනව නේ, මේ වගේ අසාමාන්‍ය ලෙස භාවිතය වැඩිවන්නෙ නොගැලපෙනසොෆ්ට්වෙයා නිසයි. ඔබ අලුත් ගේම් ගහනවා නම් හරි බරපතල විදියේ ඇනිමේෂන් හෝ ග්‍රැ‍ෆික් කරනව නම් හොඳ ව්විඩියෝ කාඩ් එකක් ඕන කරනවනේ. ගොඩක් අය NVIDIA නෙ යූස් කරන්නෙ. ඕකෙ ඩ්‍රය්වර්ස් දාද්දි NVIDIA firewall install වෙනව පරිගණකයට එහෙම වෙලාවට ඒක අයින් කරගන්න පුලුවන්. මොකද පරිගණකයේ හොඳ එකක් තියෙන නිසා. සමහර නෙට්වර්ක් මෘදුකාංග මෙකට හේතුව වෙන්න පුලුවන්. සැක හිතෙන එවැන්නක් තියේ නම් අයින් කරන්න.  'Access Denied' or 'The process cannot access the file because it is being used by another process.'.ආකාරයට පණිවිඩයක් ආවොත් කරන්න තියෙන්නෙ වෛරස්ගාඩ් එක පොඩ්ඩකට නවත්වල ෆයිල් එක අරගන්න එක. ඒත් බලගෙන ඕක වෛරස් එකක් වෙන්නත් පුලුවන්. එය නැත්නම් ඩවුන්ලෝඩ් ලිස්ට් එකෙන් ඉවත් කරන්න. මේ ෆයර්වෝල් නිසා යු-ටෝරන්ට් ක්‍රෑෂ් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විටෙක uTorrent freeze (අක්‍රීය) වෙන්නත් පුලුවන් ඒ වගේ වෙලාවට පරිගණකය රීස්ටාට් කරන්න. පරිගණකයට උහුලන්න බැරි විදිහට වෙනමෆයර්වෝල් දාලා ඒක ස්ලොව් කරගන්නෙ නැතුව අවාස්ට් ‍ෆ්‍රී වගේ එකක් දාලා නිදහසේ වැඩ කරගන්න. නිකම් හම්මුන හෝ තිබ්බ පලියට දාගත්තට කාටවත් සෙතක් නෑ. ව්‍යාපාරික මට්ටමේ ෆයර්වෝල් ගෙදර පරිගණක වල තියෙනව දැකල තියෙනවා. ඒ මනුස්සය කොච්චර දුකක් විඳිනව ඇද්ද වැඩකරන්න. අන්න ඒ නිසා මේ පණිවිඩයත් හිතට අරගන්නකෝ.

දෝෂ නිරාකරණය
ටෝරන්ට් එක 99% දි නවතිනවද? එපා වෙනව නේ එතකොට. මෙහෙම වෙන්නේ ටෝරන්ට් එක යම් හේතුවක් නිසා හෝ අප්ලෝඩ් කරපු කෙනා සම්පූර්ණ එකම අප්ලෝඩ් නොකර සිටීම. එහෙම නැත්නම් සීඩර්ස්ල ඒ ෆයිල් අරගෙන seed stop කරොත්, හිටියෙ එයා විතරක් නම් වුනත් මෙහෙම වෙනව. ඒ වගේම දැනගන්න ටෝරන්ට් එක ඩවුන් වෙන්න දැම්ම ගමන්ම ඒක වෙන්නෙ නෑ. පෝස් වෙලා හොයනවා වේගවත් සීඩර්ස්ල ඉන්න ට්‍රැකර්ස් අන්න ඊට පස්සෙ තමා ඩවුන් වෙන්න පටන් ගන්නේ.

අනෙකුත් කරුණු
ඔන්න ඔයාලට මේකෙ බග් එකක් හමුනොත් uTorrent Forum [Link] එකට ගිහින් හොඳට හොයල බලල පෝස්ට් කරන්න බග් එක, සමහර විට ඔයාට කලින් වෙන කෙනෙක් දැකල තියෙන්නත් පුලුවන්නේ. :D අන්න ඒක නිසයි කිව්වේ. දැන් කියන්නම්කෝ DHT කියන්නෙ මොකද්ද කියල. මේක මධ්‍යගත නොවූ ජාලයක් පියර්ස්ල නැති ට්‍රැකර් භාවිත කරන්න පුලුවන් මේ හරහා. නොයෙක් මූලාශ්‍ර වලින් අවශ්‍ය කරන ෆයිල් එක ලබා දෙනවා සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මණින්. තව දෙයක් තමන්ගේ නෙට්වර්ක් එකක් තියෙනව නම් ඒකේන් ඕන කරන අයිපී වලට විතරක් ටෝරන්ට් අරගන්න ඉඩ දෙන්න පුලුවන්. මුලින්ම preference -> advance ගිහින් ඒක සක්‍රීය කරන්න ඕන එතකොට uTorrent  AppData වල ipfilter.dat කියල එකක් හැදෙනව. දැන් ඔයාගෙ වැඩේ හරි. 
uTorrent windows ආරම්බයේදී කුඩා ලෙස සකස් කරගන්න පුලුවන්. ඒකට 
Start -> Run -> regedit go to HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\
CurrentVersion\Run , double click on µTorrent's entry, and append /MINIMIZED to the end of the command.

දැන් uTorrent flags වලින් මොනව කියනවද කියල බලමු,


ඔපමණයි මට මේ ගැන කියන්න තියෙන්නේ, කියෙව්වාට ගොඩක් ස්තූතියි මිතුර, ඊලඟ පෝස්ට් එකෙටත් සෙට් වෙන්ඩ ඔන.. සුබ දවසක් වේවා

UPDATE: other useful here.. [Link]