Tuesday, May 21, 2013

වැදගත් Chrome Extensions 10


ක්‍රෝම් කියන්නෙ අද ගොඩක් දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයක්. වේගයෙන් ජනප්‍රිය වෙන හින්දා එහි මෘදුකාංග නිපදවන අය වැදගත් ටූල්ස් ගණනාවක් නොමිලේ භාවිතා කරන්න දීලා තියෙනවා. අද මං ගෙනාවා ඔයාලට වැදගත් වෙයි කියල හිතන එක්ස්ටෙන්ෂන් 10ක්. මේ එක එකක් කරන වැඩ එකිනෙකට වෙනස්. තමන්ගේ පෞද්ගලික තොරතුරු වලට හානියක් වෙන්නෙත් නෑ. මේ ටික ගැන දැනගන්න එක ගොඩක් වැදගත් වේවි. ඔන්න එහෙනම් විස්තරේ පටන් ගත්තා.. ඔයාට ඕන කරන ටූල් එක එහි නම් ක්ලික් කර ලබාගන්න. Add to Chrome.. ‍තෝරාන්න.

1.  Speak-it!
මං දන්නව ඔයාල කම්මැලියි කියවන්න කියලා. දැන් ඔයලාට ඕන වුනොත් ක්ලාස් එකේ වැඩකට ඩොකියුමන්ට් එකක් හදාගන්න වගේ, ඉතින් නෙට් එකේ විස්තර හොයනවනේ. අන්න එතකොට ලොකු විස්තරයක් තියෙන පි‍ටුවක් හම්බෙනවා, ඒත් ඒකෙ විස්තරේ වැදගත් නමුත් ඔයාට කියවන්න කම්මැලියි නම්, ඒ කියන එක අහන් ඉන්න තාක්ෂණයක් දැන් තියෙනවා, ඒක Text to Speech  කියල කියනවා.

අපි ‍තෝරල දෙන වචනය ටූල් එකෙන් කියවනවා. මේකෙ විශේෂත්වය අන් ටූල් එක්ක සසඳා බලද්දී හඬ පැහැදිලි වීම හා කියන කටහඬ වේගවත් නොවීම. ඉන්ටර්නෙට් නැති විට ඔබ සේව් කරගත් වෙබ් පි‍ටුවක ඉංග්‍රීසි වචන (පමණක්) කියවන්නට මෙයට පුලුවන්. මේක ක්‍රියාත්මක වෙන්න ඔබ අවශ්‍ය  වචන පේලිය සිලෙක්ට් කර රයිට් ක්ලික් කරල, "Read the selected text" යන්න ‍තෝරාගන්න. ඇහුවා ඇතිනම් ඒ වගේම රයිට් ක්ලික් කරල "Stop reading" ‍තෝරන්න.


මෙන්න තව වැදගත් එකක්. මේක  කරදකාරි ඇඩ් වලින් බේරි ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීමට උදව් කරනවා. මේකෙන් වෙන්නෙ අදාල වෙබ් අඩවියේ ඇති ෆ්ලෑෂ් ඇඩ් ආදිය බ්ලොක් කිරීමයි. මෙක ඔබ නිතර යන එන යූ-ටියුබ්, ෆේස්බුක් වගේ අඩවි වල තියෙනව දැකල ඇති. ඊට වඩා කරදරකාරි ලෙස ටෝරන්ට් අඩවි වල නව ටැබ් ඕපන් වෙවි ඇඩ් පෙන්නන ගන්නවා. ඉතින් මේක ලොකු කරදරක් නේද? ඇඩ් නැති කරගන්න දැනට තියෙන හොඳම ටූල් එක මේකයි. ක්‍රෝම් විතරක් නෙවේ ෆයර්ෆොක්ස් භාවිතා කරන කෙනෙකුට වුනත් මේක ලබාගන්න පුලුවන්. ගෙදර කෙනෙක් එක්ක යූ-ටියුබ් වීඩියෝ එකක් බල බලා ඉන්නකොට එක පාරට අසභ්‍ය ඇඩ් එකක් ආවොත් ඔයාට කර කියාගන්න දෙයක් නැති වෙයි නේද? අන්න ඒ අපහසුව මඟහරවා ගන්න තමා මේ ටූල් එක තියෙන්නේ,




3.  LastPass
ඔයාලගෙ පාස්වර්ඩ් ඔක්කොම එක තැනක තියාගෙන පාවිච්චි කරගන්න පුලුවන්නම් ලොකු දෙයක් නේද? ඔබගේ සියලුම පාස්වර්ඩ් තනි පාස්වර්ඩ් එකකින් ආවරණය කරන ටූල් එකක් මේක. පාස්වර්ඩ් අමතක වෙන එකට විසඳුමක් මේක. පොදු තැනකදී මෙහෙම කරන්න එපා, තමන්ගේ පරිගණකයේ නම්, මේකෙ සැකසුමක් තියෙනවා ඉබේමUsername & Password අරගෙන ඔබගේ ගිණුමට ඇතුලු වෙන්න පුලුවන් එකක්. මං ගෙදර පරිගණකයේ ඒ ඔප්ෂන් එක සක්‍රීය කරල තියෙන්නෙ. මේක පාස්වර්ඩ් සු‍රැකීම විතරක් නෙවේ, ඒවා බැකප් කරල පස්සේ රී-ස්ටෝ කරගන්නත් පුලුවන්. තව ආරක්ෂාකාරි පාස්වර්ඩ් එකක් හදාගන්න පුලුවන්. මොබයිල් වලාට නම් සල්ලි ගෙවල ගන්න සංස්කරණයක් තියෙන්නේ. ඒ වගේම මුදල් ගනුදෙනු අඩවි වල දත්ත වුණත් බයක් නැතිව දෙන්න පුලුවන් ලෝකයම පිලිගත් ටූල් එකක් මේක. මැක් ලිනක්ස් වලට වුනත් තියෙනවා. තව දෙයක් යම් ෆෝම් එකක් ඉබේම පුරවා ගැනීමට (Auto Form Filling) පුලුවන්. මේකෙදි ඔබට මුලුන්ම නිල අඩවියට ගිහින් ගිණුමක් හදාගන්න ඕන වෙනවා. ඒ ඔක්කොම විස්තරෙ තියෙන සිංහල අඩවියක් හම්බවුණා. වැඩි විස්තර දැනගන්න [Link] වෙත යන්න.. 



ඔන්න තියෙනව ටිකක් විනෝද වෙන්න පුලුවන් එකක්. මේකෙන් කරන්නේ ඔයාල යන එන වෙබ් අඩවි ට්‍රැක් කරල කොච්චර වෙලා හිටියද කියල බලාගන්න  එක. ඔයාල ෆේස්බුක් එකේ කොච්චර් වෙලාවක් කල් ගතකරවද කියල බලන්න පුලුවන්. ඒවගේම සතියක් අවසානයේ මාසයක් අවසානයේ ඔබ ගියපු වැඩිපුර ගියපු අඩවි බලාගන්න පුලුවන්. හිටපු කාලයත් එක්ක. ඒකෙන් කොච්චර වෙලාවක් කාලය නිකරුණේ ගත කරල තියෙනවද? එහෙම නැද්ද? කියල බලාගන්න පුලුවන්. මෙක දාගෙන බලන්න.



5. Writer 
මේක වැදගත් වෙන්නෙ අන්තර්ජාලය හරහා ටයිප් කරන නැත්නම් හදිසියේ අවශ්‍ය කරුණක් සටහන් කරගන්න අවශ්‍ය වූ විටයි. පසුබිම්/අකුරු වර්ණ වෙනස් කිරීමේ හැකියාව, ඉබේ සේව් වීම, ෆෝමැටින් අනවශ්‍ය වීම, ෆුල් ස්ක්‍රීන් ආකාරයෙන් වැඩ කරගත හැකිවීම, ලියපු දේ කෙලින්ම මේල් කරන්න හෝ බ්ලොග් එකට ඉම්පෝර්ට් කරගන්න පුලුවන් වීම සහ නොමිලේ PDF ගොනු Text බවට හැරවිම හැකිවීම ආදිය නිසා මෙය වඩා ජනප්‍රිය වී තිබේ. ග්ණුම් සාදාගන්න අනවශ්‍ය විමත් ඇඩ් දිස් නොකිරීමත් මෙහි ඇති මෙහි වැදගත් අංගයන් ය. ඔබට ඕන නම් අරගෙන බලන්න. මේක අන්තර්ජාලයෙ වැඩ කරන ටයිප්-රයිටරයක් වගේ ටූල් එකක්. 



මේකත් ඔයාලට ඕන කරයි කියල හිතුණා. වෙබ් එකේ Facebook Covers හොයල හොයල ඔයාට ඕන කරන එක හම්බ වුණේ නැත්නම් මේක තමා ටූල් එක ඔයාලට හරියන. තමන්ගෙම ස්ටයිල් එකකට ඔයාගෙ කවර් එක හදාගෙන කෙලින්ම ෆේස්බුක් අප්ලෝඩ් කරන්න පුලුවන්. ඉමේජ් එක දාල ඩබල් ක්ලික් කරල එඩිට් කරන්න මතක තියාගන්න. සමහර අය ෆේස්බුක් එකේ තමන්ගේ ෆොටෝ දෙක තුනක් එක් කරල කවර්ස් හදලා දානවා නේද? ඉතින් දැන් මේක දාගත්තොත් ඔයාගේ නිර්මාණශීලි බව අනුව ලස්සන කවර් එකක් හදා ගන්න පුලුවන්. තව දෙයක් තමයි යාලුවන්ගේ ප්‍රොෆයිල් පින්තූරත් මේ කවර්ස් හදද්දි එක් කරගන්න පුලුවන් වීම. නමුත් ඊට කලින් ඔබ ෆේස්බුක් සමඟ සම්බන්ධ වීමට මේ ටූල් එකට අවසර දිය යුතුයි..



විද්‍යාත්මක ගැටලුවක් විසඳීමට ඉන්ටනෙට් ඉන්න ගමන් සිද්ධ වුණොත් ඒකට හරියන දෙයක් මේක. ගොඩක්  ගැටලු වර්ග විසඳීමට මෙයට පුලුවන්. ඉන්ටනෙට් නැතුව වුණත් වැඩ කරගන්න පුලුවන්. පරිගණක ක්‍රමලේඛන කටයුතු කරන අයටත් මේක වැදගත් වෙයි. පාවිච්චි කරල බලන්න..



ක්‍රිකට් කියන්නෙ ඔයාලගෙ කැමතිම ක්‍රීඩාව නම්, මේ වෙලාවේ තියෙන ජාත්‍යන්තර හෝ රටම තියෙන මැච් එකක විස්තර සජීවීව බලාගන්න පුලුවන්. Scorecard එක එහෙම බලාගන්න පුලුවන්, අයිකන් එකක් ක්ලික් කිරීමෙන් පමණක්. මේයට අමතරව තව විස්තර ගොඩක් බලාගන්න පුලුවන්. ගොඩක් අය මේ ගැන දන්නව ඇති, නමුත් නොදන්නා අයටයි මේ..



9. Horoscope 
ඔබ ජෝතිෂ්‍ය විශ්වාස කරනවා නම් දවසේ, සතියේ, මාසයේ පලාපල බලාගන්න මේකෙන් පුලුවන්. ආදරය, අධ්‍යාපන කටයුතු, ආදායම් තත්වය, සෞඛ්‍යය ආදී තොරතුරු ‍රැසක් ලබාදීමට මෙය සමත් ය. චාර්ට් ආශ්‍රයෙන් මේවා දැකගන්නටත් ඔබට පුලුවන්. ලග්නය අනුව නිවැරදි පලාපල බලාගන්න මේකෙන් පුලුවන්. මීට අමතරව සුබ අංක සහ අද දිනයේ උපන් පුද්ගලයන් අය ආදී වශයෙන් ගොඩක් විස්තර ලබාගන්න පුලුවන්.



10. Dictionaries
ඔබට අමාරු වචනයක් හම්බ වුනොත් ඒකෙ ඉංග්‍රීසි තේරුම වගේම ශබ්ද කරන ආකාරයත් කියල දෙනවා. ඒක වෙනුවට ඊට අදාල සිංහල වචනය බලාගන්න පුලුවන්. තවමත් හැම වචනයකම තේරුම නැහැ. සාමාන්‍ය භාවිතයේ භාවිතය නොවෙන තරමේ වචන මෙහි අඩංගු කර තිබේ. මෙයට අදාල ලින්ක් පහත වේ..
Google Dictionary: [Link]
Sinhala Dictionary (censitip) [Link]





3 comments:

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...