Thursday, October 4, 2012

දුර සිට ප්‍රින්ට් කරන්න : Google Cloud Print

google cloud print - sajith blog

google cloud print - sajith blog
                   
            ප්‍රින්ටරයක් භාවිතා කරන්නේ පරිගණක තිරය මත ඇති දත්ත මුද්‍රණය කර ගැනීමට බව කවුරුත් දන්නා කරුණකි. ඔබේ නිවසේ හෝ කාර්යාලයේදී ඔබත් ප්‍රින්ටරයක් භාවිතා කර ඇති. මවුසය ක්ලික් කර විධානය දුන්විට පසෙකින් ඇති ප්‍රින්ටරයෙන් අදාල කඩදාසිය මුද්‍රණය වී එන වග ඔබ අත්දැක ඇති. නමුත් පරිගණකත්, ප්‍රින්ටරයත් එකිනෙකට වෙනස් තැන් දෙකක තබා මුද්‍රණය කළ හැකි ක්‍රමයක් ඇතිනම් කෙතරම් අගේදැයි ඔබ සිතුවාද?

Friday, September 28, 2012

ඔබේ Laptop එකට දියරයක් වැ‍ටුණොත් මොකද කරන්නේ

            

               ලැප්ටොප් පරිගණක වලට ගෙන දෙන එක් ප්‍රබල තර්ජනයක් නම්, විවිධ දියර වර්ග(වතුර, කෝපි, තේ, බීම වර්ග) වැනි දෑ එහි යතුරුපුවරුව මතට වැටී උපාංගයේ අභ්‍යන්තරයට යයි. මෙන්න මේ වගේ වෙලාවක කොහොමද ලැප්ටොප් එක ආරක්ෂා කරගන්නේ.. මේ කියලා දෙන්න යන්නේ ඒක කරගන්නේ කොහොමද කියලයි.. එවන් විටෙක මේ පියවර අනුගමනය කරන්න.



@. විදුලිය විසන්ධි කරන්න. දියරය පරිගණකය මතට වැ‍ටුණු විගසම විදුලි කේබලය හා බැටරිය ගලවන්න. දියර මගින් පරිගණකයට හානි වෙන්නේ ඒවා විදුලිය එක්ක "ෂෝට්" වෙන හින්දා.. ඒක හින්දා මුලින්ම සැපයෙන විදුලිය අක්‍රීය කර දමන්න.

@. පරිගණකයට සම්බන්ධ සියලුම බාහිර උපාංග (Rom, USB Flash Drives & USB Devices etc..) විසන්ධි කර දමන්න.


@. යතුරුපුවරුව හැකි ඉක්මණට පල්ලෙහට හිටින්න හරවා ගන්න. එවිට වැ‍ටුණු දියරය තව දුරටත් අභ්‍යන්තරයට නොයයි. 


@. පේන්න තියෙන සියලුම දියරයන් පිරිසිදු තෙතමනය උරා ගන්නා ඇලවෙන්නෙ නැති රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න. යතුරු පුවරුව හා තිරය මත ඇති බොත්තම් හා අවට තියෙන සියලුම කොටස් සීරුවෙන් පිසදා ගන්න.



Wednesday, September 19, 2012

iOS 6 is launched: අයි-ඕඑස් නිකුත් කළා.. :)

                
iOS6-04-580-100
                    ඔන්න ඉතින් ඇපල් පාරිභෝගිකයන් පුල පුලා බලා සිටි මේ සංස්කරණය අද (19 සැප්.) නිකුත් වුණා.. Open-mouthed smile නවතම විශේෂාංග ද ඇතුලත් ව ඇති අතර පවතින සමහර අංග වැඩිදියුණු කර ඇත. මෙය iPhone 5 නිකුත් කෙරුණු මේ වකවානුවේම නිකුත් කිරීම කාගෙත් කතාබහට ලක් වේ. මේ සංස්කරණය පැරණි උපාංගයන් වන iPhone 3GS, 4, 4S,iPod Touch (4G), iPad 2 & 3 ඒවාට මේ මෙහෙයුම් පද්ධතිය සහය දක්වයි. පාරිභෝගිකයන් ආස කරන උණාංග ‍රැසක් iCloud, Mail, Passbook යනාදියට එක් කර තිබේ.

මෙයටම අනන්‍ය වූ අතුරු මුහුණත iOS වල ජනප්‍රියත්වය වැඩි කිරීමට සමත් වී ඇති බව නොරහසකි. ඒ ගුණය ආරක්ෂා කරමින් මේ අතුරුමුහුණත සය වන සංස්කරණයේදී වැඩි දියුණු කර තිබේ. නව අයිෆෝනයේ තිර ප්‍රමාණයට මෙන්ම අනෙක් උපාංග සමගද සුමටව වැඩ කිරීම හැකියාව දියුණු කර තිබේ.
layout
අලුත් අංග:
# Maps:
ios-maps
      ඇපල් සිතියම් සේවය වැඩිදියුණු කරමින් iOS සඳහා නව විශේෂාංග එක් කර තිබේ. ඒ අතර හරව හරවා බැලිය හැකි ත්‍රිමාණ පින්තූර තාක්ෂණයක් මීට අඩංගු කර ඇත. මෙහිදී ඔබට ඕනෙ නම් 'TomTom & OpenStreetMaps' වල සහයද ලබා ගත හැකිය. ඊට අමතරව මේ අංගය Google Maps සේවයේ මෙන් සකස් කර තිබේ. දැන් ඔබට අතරමං නොවී අයි-ඕඑස් මැප්ස් මඟින් ඕනෑම ගමනාන්තයක් කරා යෑමට ලෙහෙසි වේ (මෙය ලංකාවට කෙතරම් දුරට සාර්ථක ද කියා තවම කිව නොහැකිය). ඒ වගේම කුරුල්ලෙක්ගේ ඇසකින් පෙනෙන ආකාරයට සිතියම් බැලීමටද පුළුවන. භූ විෂමතා ලක්ෂණ, ගොඩනැගිලි ආදිය ඉක්මනින් හඳුනා ගැනීම පහසු වේ. මෙයට ගූගල් මැප්ස් සමග තරඟ කරන්නට හැකි වේදැයි බලගන්න.

Friday, September 14, 2012

ලිනක්ස් වැඩ්ඩෝ 10 දෙනෙක්

ලිනක්ස් කියන්නේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන මෙහෙයුම් පද්ධතියක්.ලිනක්ස් කර්නලය මත පදනම් වෙලා හදපු බොහෝමයක් මෙහෙයුම් පද්ධති තියෙනවා.. ඒ ඔක්කොගෙම පොදු ගුණ කිහිපයක් තියෙනවා. එනම්,
# අනික් මෙහෙයුම් පද්ධති හා සැලකීමේදී ප්‍රබල බවක් පෙන්වයි. ඒ කිව්වේ පරිගණක ශක්‍යතාවේ අඩු වැඩිකම අදාල නොවීමයි.
# ඒ වගේම මේ බොහොමයක් පොදු ප්‍රජාවක් ඔස්සේ පාලනය කෙරේ.
# පිලිගත් තත්වයන්ට අනුව සියලු වැඩ කටයුතු සිදු වේ.
# වඩා සුවපහසු අතුරුමුහුණත
# පහසු ස්ථාපනය
# උදව් උපකාර මාර්ගගතව ලබා ගන්නට ඇති හැකියාව

         වේගය, ක්‍රියාකාරිත්වය ස්ථායී බව හා විශ්වාසනීයත්වය යටතේ මේවා ඉදිරිපත් කරයි. ඉතින් අද කතා කරන්නේ මේ වගේ ජනප්‍රිය වෙච්ච මෙහෙයුම්
පද්ධති(Linux Distro) ගැනයි. 2012 දී ජනතාව අතර වඩා ප්‍රචලිත වූ එවන් මෘදුකාංග වලින් හොඳම දහයයි මේ.. Angry smile

1. Linux Mint:
linux-mint
           දැනට ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ඩිස්ට්‍රෝ එකක්. අලුත්ම එක mint 13 Maya. Gnome 3 වර්ගයේ අතුරුමුහුණතක් හිමිය. පලපුරුදු ලිනක්ස් පරිශීලකයින් විසින් මෙය බොහෝ විට භාවිතා කරයි. ඒත් එහි ඇති සරල බව අන් සැමටත් මෙය භාවිතය පහසු කරයි. browser plugins, media codecs, DVD playback සහය, Java and other components යනාදී අංග යොදා තිබීම මෙය ජනප්‍රිය වීමට මුලික හේතු වී ඇත.
වාසි:
# මෙයට ආවේණික වූ tools රාශියක් තිබීම.
# පරිශීලක මිතුරු බව වැඩිකර තිබීම.
# ඕනෑම වර්ගයක මීඩියා ෆයිල්ස් ධාවනය කල හැකි වීම.
අවාසි:
# මෙහි වෙළඳ සංස්කරණයක් පවතින අතර එයට ලබාදෙන සමහර ගුණාංග නිදහස් සංස්කරණයේ අඩංගු නොවීම.
# සමහර ආරක්ෂක අඩුපාඩුකම් පැවතීම. නමුත් අන් ඩිස්ට්‍රෝ හා සැසඳීමේදී කරගත හැකි කාර්යන් බොහෝය.
මෙය මා පෞද්ගලිකවද අතහදා බලා ඇත්තෙමි. වැඩිදුර විස්තර දැනගන්න..

2. Ubuntu:
ubuntu
            මේ උබුන්‍ටු කියන නමේ තේරුම "මනුස්සකම (Humanity) "ය. මේ වනවිට 12.4 සංස්කරණය පවතී. ඔක්‍තෝබර් මස නව සංස්කරණය[12.10] කැනෝනිකල්(Canonical) සමාගම විසින් ඉදිරිපත් කරයි. ඔවුන් මේ ආකාරයට වසරකට සංස්කරණ දෙක බැගින් ඉදිරිපත් කරයි. කාලයක් තිස්සේ ජනප්‍රිය වූ කවුරුත් දන්නා ඩිස්ට්‍රෝ එකයි. මෙහි ක්ලවුඩ් සහයද ඇත. දස දහස් ගණන් විවිධ වර්ගයේ මෘදුකාංග මේ ඩිස්ට්‍රෝ එකට ඔබේ අභිමතය අනුව එක් කරගත හැකිය. උබුන්‍ටු ඩිස්ට්‍රෝ එක මෘදුකාංග වල සාරය ගෙන එන බවයි කියන්නේ. පරිගණකයට ස්ථපිත නොකර CD/DVD මාධ්‍යයක සිට උබුන්‍ටු වල හැඩය බලා ගැනීමට පහසුකමක් Live CD ලෙස හඳුන්වා දී ඇත. ග්‍රැ‍ෆික් අතුරුමුහුණත කාටත් පහසු ලෙස වැඩිදියුණු කරමින් ඉදිරියට යයි. සංසකරණයෙන් සංස්කරණයට යම් යම් අලුත් ගුණාංග අතුරුමුහුණතට එක් කරයි. ඒ අතර මෙහි ඇති 3D Desktop Effects වල ආභාසය ගෙන මැක් වැනි වානිජ මෘදුකාංග අතුරුමුහුණත් එක් කර ඇති බව පවසයි. හාඩ්වෙයා උපාංග බොහෝමයක් (Hardware Drivers) සමග සුමටව වැඩ කිරීමට දැන් හැකියාව ඇත. මෙය ජනප්‍රිය වීමට එයද හේතු වී ඇත.
වාසි:
# වානිජ හා නිදහස් සංස්කරණ දෙකටම මහජන දායකත්වය ලැබේ.
# Documentation වල කරුණු පැහැදිලි කර දක්වා ඇති ආකාරය අනුව ඒවායෙහි අඩුපාඩුවක් පෙන්වා දීමට නොහැකි තරම් ය.
අවාසි:
# එහෙත් ප්‍රධාන දෘඩාංග නිපැයුම්කරුවන්ගේ උපාංග වලට අනික්වාට සාපේක්ෂව වැඩි සහයක් දැක්වීම.
# ඩේබියන් සමග පවතින අනුකූලතාවයේ අඩුකම.
වැඩිදුර විස්තර දැනගන්න, හැඩ වැඩ බලගන්න මෙතනින්..